Skip to main content

Posts

Showing posts from 2008

බ්ලොග් .... බ්ලොග්...

බ්ලොග් .... බ්ලොග්.. . අපි බ්ලොග් ලියන්නේ සිංහලෙන් ... අපිට වෙනම සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයක් තියෙනවා... බ්ලොග් කියන ඉංග්‍රිසි වචනෙට ඇත්තටම සිංහල හොඳ තෙරුමක් නැද්ද... නැත්නම් තවදුරටත් බ්ලොග් කියලම ලියනවද... ? මංදා මට නම් මේ ඉංග්‍රීසි වචනේ සිංහලෙන් ලියලා එපාවෙලා.... අපි ඔක්කම සිංහල දන්න එකේ කට්ටියම එකතුවෙලා සිංහල නමක් යෝජනා කරමුද...

සමාදර ආරධනයයි

රංග භූමියක එසේ මෙසේ නොව රාජකීය භූමියක තෙස්තියස්ගේ පරපුරේ ලාබාල එවුන් පුංචි අත්පොඩි ඔසවමින් "රඟබිමින් මනුසත්බවට" පියනගන්නට වෙරදරන හෝරාවට ඇබින්දක් ඇවිත් ඇසිපිය ගහලා යන්න ඒකම ඇති අපිට නියත විවරණ ලබන්නට........ රාජකීය නාට්‍ය සංසදය විසින් සංවිධානය කරනු ලබන " රංගාරණ්‍යය 2008 " නාට්‍යකරණ වැඩමුළුව ප්‍රවීන දේශක මඩුල්ලක මාර්ගෝපදේශකත්වය සහිතව ක්‍රෛස්ථව වර්ෂයෙන් දෙදහස් අටක් වූ දෙසැම්බර් මස දොලොස්වන සිකුරාදා දින එනම් ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය පනස් දෙකක් වූ උඳුවප් මස පුරපසලොස්වක පොහෝ දින පූර්වභාග නමයට රාජකීය විදුහල් සංගම් ශ්‍රවණාගාරයේදී උත්සවශ්‍රීයෙන් සමාරම්භ වන මොහොතට සපැමිණීම පිණිස ඔබට කෙරෙන සමාදර ආරධනයයි........ ඒ වගත් මෙසේම........................

සාපේක්ෂතාවය...

සුන්දරත්වය... ඇතිකරන ප්‍රියමනප බව හා සතුට ගෙම්බෙකුගෙන් අසන්න.. විශාල රවුම් ඇස් දෙකක්, විශාල පැතලි හොම්බක්, දුඹුරු පැහැ පිටුපසක්... ඌ කියනු ඇත... අප්‍රිකාවේ ම්ලේඡයෙකුට නම්.. කළු පැහැ දෙතොල්, තෙල් සමක්, ගිලාබැසි දෑස් හා පැතලි නාසයක්.... සුන්දරත්වය වනු ඇත... යක්ෂයාගෙන් අසන්න.... අං යුවලක්, දිගු නිය හා වල්ගයක් යැයි හේ කියනු ඇත.... දාර්ශනිකයෙක්ගෙන් එය ඇසුවහොත්... ඔල්මොරොන්දම් වාගාඩම්බරයක් කියවනු ඇත.... ජපානයේ සුන්දර දෑ රෝමයේ අසුන්දර වේ.... ප්‍රංශයේ සුන්දර දෑ ජපානයේ අසංවර වේ... මට සුන්දර දෑ මිත්තණියට අසංවර වේ.... ඉදින්.... පුදුම නොයේද....? සුන්දරත්වයේ සාපේක්ෂතාවය.... ( වොල්තෙයාර් )

මිතුර නුඹ වෙනුවෙන්...

නුඹේ නමින් බැඳි ආලය... මගේ හදින් මැකෙන තුරා.. මගේ සිතේ ඇති තනිකම දුරින් දුරට ඇදෙන තුරා.... සිනසෙන්න ඇති අයිතිය නැවතත් මට ලැබෙන තුරා.... බලා හිඳිමි ආලය නුඹ යලි මා වෙත වඩින තුරා...

වීසා නැද්ද...

පිටරට ගොස් කට්ටි පැන අතරමං වන යෞවනය "මිල්ල සොයා" තුලින් අපි අත්වින්දෙමු... ප්‍රවෘත්ති තුලින් අපි මෙවැනි කතා දහස් වරක් අසා ඇත්තෙමු... දැක ඇත්තෙමු... "මචං" ඔවුනගේ සැඟවුන කතාවයි... පුරා පැය 2ක් ඇහිපිල්ලමක පමාව පවා පසුතවිල්ලකට හේතුවන සිද්ධි දාමයක් අවසානයේ එකම අර්මුනක් කරා මෙහෙයවෙන සිනමා රූපයක් ලෙස "මචං" ට මම දෑතම ඔසවා මනාපය ප්‍රකාශ කරන්නේ එබැවිනි... "මචං" ලාංකිකයින් ඇමතිය යුතු ආකාරයට ඔවුන්ව අමතා ඇත. අපේ හදවතේ වදින තැනට හරියාකාරව පහර එල්ල කිරීමට සමත්ව ඇත. "මිල්ල සොයා" වුවද එම කාර්යයෙහිලා "මචං"ට සාපේක්ෂව දක්වනුයේ පසුගාමීත්වයකි... "මචං" සිනමා ශාලාවෙන් එපිටදීත් ප්‍රෙක්ෂකයා හට සිතන්නට යමක් ඉතිරි කර ඇත්තේ එබැවිනි.. "මට මේ ජර්සිය මහ බරක් වගේ දැනුනා බං" ස්ටැන්ලි ශ්‍රී ලාංකිකයෙකි.. ස්ටැන්ලි ලංකාව හැර යන්නෙ කරන්න දෙයක් නැති කමටය.. එහෙව් ස්ටැන්ලිලා තරඟා වලියෙන් පැන නොගොස් දිගින් දිගට තරඟ වදිනුයේ ඔවුන් තුල පවතින ලාංකීයත්වය නිසාය... ඇත්තට

බත් හැලිය ඉදෙනකම්....

පොඩ්ඩ ඇති.. රිදෙයි.. නුඹ සිනිඳු පා යුගල... පොඩ්ඩ ඇති.. රතුවෙයි... නුඹ සොඳුරු.. සුදු මුහුණ.... පොඩ්ඩ වුව... මට ඇතිය... සුන්දර... නුඹේ ආදරය ...

හැඳි... ගෑරුප්පු...

සාමාන්‍ය පෙල කරන කාලෙ වගේ ආතල් කාලයක් ආයි ජීවිතේට එන්නෙ නෑ... ඒක එහෙම වෙන්න නේවාසිකාගාරය සෑහෙන දායකත්වයක් දැක්වූවා කිව්වොත් හරි..... අපි තමා ශිෂ්‍ය නායකයො හැරුනාම නේවාසිකාගාරයේ ඉන්න ජ්‍යෙෂ්ඨයෝ... ඒ හින්දා සෑහෙන වගකීමක් කරපිට තියාගෙන ඉන්නෙ... කලින් යටගිය දවස්වල සමහර දේවල් කියලත් ඇති... නේවාසිකාගාරයේ විප්ලවවාදීන් කියලා ප්‍රසිද්ද 21 කල්ලිය හෙවත් 10,11 වසර දෙක.. ඔය වසර දෙකේ තිබුනෙ පුදුමාකාර බැඳීමක්. ඒක නිස පාසලේ වුනත් සෑහෙන තැනක් අපිට තිබුනා... කවුරුත් වැඩිය සද්ද දාන්න ආවේ නෑ... ඔතනිනුත් වඩිපුර ගරුත්වයක් තිබුනෙ 11 වසරට.. ශිෂ්‍ය නායකයින්ටවත් ඒ තත්වය තිබුනේ නෑ... ඕකට හේතුවන මූලික හේතු 3ක් තිබුනා.. 1. සාමාන්‍යයෙන් නේවාසිකාගාරයේ පාඩම් කිරීමට කාලඡේද 2ක් වෙන්වී තිබුනා.. ඔය කාලය ඇතුලත ශිෂ්‍ය නායකයෙක් මුරට ඉන්නවා.. ඔය නිසා කතාව තහනම් වගේම නවකතා කියවීමත් තහනම්.. 11 වසරට ශිෂ්‍ය නායකයෙක් ඉන්නෙ නෑ. හිටියොත් ඉවරයි.. 2. කෑම ශාලාවේ පොලිමේ ඉන්නකොට ත් 11 වසර පොලිමෙ ඉන්නෙ නැතුව කෑම ශාලවේ අමතර දොරින් අතුලට යන තම සිද්ද වෙන්නෙ.. ඉතින් ඔය නිසා මහා ප්‍රතිරූපය

අමිත...

අමිල... පුංචි කාලේ මගෙ එහ පැත්තේ හිටපු අමිල... මට මතකයි.. ගාමිණී දිසනායක ඡන්දෙ ඉල්ලනකොට මාත් එක්ක ඉස්කෝලෙ ජනාධිපතිවරනය කරලා අනික් පැත්තෙන් ඡන්දෙ ඉල්ලපු අමිල.. කරුමෙට විභාගයක් පාස් වෙලා ගෙන්දගම් පොලවේ පස් පාගපු හින්දා ... මගෙන් ටිකක් ඈත් වුන අමිල.... ආයි මාත් එක්ක එකතු වෙලා උසස් පෙල කරපු අමිල.. ක්ලාස් එකෙ තාප්පෙන් පැනලා මාත් එක්ක ඇලේ නාන්න ගිය අමිල... මට මතකයි..... අපේ ගෙදර පන්තියේ ඉදන් රෑ එලිවෙනකල් බෝල්ට්ස්මාන්, මැක්ස්වෙල්ට, කර්චොෆ්ට, අමු කුණුහරුපෙන් මාත් එක්ක බැනපු අමිල... හිටපු ගමන් මොරකැටියේ අමිත වුන අමිල.... සුණාමිය බලන්න මාත් එක්ක ගිය අමිල... කොහොම එපා වුනාද උඹට ගිහිගෙය... මාත් දැකපුවා නොවෙද...උඹත් දැක්කෙ... මලකඩ කාපු උඹේ කැරලි කෙස් කැපුවෙ මම විහිලු කල නිසාද..? සමාවෙයන්...මට.... වැද කකුල් දෙක අල්ලා... හංගා ගත්තා වැටන්න ගිය කදුලු... නුඹ.... මද සිනාවෙන් කොහොම ඉවසනවාද..? අනේ මම මොනා කියලා කතා කරන්නද නුඹත් එක්ක... හාමුදුරුවනේ.. අමිත...

සීතල හලාවත..

පම්බල කලපුව උඩින් පහුර හිමීට ඇදිලා යන්නේ හරියට කලපුවට රිදෙයි කියලා වගේ... රතුවෙලා තියෙන අකාසෙන් ඉර හැ5ගෙන්න හදන්නෙ අපිත් එක්ක තරහා වෙලා වගේ... මුලු පහුරම ගොම්මනේ ලස්සනට වශීවෙලා පහුරම නිහඩයි ඉදහිට හබල් සද්දයක් අහෙන්නෙ ඒ නිහඩතාවය බිදිමින්... නත්තලට මුලු හලාවතම සැරසිලා... මුලු කලපුවම රතුපාටට දිලිසෙන්නෙ පම්බල කලපුවත් නත්තලේ අසිරිය අපිට පෙන්නන්න වගේ... කම්මැලි වෙලා පාරට එනකොට 10 පහුවුනා විතරයි... හද පේන්න නෑ... අමාවක වෙන්න ඇති... එදා මට කමති වුනා නම් මට අද නත්තල්නේ... මම ඇන තියාගෙන කල්පනා කලේ... සිද්ද වුන දේ ගැන... හීතල හුලගක් සැරින්සරේ හමාගෙන යන්නෙ මේ සීත කාලය කියල පෙන්නලා දෙන්න හදනවා වගේ... කොහොමහරි කැමතිකරගන්නවා.. මම ගලක් අහුලගෙන ලග පොල් ගහට ගැහුවෙ වදී කියලා හිතාගෙන... ඒක වැදුනෙත් නෑ... " ආ මූ මෙතන " සද්දෙන් මම පියවි ලෝකෙට අවේ මම ඉන්නේ හලාවත කියලා මතක් වෙනවත් එක්කම වගේ... සීතල එන්න එන්න වැඩිවෙනවා... "යකාගෙ හීතලක්" ලග පොල් අත්තකට ගිනිකූරක් ගහුවේ හීතල වැඩිවුන හින්දා වෙන්නැති... ගිනිමැලේ වටේ ඉදගෙන සින්දුව ඉවරවෙනකොට කොලඹ පැත්තෙන් එලිය වැටීගෙන එනවා... කාමරෙන් එලියට ඇ

රති කෙලිය....

අන්තිම පෙළ යාබද අසුනේ.... රතී වීමට තැත් දරන ඈ ... අසුන යහන කොට.... ඔහු හා රගන විසූක දැක... අනෙක් පස විශාඛාවන් .... අසුනින් නැගිට ගිය සද.... ප්‍රජාපතී තොමෝ ... දුන් ඔවදන් අසා... සිනාසුනි දෙපලම..... අහෝ..... !

වැරදීම...

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය හිස එසවුන තවත් සාධකයක් විවේකී සති අන්තයේ අත්දැකීමට ලැබීම පූරුවේ වාසනාවක්... කවුරු කොහොම බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාදින් අර්ථ දැක්වුවත්... අධිරජ්‍යවාධින් යන්නෙහි නියම තේරුම මට වැටහුනේ මේ චිත්‍රපටය නැරඹූ පසුව කියලා කිව්වොත් හරි... චිත්‍රපටය Indiana Jones and the Temple of Dhoom අධ්‍යක්ෂණය ඔස්කාර් සම්මානලාභී ස්ටීවන් ස්පිල්බර්ග්...මීට ලංකාවේ ජනකාන්ත නලු නිලියන් රාශියක් රංගනයෙන් දායක වෙනවා.... අධ්‍යක්ෂකගේ හෝ තිර රචකයාගේ බලපොරොත්තුව කුමක් වූවද ආසියාතිකයෙක් වශයෙන් නම් මෙය නරඹනකොට අතිවන්නේ පිලිකුලක් මිශ්‍ර වුන කෝපයක්.... චිත්‍රපටය වර්ණනාවට හෝ විවේචනයට තරම් කලත්මක ඇසක් නැති නමුත් එහි සමහර සිද්ධින් හා සබැදුන අරමුණු පිලිබද තර්කයක් ගොඩනැගීමට ඇවැසිය..... පුරා පැය 1 1/2 තුල දිවෙන චිත්‍රපටයට පාදක වී ඇත්තේ 1935 වසර තුල ඉන්දියාවේ සිදුවුන ඉතා සරල වික්‍රමාන්විත ක්‍රියාවලියක්... ඒ පිලිබද තර්කයක් නොමැති වූවද එම ප්‍රස්තුතය සාක්ෂාත් කිරීමෙහිලා ඒ හා සබැදුන සිද්ධීන් පිලිබද තර්කයක් අසියාතික නරඹන්නා තුල ඇතිවනු නොඅනුමානය... ලාංකීය නරඹන්නා පුදුමයට පත්

විවාහය...

රැලේ ගිය මී හරක්... කරත්තෙක කොටු කරන්... ගැලේ ඉදගෙන අදින... නාස් ලනුවකි විවාහය..

වලහා බිම....

හරියටම ඉස්කෝලෙ දිග කලිසම් අදින්න අවුරුද්දකට කලින්... ඒ කියන්නෙ 9 වසරෙ.... ඕක තමා නේවසිකගරයේ "ජිල්මාට්" වැඩ වලට පුරුදු කරවන වයස.... හැම අවුරුද්දෙම 11 වසර තමා ඕකෙ ප්‍රමුඛත්වය ගන්නේ... අපරාදේ කියන්න බෑ හැම අවුරුද්දෙම ගානට යුතුකම් ඉටුකෙරෙනවා.... රෑ 9ට විතර අයියලාගෙන් 6 දෙනෙක්ට විතර නියෝගය නිකුත් වෙනවා... අදාල පිරිස රෑ 12 වෙනකොට වැඩේට සූදානම්.... 12 වෙනකොට අදගෙන හිටපු සරමෙන් කොට කලිසමට මාරුවෙලා පොල්ගස් යාය පත්තට යන්න ඕනි ( යාය කිව්වට හැමතනම පොල්ගස් )විදහල්පති නිලනිවස තියෙන්නෙත් ඔය කිට්ටුව. සික්කො ( වැරදියට ගන්න එපා... ඒ මිනිස්සුත් රස්සවනෙ කරන්නෙ ) හැමතැනම මුර සංචාරයේ.. සෑහෙන අමාරු වැඩක්.... ඒකනෙ අවුරුදු 2ක් පුහුනුවීම් කරවන්නේ... අදාල උපකරන තියෙන්නෙ අපි ගාව ( පොඩි එවුන්ගෙ වැඩේ කොතනත් බඩු ගෙනියන එකනෙ ) ඇද ඇතිරිල්ලයි... කුරුම්බා ඉන්නයි... දවල්ට ඔත්තු සේවයෙ යනකොට හොද ගහක් දෙකක් හොය ගන්න ඕනි... අතුලෙ ඉන්න අපිට ඕවත් වැඩද...!

පුංචි එංගලන්තය..

සීතල උදුවප් මාසේ පුංචි එංගලන්තය තවත් සීතල වෙලා වගේ. තනියම කල්පනා කරනකොට මට හිතුනා.. රැහැයියන්ගේ සද්දේ එකපාරට අහෙන්න ගත්තේ හරියට මෙච්චර වෙලා අතරමං වෙලා හිටපු හිටපු හීන ලෝකෙන් එලියට ආව කියලා මට කියන්න හදනවා වගේ.... සලං බලං සද්දේ අහෙන්නේ කුස්සිය පැත්තෙන් උයන්න ලැස්ති වෙනවද කොහෙද... මම ඒ පැත්තට ගියේ දැන් දැන් මට කතා කරයි කියලා හිතුන හින්ද වෙන්න ඇති.. සින්දු කියලා ඉවරවෙනකොට රෑ 12 පහුවුනා විතරයි.තව හෝරා 6-7 කින් ඉරත් පායයි. තවත් අලුත් දවසක් නේද? මම ජංගම දුරකතනය අතට අරගෙන කල්පනා කලේ ඇයගේ අංකයට හමදාම ගන්න ඇමතුම අදත් ගන්න ගමන්.. ඈ හා දොඩමලු වෙන්න අදහසක් හිතේ කොනක හිරකරගෙන හිටියත් මට "හලෝ" කියන අකුරු දෙක ඇහුනේ නෑ.. නින්ද ගිහින් වෙන්න ඇති... මම තරු දිහා බලාගෙන තරු යා කරන්න හැදුවා. හත්දින්නත් තරු පොකුර ලග රතුපාට තරුවක් මැදිකරගෙන තරු දෙකක් දිලිසෙනවා. මම තරු අතර ඇගේ රුව අදින්න බොලද උත්සාහයක් ගත්තා.. ආයෙත් කතා කරනවද....? අවදි වුනොත් පව්.... කියල හිතුනු හින්දා මම ජංගම දුරකතනය පපුවට තුරුලු කරගෙන බංකුව උඩ ඇලවුනා.. එකපා

ඉස්සීම..

හරියටම වෙලාව රෑ 12 ට විතර ඇති. පෝය කිට්ටු හින්දා හද පිරෙන්න පායලා. o/l වලට පඩම් කර කර හිට්යේ එකපාර කාමරේ අදුරු වුනා. හෙමින් හිමින් අඩිය තිය තිය කිට්ටු කලේ අපේ නිදන කමරේ දිහාට. ලගම ඇද...... නිදගෙන හිටියේ දඩයක්කාරයා. (ඇත්ත නම කියන්න බෑ) .. හතර දෙනෙක් ඇදේ මුලු හතරට කිට්ටු කලා. හෙමින් හෙමින් ඇද ඉස්සෙන්න පටන් ගත්තා.. එකපාර දඩයක්කාරයා හා..... ගාලා අනික් පැත්ත හැරුනා..... බයවුනු තරමක්..... තව ටිකෙන් ඇද බිම...... යන්තම් ඇද උස්සගෙන එලියට එන්න පටන් ගත්තා. මීටර 2ක් ගියේ නෑ.... එකපාර දඩයක්කාරයාගේ ඔලුව ඉස්සුනා.. කොන් හතරෙන් එකපාර උඩ ගිය ඇද දඩා ගාලා බිම..... මට යන එන ම නෑ. පැත්තක දඩයක්කාරයා හෝදන්න දාලා තිබුනු තුවාය පත්තක එල්ලලා තිබුනා.. මම බයටම ඒ පත්තට ඇදුනා. "උඹ මොකද..?" එකපාරට තුවය අතට ගත්ත මම මූණ පිහිදාන ගමන් " මූන හෝදන්න ගියා මම මේ උඹේ තුවයෙන් මූන ටිකක් පිහිදාගන්න අවෙ..." ඒක තුවායක් නෙමෙයි කුනුගොඩක්..... ගද ඉවසන්න බෑ.. මොනා කියලා කරන්නද... ? එතකොටම කවුද මගේ කකුලෙන් ඇල්ලුවා.. මලා...... භාෂි.... ඌ දඩය

වෙනසක්...

මම හෝඩිපොත කියෙව්වෙත් ඉස්කොලෙන්. ඉස්කොලෙ හැමදම දැකපු මුහුනු අතරේ අවුරුදු ගානක් ගෙවිල ගියේ දන්නෙම නැතුව.අපි කොල්ලො විතරක් හිටපු නිසා ජීවිතේ ගෙවුනෙ පුදුම විනොදෙන්.. කිසිම බරක් නති නිදහස් ජීවිතයක්..... පන්තියේ සර්ගෙන් බනුම් ඇහීම හරිම සරලයි. දණගහගෙන ඉන්න එක, වේවැල් පාරක් කන එක අසවෙන් කරන වැඩක්.. හැබයි.... සරසවියෙනම් ඊට වඩා වෙනස්.... ගෑණු ලමයි ඉන්න නිස දේශනයක් අස්සෙ නින්ද ගිහින් දවස් අහුවුනාම විලිලැජ්ජයි... මේ එක දෙයක් විතරයි තව දෙවල් අනන්තවත්.... මතක් වෙන විදිහට මේව මම දියත් කුලෙත් එක්ක බෙදගන්නවා..... සත්තයි........! අදට නවතින්නම්........ ජය..... !

කෙරුවාව.....

ලෝකය කියන්නේ විවිධ ජාතින්ගෙන් විවිධ ආගම්වලින් සෑදුන විවිධ ජන කොඨ්ඨාශ වලින් සෑදුන ජීවී ලෝකයක්. අන්තර්ජාලයෙන් ගෝලීයකරනය, යටතේ ලෝකයම විශ්ව ගම්මානයක් කරන බව තම හමෝම කතා වෙන්නේ. මම නම් ඕවා දන්නේ නෑ..... එහෙම විශ්ව ගම්මානයක් හැදුන දවසක මිනිස්සු මේ විදිහට ගහ මර ගන්නේ නැතිවෙයි.. එදාට ලෝකය කියන ගම්මානයේ මිනිස්සු එකට එකතු වෙලා ඉදී.. උස් කුල පහත් කුල නැතිවෙයි. ඒකට පලවෙනි අඩිය මම තියන්නම් අපි අපෙ දේවල් බෙදගමු "දියත් කුලේ අපි" දියත් කුලයට අයිති සැමට පිලිගන්වෙන වගයි.....

මුලකුර.....

තාම Blog එකේ මුලකුර කියවන්න පටන් ගත්තා විතරයි. ලියන්න ‍දේවල් නම් අනන්තවත් තියෙනවා.. ටික ටික පුලුවන් විදිහට ලියලා බලමු.. දන් පටන් ගත්තානේ දැනට ඒ ඇති...... ජය..