Skip to main content

Posts

Showing posts from 2010

ආරුගම්බේ වෙරල තාමත් රැළි නගනු ඈතට පෙනේ....

"මහත්තයා මේ මගේ නංගි නන්දා.." විමලෙ අංකල් අසල හිටපු කාන්තාව පෙන්වා පැවසීය.. මම ඇයට මද සිනාවක් එල්ල කලෙමි.. "මහත්තයල කනවානම් පොතුවිල් වලට යන්න මෙහේ කඩවල කෑම ටිකයි දෙන්නෙ.. මහත්තයාලට නම් මදිවෙයි.." බදුල්ලේ නැන්දාගෙ ඌරුවට සමාන ඌරුවකින් ඇය පැවසන විට මම ඇය දෙස බැලීමි.. ඇය නමින් නන්දාය. වයස අවුරුදු 38 පමණ විය හැක. ගම්පෙරලියේ නන්දාට වඩා රූමත්කමින් අඩුය.. ඇය කළුය මහතය.. ඇගේ දෙතොල් දෙකෙලවරින් බුලත් කෙල බේරී ඇති බවට ලකුණු ඇත.. "එහෙනම් මම යන්නම් අයියේ..." කුඩයත් පන් මල්ලත් අතට ගෙන අසුනින් නැගිට්ටාය.. "යන්නම් මහත්තයා..."  ආචාරශීලී සිනාවක් සමග ඇයගේ සමුගැනීම සටහන් වුනේ එලෙසිනි.. මම මද සිනාවකින් ඇයට ප්‍රති උත්තර දුනිමි... විමලෙ අංකල් ඇය ඈතට යනතුරු බලා සිටියේය.            අපේ තාවකාලික නවාතැනේ භාරකරු විමලේ අංකල්ය.. දීර්ඝකාලයක් තුල දෙමල කතාකිරීම නිසාදෝ ඔහු කතාකරන විටදී මද වෙනස්කමක් ශ්‍රවණය වේ. කතාකරන අතරතුර අසාමාන්‍ය ලෙස බෙල්ලේ ගැස්සීමක් ඇත. එය රූපවාහිනියේ කතාවල අණ්ඩපාලයින් හා මෝඩයින් ගේ ලක්ෂණයක් ලෙස උලුප්පා දක්වන බෙල්ලේ ගැස්සීමට සමානය.. ඒවාට පින්සිද්ද වන්නට

ජේසු පිහිටයි...!

පෙර ලියමි මගේ මුදල් පසුම්බිය අයිතිකරුවා සොයාගත් පසුව මට හදිසියේ දුරකථන ඇමතුමක් ලැබුනි.. ඇමතුම දුන් පුද්ගලයා නම ගම නොපැවසූ අතර ඔහු මගේ පසුම්බිය හමුවුන බවක් පැවසීය. මම මගේ නවාතැනේ ලිපිනය ඔහුට ලබාදුනි.. පසුගිය සිකුරාදා ලියාපදිංචි තැපෑලෙන් මට ලිපියක් ලැබුන අතර එහි මුද්දර ගසා තිබුනි. එහි මගේ පසුම්බියේ වූ සියළු දෑ පැවතුන අතර පහත ලියුමද ඒතුල තිබී මට හමුවුනි. අදාල පුද්ගලයාට ගෞරවයක් ලෙස මම මෙය පලකරමි...  ලසිත සොයුර, ඔබගේ නැතිවූ සියළු දෑ මෙහි ඇත්දැයි මම නොදනිමි. නමුත් මට හමුවූ සියල්ල මෙම ලිපිය සමග ඔබවෙත එවා ඇත්තෙමි. තවද කිවයුත්තක් ඇත. ඔබ විසින් ඔබගේ අත්‍යාවශ්‍ය වටිනාදෑ කෙරෙහි මින් මතුවටත් මෙයට වඩා සැලකිලිමත් වුවහොත් එය ඔබගේ ජීවිතයට ලොකු පිටුවහලක් වනු ඇත. මමද රියදුරු රැකියාවෙන් දුකසේ ජීවිතය ගෙවන්නෙක්මි. මගේ ඇසක ආබාධයක් හේතුවෙන් එයට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී පදික වේදිකාවේ අඳුරු මුල්ලක විසිරී තිබුනු මෙහි අඩංගුදේ දැක ඒ සියල්ල මා අහුලාගත්තෙමි. මම හොඳ කිතුනු බැතිමතෙකි. වෙන අයෙකුට  මේවා ලැබුනේ  නම් කුමන තත්වයක් උදාවේදැයි සිතාගැනීමට පවා අසීරුය. ඔබ හමුවී මේවා බාරදීමට සිත්වුවත් ඉන් අනවශ්

නමුත් එය එසේ සිදුවී ඇත

මගේ පසුම්බියට තවත් අයිතිකරුවෙකු සිට ඇත. රියදුරු බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත එකට රැගෙන ගොස් දෙකම අන්තරාස්දාන විය. මම එය නොකල යුතුව තිබුනි. එහෙත් එය එසේ සිදුවුනි. වැදගත් කොම්පැනියක සම්මුඛ පරීක්ෂණයකදී  ගොන් උත්තරයක් දී  රස්සාව නැතිවී ගියේය. මම එය නොකල යුතුව තිබුනි. එහෙත් එය එසේ සිදුවුනි. එම් පී  ත්‍රී ප්ලේයරද ආගිය අතක් නැත. අමතකව කොහේ හෝ දමා ගොස් ඇත. මම සිහිකල්පනාවෙන් වැඩ කල යුතුව තිබුනි. එහෙත් එය එසේ සිදුවුනි. අළුතින් ගත් සපත්තු දෙකට කකුල පතුරු ගොස් ඇත. සපත්තු දෙක මිලට නොගත යුතුව තිබුනි. එහෙත් එය එසේ සිදුවුනි. ඇයට මංගල යෝජනාවක් පැමිණ ඇත. ඇය ඔහුට කැමතිය. මම ඇයට කැමති නොවී සිටියා නම් යැයි මට සිතුනි. දුකක් දැනේ.. නමුත් එය එසේ සිදුවී ඇත...

ප්‍රකාශ විද්‍යාව.

උඩුකුරු වස්තුවට වඩා විශාල වෙලා තිබුන ප්‍රතිබිම්බයක.. ආදරය කියලා අකුරු හතරක් මකුලු දැල් කඩලා එලියට ගන්න කොට පාර්ශ්වික අපවර්තනය වෙච්ච වස්තුවට වඩා කුඩා යටිකුරු අකුරු හතරක් එක්ක තවත් සෙල්ලම් කරන්න  බෑ කියලා තේරෙන්න ගත්තා.... සොරි....

අන්තිමට බස් එක ඉදිරියට ඇදෙන්නට විය.

හැම උදේම අලකාලයි, පරප්පු කාලයි කන්න පෙට්ටි කඩේට ගොඩ වැදුනත් බාලා අයියා නැති දවසක ඇරෙන්න බාලා අයියා නැති අඩුව පෙට්ටි කඩේට එන අපිට දැනුනානම් දැනුනේ බාලා අයියා පාන් වල බටර් ගාන්න ගිය වෙලාවෙ කුමාර තට්ටුවට ආවොත් විතරයි කියලා කිව්වොත් හරියටම හරි. ඒ වගේ දවසක ඉඳලා හිටලා බාලා ලඟට කිට්ටු කරන දෙන්නෙක් තුන්දෙනෙක් “බාලා තට්ටුවට යනවකෝ“ කියලා නොකියනවාත් නෙමෙයි. ඒත් බාලා අයියා කවදාවත් බටර් ගාන එක දාලා තට්ටුවට ඇවිත් නම් නෑ. බාලා අයියා සිංහල හොඳට පුළුවන් දෙමලෙක් ඒත් බාලා තරම් සිංහල මිනිස්සු මම ආශ්‍රය කරලා නෑ අනික බාලා අයියාගෙයි මගෙයි සිංහල කතාකිරිල්ල බලලා දෙමලා කවුද ඇහුවොත් කවුරුහරි මගේ දිහාට ඇඟිල්ල දික්කලත් මම පුදුම වෙන්නෙත් නෑ..          වෙලාව හවස 7වෙන්න ඇති.. රාජගිරියේ හෝල්ට් එකේ ඉඳන් ඈත පේන පාර කෙලවර දිහා 174 බස් එකක් මතුවෙනකම් බලාගෙන හිටියේ වෙන කරන්න දෙයක් නැති කමට. මම ජීවිතේ වැඩිපුරම බලාගෙන ඉන්න ඇත්තේ ෆයිල් ඩවුන්ලෝඩ් වනකනුයි මේ ජරා බස් එනකනුයි වෙන්න ඇති. ඒ වෙලාව මම ඉතුරුකරගත්තානම් මට කරන්න තියෙන වැඩ මොනවද කියලා මම කල්පනා කලා. එහෙනම් මට රටට වැඩදායක පුරවැසියෙක් වෙන්නත් තිබුනදත් මන්දා.. වාසනාවට මම ව

අනේ මහතුනේ පිනට යමක්..

මැහැල්ලකි... අයැදීය අනේ මහතුනේ පිනට යමක්.. වැටේද..? ඉඳහිටවත් මුදලක් අතරැඳි බඳුනට... ජසිරි බෝමැඩට යන මල් දෝතක් පුරවා සුන්දර දේහමත වැජඹුන විතරාගය මුසුවූ දෑත් දිගුවූයේද...? ඈ වෙත කරුණාවෙන්... ශ්‍රද්ධාව උතුරා යන කාන්තිමත් දෙනෙත් බැලුවේද...? ඈ දෙස අනුකම්පාවෙන්... සනාතන දම් තෙපලූ  රත් පැහැ දෙතොල්.. විවරවීද ඈ හට මෘදුව... දැන දැනම එය අයැදීය ඈ... ‘අනේ මහතුනේ පිනට යමක්‘

අවාසනාවට මට හඬන්නට නොහැකි විය..

දකුණු පැත්තේ උරහිසින් පහලට වැටුන මගේ සයිඩ් බෑගය කලවේ වැදීමෙන් තිබුන කරදරය මගහරවා ගැනීමට මම බෑගයේ පටිය මහපටැඟිල්ලෙන් ඔසවා නැවත උරහිසට දමාගතිමි. බස්ර‍ථයේ රියදුරු මම බලාපොරොත්තු වූවාට වඩා කලින් මාව ඇරලවා ඇත. "දමිත් ර‍ණවක" පොන්ටින් කට් එකක් එක්ක ලාවට කෘන්තක දත් දෙකක් පේන්න හිනාවෙලා ඉන්න මූ‍ණ පැත්තෙන් අවමංගලා‍ධාර සමිතියේ නිවන් සැ‍ප ලැබේවා යන වචන තුන කළුපාටින් ඇඳ තිබුනි. "මාත් එක්කම ලයිෂන් එක ගන්නකොට ගත්තු පොටෝ එක..." මම හිතේ තිබුන ‍ඡායාරූපය සමග බැනරයේ තිබුන ඡායාරූපය සංසන්දනය කර අදහස ස්‍ථිර කර ගතිමි.‍ "නෙළුව හන්දියේ ඉඳන් කිලෝමීටර එක හමාරක් විතර ආවම නන්ද ස්ටෝර්ස් කියලා කඩයක් ඇති අයියා එතන ඉස්සරහ පාරෙන් පල්ලෙහාට බහින්න." දමියා ගෙන් මම අසාගත යුතුව තිබූ මාර්ග සලකුණු මට නවෝදා නංගිගෙන් අසා ගැනීමට සිදුවී තිබුනි . මම ජීවිතේ පලවෙනි සිගරට් එක බිව්වේ දමියා සමගය. එදා දමියා කහිනු දැක සිනාසුනු මගේ සිගරට් එක නිවුනේ මම කබරයෙකු දැමීමත් සමගය. "තනියම සිගරට් බොන්න එපා බං බොන එකක් මාත් එක්ක බීපං සිගරට් බොන එකේ ඩයලොග් එක රසවිඳපන්. තනියම බිව්වත් තමන් එක්ක හරි කතා කර කර බ

අළුත්ම කලාපය නිකුත්වුනා..

තවමත් මම ජීවතුන් අතර...

හුස්මක් කටක් ගන්නට බැරුව හිරවුන.. පෙනහළු පිරෙන්න ඇද්ද නිකොටින් එක්ක ගිනි ඇවිලිලා දැවිල්ල ගත්තු ආමා‍ශය.. නිවෙන්න බීපු ගිනිවතුරෙන් මත්වෙලා ක‍ණ්නාඩියට මූණ හංගන්න වවාගත්තු රැවුලට පින්සිද්ද වෙන්න.. හෝදන්න හිතුන නැති කපු කමිසයත්.. පට්ට ගැහිච්ච ඩෙනිමක් ඇඳන් යන‍ මට අනුකම්පා කරපු... කාණු පල්ලේ ප්‍රේමය....!   තවමත් මම ජීවතුන් අතර....

මංසල පැමිණීය අප හට වෙන්වෙන්ට

කිරි පිරි කලේකට නූඹ පෙම්          කෙරුවාම ඒ කිරි කලේ ගොම බිඳ නුඹ               දුටුවාම ඒ කිරිවලින් මම කිරි පිඬු                  පිසුවාම අපුලක් දැනේ නුඹහට එය                කෑවාම ආගිය මගේ තවමත් උණුහුමට                  රැඳී පියසටහන් මග යන එන විටදි            පෙනේ අප රැඳුනු තැන්හි නුඹ රුව ඇත තවම       ඇඳී ඒ රුව තවම මා ලඟ හිඳ දොඩනු            දැනේ මට නැති කලට මට නැති දේ                දුන්නාට ඒ ණය තවම මා සිත තුල                      රැඳුනාට දෙදෙනා දෑත් බැඳ පියමං                  කෙරුවාට මංසල පැමිණීය අප හට                වෙන්වෙන්ට

එය සිදුවිය යුතුව තිබුනි....!

එය එතරම් අසීරු යැයි එය සිදුවනතුරු මම දැනගෙන සිටියේ නැත. එය සිදුවිය යුතුව තිබුනි. නමුත් අප දෙදෙනාගෙන් එකෙකු හෝ එය භාරගන්නට සූදානම් නොවීය. අවසානයේ එය සිදුවී ඇත...! ජීවිතය නම් වූ නවකථාව තුල දෑවුරුද්දක පරිඡේදයක්  අවසාන වී ඇත. කතන්දර ගොඩක් මැද්දෙ හමුවූ දෙන්නෙක්  කතන්දර ගොඩක් මැද වෙන්වී ගොසින්ය සියල්ල අනාගතයට බාරදී අත පිහිදාගන්නට ආත්මාර්ථකාමී ආසාවක් හිතට ආවත් එය සිදුකිරීම එතරම් පහසුනම් මම එය දැනටමත් අහවර කොට හමාරය.  කතාන්දරය නිල වශයෙන්ම අවසන්ය. අවසානයේ මම පිදුම වෙනස් කරමි.... "මගේ අතේ එල්ලී මගේ කණ් ගොඩ කරපු දම්මිනීට.."  පින්තූරය අහක් කිරීමට තරම් මම මුග්ධයෙකු වී නැත.  එහෙත් දවසක එයද ඉවත් කිරීමට සිදුවනු ඇත..  ආදරය කියන සූදුවෙන් මම පැරදී ඇත.. මම ලඟ තුරුම්පු අවසන් වී තිබුනි... එය සිදුවිය යුතුව තිබුනි....!

ඩබල් ඇඳක සින්ගල් හිතක්...!

මිරිඟුවක්වත් නැති කතරක  වෙන්දේසියේ තැබූ හදවතක් එක්ක... අඳ ගොළු බිහිරි , නැට්ටෙන් කණපිට ගැහුණු , කවන්ධයක් තුල... විසාලා මහනුවර , පිපාසාවෙන් මියයන... අනෝරා වැසි ඇදවැටී , ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, කලාකරුවන්, පාදඩයින්, දියපහරින් වැසිකිලි වලට සේදී යන... මදුරුවොත් ඇවිදින්, නක්කලේ දාලා යන, ඩබල් ඇඳක සින්ගල් හිතක්...!

මට ඈතින් බාබර් සාප්පුව පෙනුනි...

ගුණේ අයියා මම අන්තිමට දුටුවාට වඩා මහළුව සිටියේය. ඔහුගේ කලින් තිබූ ඉදුනු කෙස්ගස් දෙසීය තුන්සීය දෙදහස තුන්දහස දක්වා වර්ධනය වී තිබුනි. සුපුරුදු පරිදි අසුන් ගන්නා විට යාබද බිත්තියේ දිස්වන සිද්ධාර්ථ කුමරුගේ උත්පත්තිය, ශිල්ප දැක්වීම, සහ සරණ මංගල්‍යය දැක්වෙන වර්ණ සිතුවම් තුනත් එලාර දුටුගැමුණු යුද්ධය දැක්වෙන කළු සුදු සිතුවමත් ඒ අතර පසෙක තිබුන ලාවට හිනාවීගෙන ඉන්න විජය කුමාරතුංගයන්ගේ ඡායාරූපටත් අමතරව අළුතෙන් එක්වූ ලදැරියකගේ පින්තූරයක්ද සෝමේ අයියා ආම්පන්න රැගෙන එනතෙක් මම නිරීක්ෂණය කලෙමි.  "මේ චිත්‍ර කොච්චර පරණද ගුණේ අයියේ" මම පලමු ප්‍රශ්ණය ගුණේ අයියාට යොමුකලෙමි.    ගුණේ අයියා මද සිනාවක් නගාගෙන මගේ කෙස් ජලය හා මිශ්‍ර කරයි... "ඕවා අපේ තාත්ත එකතු කරපු චිත්‍ර වගයක්, කොච්චර පරණද කියලා නම් මම කියන්න දන්නෙ නෑ මහත්තයො" "මොකද්ද මේ අළුතෙන් පින්තූරයක් තියෙන්නෙ" "මහත්තය ඒක දැක්කා නේද? අපේ පොඩි කෙලී ගිය සතියේ පැනලා ගියා, ඒකිව මතක් වෙන්න ඔය ගැහුවේ" ගුණේ අයියාගේ ඒ අදහස් ප්‍රකාශනය කෙතරම් සෘජුව සිදුවුනේදයත් මගේ කන ගුණේ අයියගෙ කතුරට අහුනොවී බේරුනේ ගුණේ අයියගේ දස්

මම ගෙදර ගියෙමි...

                මාර්තු පලමුවැනිදා පුහුණුවට පෙර ගෙදර යාමට අවශ්‍ය නිසාත්, අම්මා ගෙදරට එන පාර ඇඳ ලියුමක් එවීමට ඉඩ ඇති නිසාත් අවසානයේ මම ගෙදර යාමට තීරණය කලෙමි. පුරුද්දක් වශයෙන් ගෙදර යනවිට අත වන ‍වනා යාම සිදුකල නමුත් දම්මිනී විසින් "හඬනු මැන නිදහස" කියවා අහවර කර තිබූ නිසා කොටුවට යාමට 138 ක ගොඩවුන මගේ වැනුන අත් දෙකෙන් එකකට එම පොතද එකතු වී තිබුනි.                  පෙරවදන කොටුව ඉස්ටේසමට යනවිට කියවා අහවරය. එතැන් සිට බස් එකට නගින තුරුත් බස් එකේ වාඩි වී බස් එක අද්දන තුරුත් කොන්දොස්තර මලයා පැමිණ ටිකට් කඩන තුරුත් මම සුනිල් මාධව ප්‍රේමතිලක ලිවූ පෙරවදන හා අද ජීවත් වන ප්‍රේමතිලක සංසන්දනය කරමින් සිටියෙමි. "නිර්මාණයට පසු නිර්මාණකරුවා මියයයි" ප්‍රේම කල යුත්තේ නිර්මාණයට මිස නිර්මාණකරුට නොවේ.. මම කලේ මෝඩ වැඩක්.                    ඇහැරෙන විට අවිස්සාවෙල්ලත් පසුවී පුවක්පිටියට ආසන්න වී තිබුනි. මුල සිට සරලව. මම පලමු පරිඡේදය පෙරළුවෙමි.                     රත්නපුරේදී මම පොතට බුක්මාර්ක් එක තබා වසන විට බිකෝ ඩිවෙට්ගේ මුහුණ හරහා පහරක් එල්ල කර හමාරය. කල්ලෙක්ගෙන් සුද්දෙකුට... ඔක්ටොපෑඩ් හඬ අස්සෙන් ජෝ

දෑවුරුද්ද

හෙටක් ගැන නොහිතා අද වියදම් කරනවා කියලා හැම සතියකම මට බනින්න ඇති. යාළුවොත් එක්ක සෙට්වෙලා ආතල් දදා ඉන්නව කියලා මිසක් වෙන වැඩක් නෑ කියලා මට අනන්තවත් කෑ ගහලා ඇති. පාඩම් කරන්නෙ නැතුව පිස්සු කෙලිනවා කියලා මට අනන්තවත් නෝක්කාඩු කියලා ඇති. තරහවුනාම මූණ ඇඹුල් කරගෙන මාත් එක්ක කතා නොකර ඉන්න ඇති. ඉඳලා හිටලවත් බොන්න එපා කියලා අඞලා ඇති දොඩලා ඇති.  ඒත්............. මම බොරුව දාන්න ඇති. ජිල්මාට් දාන්න ඇති. සමහර විට බනින්නත් ඇති. ඊට වඩා උඹ මට ආදරය දෙන්නත් ඇති. ඒකමට හරියට තේරෙන්නත් ‍නැතුව ඇති. "මහවරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙ‍න් එළියයි නෝක්කාඩුවට පසුව ඔබේ වත  ඒ එළියට වැඩියෙන් එළියයි" මේ අවුරුදු දෙක මට මගේ ජීවිතේටම ඇති. සමහරවිට පහුගිය ආත්ම හතෙත් ලැබෙන්න නැතුව ඇති. ප්‍රථම ප්‍රේමයට අවුරුදු දෙකයි..... තුත්තිරි ගහ දැන් පඳුරක් වෙලා..... ජය ශ්‍රී ..... !

සුප්‍රබුද්ධ වික්ටර්

අටේ පන්තියේදී.. මම අපේ ලොවක් සොයා ගියෙමි... ඒත් වික්ටර් වික්ටර්ම විය...... සාමාන්‍යපෙළ කරන වි‍ට.. මම දෙව්රම් වෙහෙරේ නාමලක්ව මියගියෙමි ... ඒත් වික්ටර් ‍වික්ටර්ම විය.... උසස් පෙල අවසන් වන විට.. මම පාවෙන වලාවක තනිතරුව වෙත යාත්‍රා කලෙමි... ඒත් වික්ටර් ‍වික්ටර්ම විය.... සරසවිය ඇරඹුනි... මම පෙම්බර මධූ සමග දෛවයේ සරදම් ලැබුවෙමි .. ඒත් වික්ටර් ‍වික්ටර්ම විය.... අද මම විශ්වවිද්‍යාලයෙන් පිටවී යමි.. අපි ඔක්කම රජවරුය ... ඒත් වික්ටර් ‍වික්ටර්මය....

අපි අපිමයි...

දෙකයි පනහට මැරෙන එවුන් අතරෙ හම්බවුන රුපියල් පහත් නැතිකරගෙන උඹලා මාත් එක්ක හිටියා.... වල් ඌරන් කැකුණ තලනකොට හබන් කුකුලන්ට වෙඩිතියන්න උඹලා මාත් එක්ක එකතු වුනා.. ඒ මලගිය යටගියාවේ පාංශුකූලය දෙන්න කලින්... මම උඹල‍ට ස්තූති කරන්නම්... එකට කාලා , බීලා එකට ආතල් දාලා එකට මලපැනපු... එකට මල කාපු... සහෝදරයින්ට.... උඹල මාර මිනිස්සු බං.......

සයිබර් බොරුව

අපේ ලෝකය , උන්ගෙ මොනිටරය... අපේ සංවාද , උන්ගෙ පෝරම... අපි පිසිකල් , උන් වර්චුවල්... අපේ වාහෙ , උන්ගෙ ලැප... අපි මර්දනය වෙද්දි , උන් ස්පෑම් වෙනවා... අපි හමුවෙනකොට , උන් චැට් කරනවා... අපි බදාගන්නකොට , උන් පෝකින්... අන්තිමට බලද්දි... අපි විස්සයි , උන් තුන්දෙනයි...

නිවාඩු අ‍වලංගුය.. වහාම සේවයට වාර්තා කරන්න

අහෝ කාලය.. නුඹ තනිව පලයන් මට ඉන්නට දීපන් ආදරයක්, තාරුණ්‍යයක්, මම එනතුරු බලා සිටී... අහෝ කාලය.. එලි වන්න‍ට නොදී හිරු නවත්තාපන්.. කාලය කාලය.. ඇගේ රාත්‍රිය හුදකලා කර ඇගේ කඳුළු මතින්.. යන‍වානම් කියාපන්.. කුරිරු වූ හැටි නුඹ කාලය...