Skip to main content

පුංචි එංගලන්තය..

සීතල උදුවප් මාසේ පුංචි එංගලන්තය තවත් සීතල වෙලා වගේ. තනියම කල්පනා කරනකොට මට හිතුනා..
රැහැයියන්ගේ සද්දේ එකපාරට අහෙන්න ගත්තේ හරියට මෙච්චර වෙලා අතරමං වෙලා හිටපු හිටපු හීන ලෝකෙන් එලියට ආව කියලා මට කියන්න හදනවා වගේ....
සලං බලං සද්දේ අහෙන්නේ කුස්සිය පැත්තෙන් උයන්න ලැස්ති වෙනවද කොහෙද... මම ඒ පැත්තට ගියේ දැන් දැන් මට කතා කරයි කියලා හිතුන හින්ද වෙන්න ඇති..
සින්දු කියලා ඉවරවෙනකොට රෑ 12 පහුවුනා විතරයි.තව හෝරා 6-7 කින් ඉරත් පායයි. තවත් අලුත් දවසක් නේද? මම ජංගම දුරකතනය අතට අරගෙන කල්පනා කලේ ඇයගේ අංකයට හමදාම ගන්න ඇමතුම අදත් ගන්න ගමන්..
ඈ හා දොඩමලු වෙන්න අදහසක් හිතේ කොනක හිරකරගෙන හිටියත් මට "හලෝ" කියන අකුරු දෙක ඇහුනේ නෑ..
නින්ද ගිහින් වෙන්න ඇති...
මම තරු දිහා බලාගෙන තරු යා කරන්න හැදුවා. හත්දින්නත් තරු පොකුර ලග රතුපාට තරුවක් මැදිකරගෙන තරු දෙකක් දිලිසෙනවා.
මම තරු අතර ඇගේ රුව අදින්න බොලද උත්සාහයක් ගත්තා..
ආයෙත් කතා කරනවද....? අවදි වුනොත් පව්.... කියල හිතුනු හින්දා මම ජංගම දුරකතනය පපුවට තුරුලු කරගෙන බංකුව උඩ ඇලවුනා..
එකපාර හිරිගඩු පිපෙන හීතල හුලගක් හමගෙන ගියේ මගේ සර්වංගයම දෝලනය කරගෙන.. මම අහස දිහා බලාගෙන ඇස් දෙක පියාගත්තේ හඩ අහුනේ නැති වුනත් හිතේ ලැගුම් අරගෙන තියෙන ඒ සුවද, ඒ සොදුරු බව, ඒ හිනාව හැමදාම මට නින්ද යනකම් මාව තුරුලු කරගනී කියලා හිතාගෙන...

Comments

malee_msg said…
හරිම ලස්සනට අදහස පෙළගස්වලා

PS me WORD VERIFICATION එක අයින් කරනවාද පුළුවන් නම්
ඔන්න මචං මමත් දියත් කුලේට සෙට් වුනා. ඉස්සීම නියමයි. ඒ වගේම පුංචි එංගලන්තයත් නියමයි.
උඹලා දෙන්නාගේ පිස්සු ලව්
එළ .. කියවන අතරේ මටත් මතක් වුනේ මගේ "ඇය"
කවුරු කොහොම මොනවා කිව්වත් ප්‍රේමය සුන්දරයි...

ඒකනෙ අපි තාම ප්‍රේම කරන්නේ....

වැඩිපුර බලපු..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

රති කෙලිය....

අන්තිම පෙළ යාබද අසුනේ.... රතී වීමට තැත් දරන ඈ ... අසුන යහන කොට.... ඔහු හා රගන විසූක දැක... අනෙක් පස විශාඛාවන් .... අසුනින් නැගිට ගිය සද.... ප්‍රජාපතී තොමෝ ... දුන් ඔවදන් අසා... සිනාසුනි දෙපලම..... අහෝ..... !

කපුටු බෝ...

කිරි කල හතකින් නෑවෙන.  වතුර කල වලින් පෝෂනය වන. කවි වලින් ආසිරි ලබන..  ගාථා වලින් ගෞරව ලබන.. බෝහිමියන්ගේ.. රුහිර උරා ප්‍රසූත්‍ර වන. කපුටන් විසින් අනුභව කරන. බෙටි සමග එලියට විසිවන. සැදැහැවත් බෞද්ධයින්ගේ  තාප්ප උඩ මුල් අදින..  අති ශ්‍රද්ධාවෙන්.. ගලවා විසිකරන. කපුටු බෝ..