Skip to main content

Posts

Showing posts from December, 2009

සුබ සුබ සුබ...

දින සති අවුරුදුම කීයක් ගෙවුනා කියලද... ඒ අස්සෙ ආදරයත් ගලාගෙන ගියා.. මෙලෝ රහක් නැති මාත් එක්ක මට ඇති වෙලාවට වඩා මට නැති වෙලාවට හිටපු මගේ කෙල්ලට.. සුබ උපන්දිනයක්... කොටම කොට සුබ පැතුමක් මගෙන්... සුබ සුබ සුබ .......

යුනිකෝඩ් කවිය

සබඳ... නුඹ කවියක් ලියා ඇත... එය හොඳ කවියකි.. නමුත්.. එය හොඳ කවියක් යැයි මම නොකියමි. මන්ද එය යුනිකෝඩ් කවියක් නොවූ නිසාය.. නුඹේ කවිය කවියක් නොවිය යුතුව තිබුනි මන්ද එය අන්තර්ජාලයේ හුදු බයිට් ස්ට්‍රීම් එකක් වන නිසාවෙනි. කවි ලියූ සබඳ.. මටත් එවපන් යුනිකෝඩ් කවියක්.. අගෙයි නුඹ කවිය..

අමුත්තිය

"අක්කව ඇඩ්මිට් කරලා" දවස් ගාණක ඉඳන් දැන් වෙයි දැන් වෙයි කියලා බලාගෙන හිටියත් එක පාර ආරංචිය ඇහුවම නිකං මාවත් කරකැවෙන්න පටන් ගත්ත හින්දා මම දම්මිනීට SMS ගහ ගහ මොහොතින් මොහොත අප්ඩේට් වුනා. "හෙට මොනා වෙයිද..?" නොවැම්බර් දහනමවැනිදා මහ රෑ එකොලහයි හයට "බනුලි" කියලා පුංචි කෙළිපැටික්කියෙක් මේ ලෝකෙ දකින්නට පටන් අරන්. මාරයිනෙ මමත් දැන් මාම කෙනෙක්... ඒකත් නරකම නෑ...! "ඊයෙ හොඳ නැකැත් දවසක් වෙන්න ඇති.සීසර් කරපු අයම දාහතක්.." අයියා එහෙම කිව්වෙ තමන්ගෙ කෙළිපැටික්කි ඉපදුනු ආඩම්බරේ හිතේ තියාගෙන වෙන්න ඇති. ඉතිං ආඩම්බර නැද්ද... සෙල්ලං නෑනෙ තාත්ත කෙනෙක් වුනාම. "එහෙනම් ඊයෙ රාජයෝගයක් තියෙන්න ඇති. තව අවුරුදු තිහකින් ලංකාවට රජවරු දාහතයි රැජිණයි" මම පුංචි විහිළුවක් කළා. පොඩි එකීව අතට ගන්න ආස හිතුනත් බය හිතුන හින්දා මම තොටිල්ල වහලා තිබුනු නෙට් එක අස්සෙන් ලේලි පොඩ්ඩගෙ මුහුණ දිහා බලාගෙන හිටියා. ඇඟිල්ලක් උර උර හොඳටම නිදි.. මිනිහා උපදිනකොට කොච්චර දුර්වලද? මිනිහට තමන්ගෙ දෙපයින් නැගිටින්න කොච්චර කල් යනවද? ඒත් මිනිහා කොච්චර ප්‍රබල වෙන්න දඟලනවද? පුංචි එකී දඟලන්න ගත්තම මම