Skip to main content

Posts

Showing posts from October, 2012

එහිතට ඇමතුවෙමි.

නිල් කඩදාසියෙන් ඔතපු අන්තිමේට කලින් කූරේ අන්තිම උගුර.. පැත්තකින් එකෙකු කෑගසනවා පෙනේ. අනිකා අත නිශ්චලව තබාගෙන කට ෆිල්ටරයට ලංකිරීමට උත්සාහ දරයි. කෑගසන්නා දර්ශන විය යුතුය. උගේ කොනේම පුරශ්චාරවක දතේ රතුපාට මිරිස් කෑල්ලක් හිරවී ඇත. සමහරවිට ඒ දත චාර්වක දතක් විය හැක. එය කෘන්තක දතක් හො රදනක දතක් නම් නොවේ. එකවර සියල්ල නිල් පැහැ වේ. නිල් කඩදාසියක් ඉදිරිපිට ජෙනිෆර් ලෝපේස් නටනු පෙනේ කඩදාසියෙන් ඔටුවෙකු සැදී ජෙනිෆර් ලෝපේස් ඔටුවා පිට නැග යයි. මට ඔටුවා සෑදුන ආකාරය නැවත බැලීමට උවමනා විය. සරලය රිවයින් කලයුතුය. රිවයින් කිරීමට රිමෝට් එක සෙවීම හෝ ප්ලේයරය ලඟට යා යුතුය. මම නැගිටීමට උත්සාහ කලෙමි. මොලයට නැගිටීමට අවශ්‍ය වුවත් කකුල්වලට ඒ සඳහා වුවමනාවක් නැත. මම අන්තිම උගුරට පසු උගුර ඇදීමට සූදානම්ය. තිලාපියා තාමත් ෆිල්ටර් එක ලඟට කට කිට්ටු කර නැත. අවසාන පැකට්ටුව තාමත් ඔතා අවසන් කලේ නැත. නිල් කඩදාසියක් ? ඔව් එය නිල් කඩදාසියකි. එය මාන දෙක තුනක් ගනකම වැඩි A4 කොලයකි. තිලාපියා ලඟ තිබූ නිල්පාට කූරේ රතුපාට කෙලවර දීප්තිය වැඩිවනු පෙනේ. ලයිටරයෙන් මාත් නිල් කූර දල්වාගතිමි. තව තප්පරයකින් මම මගේ පෙනහළු කෙලවරට ඒ කාබන

සෝමදාස..

වෙලාව උදේ අටට විතර වන්නට ඇත. ස්ථානය බොරලැස්ගමුව හන්දියයි. පුරුද්දට මම යන වෙලාවට අපේ බෝඩිමෙන් මාත් සමග නික්ම යන්නේ ටොයියාය. ඉඳහිට දවසක රොකාත් පැමිණේ. පුරුවා නික්ම යන්නේ මම අවදි වීමටත් පෙරය. කෙසේ වෙතත් එදා මම එලියට බැස්සේ පුරුවා සමගය. ඔව් එදා මම කලින් අවදිවුනෙමි. "මහත්තයා." හෑන්ඩ්ස් ෆ්‍රී එක කනේ ගහගෙන සිටියද මට ඒ ආමන්ත්‍රණය ඇසුනි. ඒ ආමන්ත්‍රණය මට නොව පුරුවාටය. "අංකල් කවුද" පුරුවා බුවාව අඳුනාගෙන නැති සෙයකි. මම නම් දැක්කේත් අදය. "මම සෝමදාස.. ඇයි මහත්තයා එදා මට ගෙදර යන්න සල්ලි දුන්නේ. මම හිතුවා මහත්තයාව බොරලැස්ගමුවේ හන්දියේදී හම්බවෙන්න පුළුවන් වෙයි කියලා. හොඳ වෙලාවට පැයක් වත් බලන් ඉන්න වුනේ නෑ. මම ආවේ මහත්තයාගේ සල්ලි දීලා යන්න" සෝමදාස පුරුවාගේ අතේ රුපියල් 600 තබා නික්ම ගියේය. වුන දෙයක් හිතාගන්න බැරුව අගමුල මාරුවී සිටි මට මුළු කතාව පුරුවාගෙන් නොඅසා සිටිය නොහැකි විය. මට ඒ කතාව නොලියා සිටිය නොහැකි විය. ...................................................................................................................................................