Skip to main content

Posts

Showing posts from 2009

සුබ සුබ සුබ...

දින සති අවුරුදුම කීයක් ගෙවුනා කියලද... ඒ අස්සෙ ආදරයත් ගලාගෙන ගියා.. මෙලෝ රහක් නැති මාත් එක්ක මට ඇති වෙලාවට වඩා මට නැති වෙලාවට හිටපු මගේ කෙල්ලට.. සුබ උපන්දිනයක්... කොටම කොට සුබ පැතුමක් මගෙන්... සුබ සුබ සුබ .......

යුනිකෝඩ් කවිය

සබඳ... නුඹ කවියක් ලියා ඇත... එය හොඳ කවියකි.. නමුත්.. එය හොඳ කවියක් යැයි මම නොකියමි. මන්ද එය යුනිකෝඩ් කවියක් නොවූ නිසාය.. නුඹේ කවිය කවියක් නොවිය යුතුව තිබුනි මන්ද එය අන්තර්ජාලයේ හුදු බයිට් ස්ට්‍රීම් එකක් වන නිසාවෙනි. කවි ලියූ සබඳ.. මටත් එවපන් යුනිකෝඩ් කවියක්.. අගෙයි නුඹ කවිය..

අමුත්තිය

"අක්කව ඇඩ්මිට් කරලා" දවස් ගාණක ඉඳන් දැන් වෙයි දැන් වෙයි කියලා බලාගෙන හිටියත් එක පාර ආරංචිය ඇහුවම නිකං මාවත් කරකැවෙන්න පටන් ගත්ත හින්දා මම දම්මිනීට SMS ගහ ගහ මොහොතින් මොහොත අප්ඩේට් වුනා. "හෙට මොනා වෙයිද..?" නොවැම්බර් දහනමවැනිදා මහ රෑ එකොලහයි හයට "බනුලි" කියලා පුංචි කෙළිපැටික්කියෙක් මේ ලෝකෙ දකින්නට පටන් අරන්. මාරයිනෙ මමත් දැන් මාම කෙනෙක්... ඒකත් නරකම නෑ...! "ඊයෙ හොඳ නැකැත් දවසක් වෙන්න ඇති.සීසර් කරපු අයම දාහතක්.." අයියා එහෙම කිව්වෙ තමන්ගෙ කෙළිපැටික්කි ඉපදුනු ආඩම්බරේ හිතේ තියාගෙන වෙන්න ඇති. ඉතිං ආඩම්බර නැද්ද... සෙල්ලං නෑනෙ තාත්ත කෙනෙක් වුනාම. "එහෙනම් ඊයෙ රාජයෝගයක් තියෙන්න ඇති. තව අවුරුදු තිහකින් ලංකාවට රජවරු දාහතයි රැජිණයි" මම පුංචි විහිළුවක් කළා. පොඩි එකීව අතට ගන්න ආස හිතුනත් බය හිතුන හින්දා මම තොටිල්ල වහලා තිබුනු නෙට් එක අස්සෙන් ලේලි පොඩ්ඩගෙ මුහුණ දිහා බලාගෙන හිටියා. ඇඟිල්ලක් උර උර හොඳටම නිදි.. මිනිහා උපදිනකොට කොච්චර දුර්වලද? මිනිහට තමන්ගෙ දෙපයින් නැගිටින්න කොච්චර කල් යනවද? ඒත් මිනිහා කොච්චර ප්‍රබල වෙන්න දඟලනවද? පුංචි එකී දඟලන්න ගත්තම මම

දර්ශීය ගැහැණිය

කුණු කෙල නොබේරෙන.. මාසිකව ලෙඩ නොවෙන.. ලෙඩ වුනත් නොපෙන්වන.. වැරදිලාවත් පඩයක් නොයන.. ගතපුරා කියුටිකිරා සුවඳ විහිදෙන.. සර්වාංගයම සළුයෙන් වැසී ඇති.. පොලවට නොරිදෙන්නට පය තබන.. අතිශය විනීත.. අතිශය පාරිශුද්ධ.. සුජාත පුත්‍රයෙකු බිහිකරන්නාවූ.. නුඹත් සොයන.. මාත් සොයන.. දර්ශීය ගැහැණිය..

දියත් කුලේ පරණ වූ වගයි..

10.29.2008 මුලකුර..... තාම Blog එකේ මුලකුර කියවන්න පටන් ගත්තා විතරයි. ලියන්න ‍දේවල් නම් අනන්තවත් තියෙනවා.. ටික ටික පුලුවන් විදිහට ලියලා බලමු.. දන් පටන් ගත්තානේ දැනට ඒ ඇති...... ජය.. එකතු කලේ ආගන්තුකයා වෙලාව 1:41 AM 6 අදහස්: Shapeshifter said... කිටියා වෙල්කම් ටු සිංහල බ්ලොගින්.... සාදරයෙන් පිළිගන්නවා Thursday, October 30, 2008 පහන් සරත්චන්ද්‍ර said... වෙලාව තියෙන හැට්යට ලියමු. Saturday, November 01, 2008 Sabour said... එල එල කිටී. . . ලියපං ලියපං. . . අපි බලාගෙන ඉන්නවා Monday, November 03, 2008 ම said... පුළුවන් විදිහට ලියන්න අපි ඉන්නව කියවන්න. Wednesday, November 05, 2008 කෙහෙළිය බණ්ඩාර ගල්ලබ said... අම්මට සිරි!! ඇඹලෙ අයියගෙ blog එක... කාලයක් නොදැක ඉදලා සයිබර් වනාන්තරයක දි වත් මුන ගැහුණම පුදුම සතුටක් දැනෙන්නෙ... ජය වෙවා හැම දේකටම... කෙභෙළිය http://galpotha.wordpress.com Friday, November 14, 2008 ආගන්තුකයා said... කෙහෙලිය නේද මේ... මම හිතන්නේ අපි ලඟදීම හම්බවෙ

සාපේක්ෂිත යථාර්තය...

ප්‍රේමයෙන් තොර ජීවිතය.. දේශපාලනික නොවූ චරිතය. සාහිත්‍ය නොකියවූ රසවින්දනය.. කුකුල්මස් නැති ඩිනර් පාටිය... බඩ නැති සල්ලිකාරයින්... රැවුල නැති මාක්ස්වාදීන්.. ස්පෙශල් නොකරන ඩිග්‍රිය.. ඉංග්‍රීසි නොදැන පොෂ්වීම.. හෙවත්............ පරිප්පු නැති හෝටලය... සහ....... සාපේක්ෂිත යථාර්තය..

මම හොඳය...

බෝඩිං ගාස්තු ගෙවනදා මම හොඳය... මාසේ මැද මම නරකය... මාසෙම පාඩම් කරන මම හොඳය... පිස්සු කෙලින මම නරකය... ට්‍රිප් යන මම හොඳය... එකක් නොගියොත් නරකය... කීකරු මම හොඳය... ආසදේ කරන මම නරකය... අනුන්ට කරන මම හොඳය... තමන්ට කරගත්දාට නරකය... ඉතිං කොහෙද හොඳ මිනිස්සු...?

7ට උපරිමය...

"ඔය රෝමියෝ-ජුලියට්, සාලිය-අසෝකමාලා, ලයිලා-මජ්නූ, රාමා-සීතා මොකේ වුනත් හැම එකේම මිනිහා ගෑණිට වඩා උසයි..මේක සූක්ෂම ලෙස සැලසුම් කරලා තියෙන්නෙ .." . වැලන්ටයින් එනකන් .... "අපිට සංස්කෘතිය කියලා එකකින් අපිට ඔය ටික කරන්න කියලා කියලා තියෙනවා. මට සමාවෙන්න ඔයා කියන දේ හරි වෙන්න පුළුවන් ඒත් ඔයාව කසාද බඳින්න මට බෑ.. .." . ඔබ සාපේක්ෂයි .... "මම දන්නෙ නෑ මේක කොහොම වුනාද කියලා ඒත් මම ඔයාට ආදරේ කරන්න ගත්තා ඒ රාත්‍රිය මිලියන සීයකටවත් මිල කරන්න බෑ.. ..." ...චන්ද්‍රාවතී සමග රැයක්. ... "දාස... ලඟදීම යුද්දෙ ඉවරවෙයි එතකොට තමුසෙගෙ පඩිය මම ඩබල් කරන්නම්.. "සර් හරි හොඳයි සර්" එතකොට මේ රටේ ඉන්නේ වර්ග දෙකයි එකක් තමුසෙලා එකක් අපි.." ... දුවන උන් දෙන්නෙක් .... "පූජාසනේ ඉන්න දිව්‍ය පුත්‍රයාගෙ ඉඳන් බස් එකෙ ඉන්න අන්තිම හිඟන්න දක්වා මේක පොදු තත්වයක් වුනා.. මම එකතු කර ගත්තා දාහෙ පටියකුයි පන්සීයෙ පටියකුයි සීයෙ පටි දෙකකුයි.." ... ලාස්ට් බ්ස් එකේ කතාව ..... ජීවිතය කියන්නේ මේකද කියලා පොඩි අවුලක් අපිට රෑ නිදාගන්නකම් ඉතුරු කලත්... අපි මේ යන විදිහ ගැන මහ කැත පහත

අද්දර ජීවිත

"කාටවත් ඇහුනෙ නෑ නේද?" බකලා අහනකොට ඇඟේ මයිල් කෙලින් වුනේ ඇත්තටම කාටවත් ඇහුනේ නැද්ද කියලා හරියටම විශ්වාසයක් තිබුනෙ නැති නිසා වෙන්න ඇති... "මේකයි වැඩේ.." ගුරා පටන්ගත්ත කතාව ඉවරවුනේ භීතිය එක්ක කලවම් වුන ආතල් එකක් ඔලුවට එකතු කරමින්... "අපි හතරදෙනා මෙහෙම. " භාෂි ඇහුවේ අත්දැකීම් නැතිකම හින්දා වෙන්න ඇති. "ඇයි උඹට යුනිෆෝම් ගහගෙන යන්න ඕනිද ?" බකලා එහෙම කිව්වට බකලත් කලින් මේ වගේ වැඩකට නම් අත ගහලා තිබුනේ නෑ.. කලින් තාප්පෙන් පැන රෑ වැල්ලවත්ත මුහුදු වෙරලට, බම්බලපිටියෙ හන්දියට අනන්තවත් ගිහින් තිබුනත් මේ පාර වැඩේ නම් ටිකක් අන්තරාදායක බව අපිට වැටහුනේ නැතුවමත් නෙමෙයි.. "මොකද සද්ද නැත්තෙ බෑ වගේද ?" ගුරා එහෙම කියලා තවත් මිනිත්තු දෙකක් විතර දෙල්ගහ යට නිහඬව තියෙන්න ඇති... "හරි යමන්" මම උත්තර දුන්නේ ජීවිතේ මෙතෙක් කරලා නැති සමහරවිට ආයෙත් ජීවිතේටම කරන්න ලැබෙන්නේ නැති මේ වගේ වැඩක් කරලා ගුටි කෑවත් කමක් නෑ කියලා හිතුන හින්දා.. අවාසනාවටද වාසනාවටද මන්දා අපි ඒකාලෙ දන්න විදිහට මිනිහෙක්ට විඳින්න පුළුවන් උපරිම දඬුවම ගුටි කෑම කියලා තමා අපේ පොඩි මොලේට වැටහ

සැඟවුන නුවර...

අරුණළු ටික ටික මැකීගෙන එනකොට, ලා හිරු එලිය මාතලේ එලිය කරන්න පටන් අරගෙන... අපි ඩිපෝව හොයාගෙන ගියේ නාරංගමුවට යන බස් එක මගහැරෙයි කියලා බයේ... මැදිවිය පසුකර සිටියත් කොන්දොස්තර අය්යා ජේමිස් අය්යා කියලා කියපු රියදුරු ජේමිස් අය්යා එක්ක අපිත් කුලුපග වුනා. "දෙයියන්ගෙ පිහිටෙන් මහත්තෙලාට දෙක විතර වෙනකොට නාරංගමුවට යන්න පුළුවන් වේවි" එහෙම කියනකොටම ඔරලෝසුව බලපු දුකා "අම්මෝ ඒ කියන්නෙ පැය 6ක් විතරනේ එච්චර වෙලා යනවද" කියලා ඇහුවෙ පුදුමයෙන්. පුදුම නොවෙන්න හේතුවකුත් නෑ. අපි හිතාගෙන හිටියෙ මාතලේ ඉඳන් ටික දුරක් කියලා වුනාට පැය 6ක්ම යන්න තියෙනවනෙ... "පය ඉක්මන් කරලා නාරංගමුවෙ ඉඳන් ගියොත් බිම් කළුවර වැටෙන්න කලින් යාගන්න පුළුවන්" ජේමිස් අය්යගෙ කතාව හරි තමා... අපි හරියටම මීමුරේට යනකොට යකාගෙ කලුවර මීමුරේ ගිලගන්න බලාගෙන හිටියා... අපි විතරක් නම් කමකුත් නෑ... ගෑණු ලමයිනුත් ඉන්න හින්ද නවාතැන් ගැටලුව නම් අපිට දැනිල තිබුනෙ... "විශ්ව විද්‍යාලෙ ලමයි හින්දා බෑ කියන්නත් බෑ.." ලොකු හාමුදුරුවො බණ මඩුවෙ නවාතැන් දුන්නෙ වැඩි කැමැත්තකින් නම් නෙමෙයි... උදේ පාන්දරම කඩමණ්ඩියෙන් තේකක් බ

මාස්ටර්

බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ සේක... ක්‍රිස්තූස් වහන්සේ ස්වර්ගස්ත වූ සේක... ලොකු හාමුදුරුවෝ අපවත් වූ සේක... පොඩි විජේ වලකජ්ජ ගැසුවේය... ඇමතිතුමා අභාවප්‍රාප්ත විය... ඒත්.......... මාස්ටර් මලා... කේමදාස මාස්ටර්ගේ ආදාහනය දවසේ බෙදාහරින ලද පත්‍රිකාවක තිබුන පොඩි වදන් වැලක්... අදහස පැහැදිලි වුනත් වචන ටික හරියටම ඒවද කියලා විශ්වාසයක් නෑ... සන්නස්ගලයන්ගේ මම දැකපු අර්ථවත් ඇමුණුමක්... මාස්ටර්ට ලැබුනු දේවල්... මාස්ටර් කොයිවගේ චරිතයක්ද කියලා මේ වචන ටික කියෙව්වාම හොඳටම දැනෙනවා... ස්තුතියි සන්නස්ගලයිනි...

මට ඌව හමුවීමටද උවමනාවක්ද වූයේ නැත.

"අනේ මන්දා බං මේ ගෑණිව කොහොම තේරුම් ගන්නද කියලා" ඉන්දිකයා එකපාර බංකුවේ හෙවනට වැවිලා තිබුනු කොට්ටම්බා ගහේ ගෙඩි හොයන්න පටන් ගත්තේ සමහරවිට උගේ කඳුලු මට පෙනෙයි කියලා බයේ වෙන්නත් පුළුවන්... "ගෑණුන්ව තේරුම් ගන්න යන එක මහ පොල් බූරු වැඩක්. ගෑණු කියන්නේ හෙන විපරීත ජාතියක් බං.. දෙයියො ගෑණිව මවලා තියෙන්නෙ ගංජා ගහලා. ඒත් මට වෙලාවකට හිතෙනවා ඔය දෙයියො කියන්නේ ගෑණියෙක්වත්දෝ කියලා බං." ඉන්දිකයා තාමත් කොට්ටම්බා ගෙඩි සොයයි, උගේ හිත හැදීමට මම යමක් කිව යුතුව ඇත. "මේ අහපන් දැන් ඒකිට උඹව එපා නම් නිකං පදිරි වෙන්න මොකට යනවාද? මේ ලෝකෙ ගෑණු නෑ කියලා හිතුවද?" මම මූදේ ඉන්නෙ එක මාළුවද යන්න නොපැවසුවේ දැනටමත් හත් අටදෙනෙක් ඌට ඔය කතාව කියා තිබීමට ඉඩ තිබූ නිසාය... "හැම එකාම කියන කතාව උඹත් කියනවා කියලා හිතුවා නම් මම උඹට කෝල් කරලා ගෙන්නගන්නෙ නෑ.. සිගරට් එකක් බොමුද?" ඉන්දික ඇතුලට ගොස් සිගරට් ගෙනෙනතුරු මම කල්පනා කලේ එය ගැනය.. තුන් අවුරුදු ප්‍රේමයක් "මුලින් ලව් කරලා ට්‍රේනින් එක කාලයේ එක පාර නවත්තලා ගෑනි ආයි කැම්පස් ආවම මුගේ කරේ එල්ලුනා.. අන්න ගෑනු.." කට වාචාල කමට ධම්

මර්දනය

ඇනෝනිමස් උවද වැදගත් දෙයක් කියනවා නම් මා එය හිස නමා පිළිගනිමි. ඇනෝනිමස් කමෙන්ට් දැමීම "දියත් කුලේ අපි" හි ක්‍රියාත්මක කර ඇතිවාක් මෙන්ම comment moderate කිරීමක්ද මම සිදු නොකරමි. මෙසේ අතිශය පහත් අන්දමින් විවිධ වූ බ්ලොග්කරුවන්ගේ(උන්මන්තක, මලී, මකබාස් ) නම් විකුණමින් ඔවුන්ගේ අනන්‍යතාවය විනාස කිරීම තවත් බ්ලොග්කරුවෙකු ලෙස මම හෙළා දකිමි. මින් පසුව වැටෙන එවැන් කමෙන්ට් මගේ නම විකුණමින් වුවද වැටීමට ඉඩ ඇත. කිසිවෙකු සටහනක ලියන්නේ ඔහුට/ඇයට අවශ්‍ය දේය තමා එයට කැමති නැත්නම් කරුණාකර එය බැලීමෙන් වලකින්න. මා අදාල පුද්ගලයාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙසේ බ්ලොග්කරුවන් මර්දනය කිරීමෙන් වලකින ලෙසය. සාක්ෂි අවශ්‍ය නම් මගේ කලින් සටහන හෝ මලීගේ සටහන බැලිය හැක.

දේශද්‍රෝහියා...

මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්‍රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්‍රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..

රාමුව....

මගේ ගෙදර සාලයක් ඇත... එහි පිංතූර එල්ලන බිත්තියක් ඇත... තාත්තාගේ පිංතූරයක් එහි එල්වා ඇත... නමුත් .... එය රාමුවකින් වටවී ඇත... එහි සීයාගේ පින්තූරයක් එල්වා ඇත... එයද රාමුවකින් වටවී ඇත... එහි එල්වා ඇති මවගේ පිංතූරයද රාමුවකින් වටවී ඇත... එහි මගේ පින්තූරයද එල්වා ඇත... එය රාමුවකින් වටවිය යුතුව නැත... නමුත්.... එය වටාද රාමුවක් ඇත..

දුර සිටින පෙම්වතා..

යතුර තිබේනම් ....   හරින්නම් දොර...   ලොවෙත් නැති...  පැත්තක හිරවෙච්ච....  ඒක පාර්ශික ආදරය...  තාමත්...   නුඹ කූඩුවේ හිරවෙලා...   අනේ කූඩුව ඇරපන්...  ඇහුවොතින්.....  මටත් කොටාවි...  මට මොකද....  ඒත් උඹ...  අඬ අඬ කූඩුවක... ඇරගෙන වරෙන්...   තටු ගැලවුනත්...  ඉගිල්ලෙන්න බැරිවුනත්..  යතුර තිබේනම් ....   මට මොකද...   නුඹ කවදත්....   මගේ කිරිල්ලී....

සාපේක්ෂව වෙනස්ද....

සියල්ල නිරුවත් සමාජයක ඇඳුම් ඇඳ සිටීමටද..... සියල්ල ඇඳුම් ඇඳ සිටින සමාජයක නිරුවතින් සිටීමටද... හැකිනම් ... නුඹ සාපේක්ෂව වෙනස්ය .... සියලු දෙනා අඬන විට සිනාසීමටද... සියලුදෙනා සිනාසෙනවිට ඇඬීමටද..... හැකිනම් නුඹ සාපේක්ෂව වෙනස්ය... ගොම ගොඩක් තුල කිරි කඳුලක් වීමටද... කිරි කළයක් තුල ගොම බිඳක් වීමටද.... හැකිනම්.... නුඹ සාපේක්ෂව වෙනස්ය... වෙනස්වීමට් ඕනෑ නම්... තෝරනු .. නුඹට හොඳ විදිහක්....

පූර්ණය

අතේ එල්ලිලා දකුණු අත දික් වෙලා... කියවලා කියවලා කණ් දෙකත් ගොඩ වෙලා... ගුටිකාලම මගේ පිට කොන්ද ඉදිමිලා... ඒ මොනා වුනත්... කුළුඳුල් පෙමට අදට අවුරුද්දයි.. මට නුඹ ආස දේ දෙන්න බැරි වෙන්න ඇති...... මට නුඹව හැම වෙලේම හිනස්සවන්න බැරිවෙන්න ඇති.... මම නිසා නුඹේ ඇස් දෙකට කඳුලු උනන්න ඇති... ඒත් උඹ තාම මගේ ලඟ... හිටපන්... මොනා නැතත් මම උඹට ආදරෙයිනෙ.... මගේ ආදරේ සුන්දරයි.. නුඹ නිසා....

අතේ මාට්ටු..

මට මතක හැටියට හරියටම වෙලාව රෑ 12 පහුවුනා විතරයි.... මුලු නේවසිකාගාරයම නිහඬයි... ඒ වුනාට තැන තැන කසු කුසුවක් සාවදානව අහගෙන හිටියොත් හොඳට අහෙන්න ඉඩක් නැතුවමත් නෙමෙයි... 21 කල්ලිය ඒ කියන්නේ 11,10 වසරවල පයිලට්ලා ටික තවත් මෙහෙයුමකට සූදානම් වෙන්නේ ඔන්න ඔය අතරේ.. කසු කුසුව අහෙන්නෙත් ඒ නිසාම වෙන්න ඇති... මූලික පරීක්ෂණ මාලාව යටතේ සික්කන්ගේ කාමරය දෙසට ඇහැ ගහගෙන ඉන්න දෙන්නෙක් යවනවා වගේම පාලකතුමාගේ ගෙදර ලඟටත් බැල්මට්ලා 2 යවන්නේ බයටම නෙමෙයි.... අරක්ෂාවටත් එක්ක... බැලමට්ලාගෙ අනුමැතිය යටතේ අපි මහා රාජකාරියට පිටත් වුනා... එදා ලස්සනට හඳ පායලා තිබුනා. පසලොස්වකට දවස් හතරක් නිසා වෙන්න ඇති... හිතුවට වඩා හඳ එලිය... ඒ හින්දාද කොහෙද හැමෝගෙම හිතේ පොඩි බයක් මෝදුවෙමින් තිබුනා... ඒත් ඉතින් අපේ අඩවියේ අවාම අපහු යන සිරිතක් නෑනෙ... ඉතින් කොහොමහරි වැඩේට බැස්සා.... හරියටම කුරුම්බා ගෙඩි 15 විතර කඩන්න ඇති... එකපාරට "කවුරුත් හෙල්ලෙන්න එපා...." අපි දුවන්න බැලුවත් හතර වටෙන්ම අපිව වටකරලා... "මචං වලහා ක

මකබාස්...

සුදු වෑන් දුටුවිට බල්ලන් බුරන්නේ එම වෑන් වල පෙර වැරදි බල්ලා විසින් අත්දැකපු නිසාය... මකබාස්ලාට අපෙන් වැරදි සිදුවී ඇත.. ඒ මකබාස්ලාගේ පොරත්වය බිදදැමීමය... මකබාස්ලා නිසා මකබාස්ගේ නියොජනයයද හැල්ලුවී යන්නේ මකබාස් වන්න්වුන්ගේ බොරු දියාරු ගොන් පාට් නිසා විය යුතුය... යුත්ත නොවිය යුත්ත අපිද දනී... එහෙත් මෝඩ තකතීරු කමට කලයුත්තක් නොමැත.. මකබාස් තකතීරුවෙකු වන්නේ අනුන්ගේ සටහනේ අකුරු නොගැලපීම් පෙන්නාදීමෙන් ඔහුට හිනා වෙන නිසා පමණක්ම නොවේ... ඔහුගේ සටහනේද වැරදි ඇත එවා පෙන්නා දී නිකම් මකබාසයෙකු වීමට මට උවමනාවක් නැත... මෙවැනි මකාබාසයින්ට මුලින් රසවින්දනය උගන්වා පසුව බ්ලොග් ලිවීම වෙනම උගැන්විය යුතුය.. සටහනක් කියවනුයේ එහි ඇති රසවින්දනය හා එහි ඇති අදාලතාවය මතය... සිරසේ වැඩ කරනුයේ මකබාසයා විනා අප නොවේ.. මොඩයන්හට පහදා දීමෙන් ඔහු යහමගට ගැනීම වැඩකට නැතිය... එම වැඩය මා නොකරනුයේ මකබාස්ව මකා හැදීමේ උවමනාවක් මට නැති බැවිනි.. වීදුරු ගෙවල්වල සිට අනුන්හට ගල් ගසන්නා මෝඩයෙක් වන්නා සේම තමා නිරුවතින් සිට ඇඳුම් ඇඳ සිටින්නන්ටද හිනා වෙන්නා මෝඩයෙකි... මෙසේ මකබාස්ලා තවත් සිටිය හැක.. ඔවුන්ට මම මින්මතු කිසිවක් නොලියනු ඇ

බම්බුව....

හිතුමතේ වැඩ...... තාම තරුණයොනේ........... දෙදුන්නක් කෑලි කෑලි වලට කපලා බෙදාගෙන කන්න.... පාරේ ඇවිදගෙන යන ගමන් ඈතට ගලක් ගහන්න... සරමක් ඇඳගෙන තරුපහකට යන්න... සරමෙ වකුටුවෙලා බංකුවක නිදාගන්න... අපිට බෑලු............. අපි හිරවෙලා අපිට එලියට එන්න බෑ... ගොඩ ඒමක් නෑ.... අසම්මතයේ සම්මතවල ජීවත් වෙන්න හිතන්නවත් බෑ.... අපිට මොනා වෙලාද....? හිතුනොත් මම චතුර්මානයේ කුරුටුබලියක් ඇඳලා දානවා... බම්බුව.....

එපාවීම...

දඟලන හිත් කෑල්ල... පොතේ ඇස් දෙක... මේසෙ උඩ කොල ගොඩ.. Repeat වෙනවට බයේ ගෙදරට ඕනිවට... මොන මල මගුලක්ද... මේ විභාගය ....

හැඟුමන්....

5ක් එකතු වුනා තව හතර දෙනෙක් එකතු කරගෙන... රංගික අයියගෙ සිංදුවකට හැදුවා රූප පෙලක්... ඔන්න අපේ Multimedia Project එක

මම නැමී ඇත.....

නැගණිය ... එක බඩවැල කඩාගෙන ආපු.. ඇය වෙනුවෙන් මම නැමී ඇත... අම්මා තාත්තා .... තාමත් මට වියදම් කරන.... ඔවුන්ට මම නැමී ඇත ‍යහළුවන් ... දුකට සැපට සිටින.. උන්ට මම නැමී ඇත පෙම්වතිය ... තාමත් මට ආදරය කරන ආදරය නිසා මම නැමී ඇත... ඉතින්.... කොහෙද කෙලින් මිනිස්සු ...