Skip to main content

වඳුරන්ගේ රට.

ඒ අනාගතය කියලා පටන්ගත්තොත් අනාගතය කොයි වගේ එකක්ද කියල අපේ හිත්වල තියෙන පින්තූරයට මේක ටිකක් සමාන වෙලා පෙනෙන්න පුළුවන්. ඒ පින්තූරය හදලා තියෙන්නේ වැඩිපුරම පොත්වලින් සහ චිත්‍රපටිවලින් කියලා කිව්වොත් වැරැද්දක් නෑ. කවුරුහරි මේක Planet of the Apes වගේ කතාවක් කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ හරියකුත් නෑ.

අපි ඒ ග්‍රහලෝකයට මැඩේෂියාව කියලා කියමු. මැඩේෂියාව භූ පිහිටීම අතින් ගත්තොත් තනි මහද්වීපයකින් සමන්විත විවිධ ජනවර්ග වලින් සමන්විත වුන රටක්. එක අතකින් මැඩේෂියාව සිංගප්පූරුවට සමානයි. 

මේක අතීතය, අනාගතය, වර්තමානය යන තුන්කාලයෙන් ඕනිම කාලයක සිදුවෙන්න පුළුවන් සිදුනොවෙන්නත් පුළුවන් සිදුවීමක්. හෝමෝ නියර්ඩල්තාල්ගෙන් හෝමෝ ඉරෙක්ටස්ට පරිණාමය වුනේ වඳුරා වුනාට හෝමෝ ඉරෙක්ටස්ගෙන් හෝමෝ එක්සලන්ස් වෙන්නේ ඔය වඳුරාද කියන ගැටළුවත් එක්ක අපි කතාව පටන්ගමු. මෙන්න මේ හේතුව නිසා තමා මැඩේෂියාව තුල මැඩේෂියාවේ පූර්වජයා ලෙස ඉගැන්වෙන චිම්පන්සියාව දේවත්වයෙන් සලකන්නේ.



මැඩේෂියාව මූලිකව ද්වී ආගමික රටක්. චිම්පන්සියුස් නමින් හැඳින්වෙන මූලික ආගම නිර්මාණය වෙලා තියෙන්නේ මැඩේෂියාවන් පැවත එන්නේ චිම්පන්සින්ගෙන් කියන හරය පදනම් කරගෙන. අනික් ආගම ගැන පුරෝකථනය කරන එක හරිම පහසුයි. ඒකෙ විරුද්ධ පැත්ත. සරලවම ප්‍රති-චිම්පන්සියුස්. 

සියල්ල ආරම්භ වෙන්නේ මැඩේෂියාව තුල අද්භූත වෛරසයක් පැතිරීමත් එක්ක. ඔව් ඔබ හරි, වෛරස කොහොමත් අද්භූතයි. රිටෙන්ෂියා නමින් හඳුන්වන මේ වෛරසය ආසාදනයෙන් මැඩේෂියාවන්ට මාස තුනක් ඇතුලත කිසිදු හානියක් සිදුවෙන්නේ නෑ. නමුත් දවස් 90 පහුවුන ගමන් හෘදය අකර්මණ්‍ය වීම ආරම්භ වෙලා මිනිත්තු 5 ඇතුලත මැඩේෂියානුවා මරණයට පත්වනවා.

වෛරසය පැතිරීම සිදුවන්නේ මුඛ තරල මාර්ගයෙන් කියලා අඳුරගන්න අවස්ථාව වනවිටත් මැඩේෂියාවේ මුළු ජනගහනයෙන් 1/5 ක ප්‍රමාණයක් වෛරසය නිසා මරුමුවට පත්වී තවත් ඒ හා ප්‍රමාණයක් ආසාදනය වී තිබුන බව නිල වාර්තා පෙන්වා දුන්නා. මෙයට පිලියමක් ලෙස ආසාදනයට ලක්වූ සියළු දෙනා රිටෙන්ෂියාව නම් වූ දූපතකට පිටුවහල් කෙරුනා. ඇත්තටම දූපතට ඒ නම යෙදුනේ පිටුවහල් කිරීම ආරම්භ වුනාට පසුව.

කතාව කොහොම වුනත් රිටෙන්ෂියා දූපතේ තත්වය එතරම් සුබදායක වුනේ නෑ. මාස තුනක ආයු කාලයක් ගෙවන මිනිසුන් තුල පවතින ඉච්ඡාභංගත්වය, ක්ෂණික කෝපය, විශාදය නිසා ඔවුන් බහුතරයකගේ ආයුකාලය මාස තුනක්වත් පැවතුනේ නෑ. මිනීමැරුම්, ලිංගික අතරවර වලින් ගහන වුන ඒ දූපත තුල කිසිම සොරකමක් සිදුවුනේ නෑ. එක අතකින් රිටෙන්ෂියාවන් හට සොරකම් කරන්න තරම් වත්කමක් ඇතැයි සිතන්නත් බෑ. කෙසේ වෙතත් රිටෙන්ෂියාව තුල නීතියක් පවත්වාගැනීමට රජයට උවමනාවක් නොතිබුනේ මාස තුනක ආයු වඩන මිනිසුන්ට නීතියකින් ඵලයක් නැතැයි ගැසට් පත්‍රයක් සම්මත වුන නිසා පමණක්ම කියා කියන්නටත් බෑ. සතියකට සැරයක් ගෙනවුත් දමන නව රිටෙන්ෂියාවන් හැරුණුකොට ආහාර සැපයීමක් පවා ඒ දූපතට සිදුවුනේ නෑ. ඒ හේතුව නිසා රිටෙන්ෂියාවන් තම මාස තුනක ආයු කාලයේ ආහාර සපයා ගත්තේ ජීවත් වුන හෝ මිය ගිය රිටෙන්ෂියාවන්ගෙන්.

චිම්පන්සියුස් වරුන් දේවත්වයෙන් සලකන සත්වයෙක් වන චිම්පන්සියන් ආහාරයට ගන්නා උග්‍ර ප්‍රති-චිම්පන්සියුස් නිකායක් වන අග්‍රා නිකායේ කිසිවෙක් රිටෙන්ෂියාවෙන් මිය නොගොස් ඇති බව සොයාගන්නේ මේ අතරතුරයි.

මතු සම්බන්ධයි හෝ නොවෙයි !!!!


Comments

hare :-) said…
චිකන් ගස් යට ගුල් හාරන කැරට්!
ඔය ආගමික කල්ට් හෙනම තාවකාලිකයි

වැඩිපුර බලපු..

රේවත

වර්ෂය 1992 වන්නට ඇත. විශ්වවිද්‍යාලයෙන් ඉවත්වී ගුරු ජීවිතය පටන්ගත්තු අළුතම හත්දාමගුල හත් මාසයක් යන්න කලින් අහවර වුන නිසා මගේ හිත හදාගන්න කියලා මමම රාගල පඥ්ඥාසේකර විද්‍යාලයට සාමාන්‍ය පෙල ගණිතය උගන්වන්න ගියා. විරහ දුක හරි දිවිනසාගන්න හිතෙන තරම් පාළුව හරි වෙන මොකක් හරි එකක් මගේ හිතේ කොනක ඇරෙන්න වෙන කොහෙවත් නොතිබුනාට මම රාගල මාරුවට කැමැත්තෙන්ම ගියේ මට වටෙන් පිටෙන් ඉමෝෂනල් වෙන්න තියෙන හේතුවලින් පැනලා යන්න කියලා කිව්වොත් සෑහෙන්න හරි. ඊට අමතරව රාගල මීදුමත් සීතලයත් මදි පාඩුවට තිබුනා.



පඥ්ඥාසේකර විද්‍යාලය රාගල තිබුන ලොකු ඉස්කෝලයක් වුනාට පොඩි ස්කෝලයක්. ගෑනියෙක්ට වඩා සීතලට ආදරේ කරන මිනිහෙක් වුන මම ඇරෙන්න ඒ ඉස්කෝලෙට කැමැත්තෙන් ගිහින් තිබුනේ දණිස්සාගම රේවත හාමුදුරුවෝ. පෙනුමෙන් දිඹුලාගල හාමුදුරුවෝ වගේ වුනාට මට වඩා අවුරුදු පහක් විතර වැඩිමල් වුනාට රේවත හාමුදුරුවන්ගේ රැවුල පැහිලා තිබුනේ නෑ. ඉඳලා හිටලා මරන මදුරුවෙක් ඇරුනාම සිල්වත්කමිනුත් එච්චර අඩුවක් හාමුදුරුවන්ගේ තිබුනේ නෑ.

හාමුදුරුවන් රාගල ගමේ ප්‍රසිද්ද වෙලා තිබුනේ ගමේ තරුණ සමිතිය නිසා කිව්වොත් වරදක් නෑ. කැත්තේ උදැල්ලේ වැඩ පුරුදු වුනත් පසුකාලීන් සරීරයට…

මට ඈතින් බාබර් සාප්පුව පෙනුනි...

ගුණේ අයියා මම අන්තිමට දුටුවාට වඩා මහළුව සිටියේය. ඔහුගේ කලින් තිබූ ඉදුනු කෙස්ගස් දෙසීය තුන්සීය දෙදහස තුන්දහස දක්වා වර්ධනය වී තිබුනි. සුපුරුදු පරිදි අසුන් ගන්නා විට යාබද බිත්තියේ දිස්වන සිද්ධාර්ථ කුමරුගේ උත්පත්තිය, ශිල්ප දැක්වීම, සහ සරණ මංගල්‍යය දැක්වෙන වර්ණ සිතුවම් තුනත් එලාර දුටුගැමුණු යුද්ධය දැක්වෙන කළු සුදු සිතුවමත් ඒ අතර පසෙක තිබුන ලාවට හිනාවීගෙන ඉන්න විජය කුමාරතුංගයන්ගේ ඡායාරූපටත් අමතරව අළුතෙන් එක්වූ ලදැරියකගේ පින්තූරයක්ද සෝමේ අයියා ආම්පන්න රැගෙන එනතෙක් මම නිරීක්ෂණය කලෙමි.  "මේ චිත්‍ර කොච්චර පරණද ගුණේ අයියේ" මම පලමු ප්‍රශ්ණය ගුණේ අයියාට යොමුකලෙමි.
   ගුණේ අයියා මද සිනාවක් නගාගෙන මගේ කෙස් ජලය හා මිශ්‍ර කරයි...
"ඕවා අපේ තාත්ත එකතු කරපු චිත්‍ර වගයක්, කොච්චර පරණද කියලා නම් මම කියන්න දන්නෙ නෑ මහත්තයො"

"මොකද්ද මේ අළුතෙන් පින්තූරයක් තියෙන්නෙ"
"මහත්තය ඒක දැක්කා නේද? අපේ පොඩි කෙලී ගිය සතියේ පැනලා ගියා, ඒකිව මතක් වෙන්න ඔය ගැහුවේ"
ගුණේ අයියාගේ ඒ අදහස් ප්‍රකාශනය කෙතරම් සෘජුව සිදුවුනේදයත් මගේ කන ගුණේ අයියගෙ කතුරට අහුනොවී බේරුනේ ගුණේ අයියගේ දස්සකම නිසා…