Skip to main content

Posts

Showing posts from April, 2011

අනේ මචං වරෙන්...

අයි සී යූ එකේ  කොටු වීදුරුව අස්සෙන්... එබීගෙන ඉන්න... විසබීජ තොගේකට...  ඔක්සිජන් බට වලට මැදිවෙච්ච.... උඹේ මැර මූණ පේනකොට..  වෙනදා හිනාවෙවී  ඉන්න එවුන්... අඬන්න ගත්තා... ඒත් උඹ එනකම්  තාම උන් හිනා වෙනවා...  වරෙන්...  මේ ගල් බෝතලේ ඉවරවෙන්න කලින්... නැත්නම් අපි තනියම බොනවා..  අනේ...  මචං... උඹ නැතුව බොන්න බෑ.... වරෙන්.... එනගමන් රයිස් එකක් දාගෙන  චීස් එකකුත්..  අරන් වරෙන්....