Skip to main content

Posts

Showing posts from August, 2012

ජයසේන..

"ජයසේන .. ඔළුවත් කපලා බලමු.. " මම එහෙම කියනකොට ජයසේන හෝල්ඩරයට හයිකරලා තිබුන යකඩ කපන කියත අතට අරන් ඉවරයි. මේක මගේ මුල් වතාව වුනාට ජයසේනගේ මුල් වතාව නොවන හින්දා කිසිම දෙයක් අමුතුවෙන් කියන්න උවමනාවක් තිබුනේ නෑ. අපරාදේ මට නුවන් අයිය එක්ක කලින් දවසක එන්න තිබුනා. මම සිතුවිල්ලේ ඉන්න අතරේ ජයසේන ඔළු කට්ටෙන් බාගයක් කපලා ඉවර කරලා තිබුනා..      ***************************************************************** නුවන් අයියා මම එන්න අවුරුදු තුනකට විතර කලින් ගල්ලෑල්ලේ රජයේ රෝහලේ සේවයට අනුයුක්ත කරලා තිබුනා. කලින් දොස්තරලා දෙන්නෙක් හිටපු ඒ ඉස්පිරිතාලෙට මමත් ආවට පස්සේ දොස්තරලා ගාන තුනක් නොවුනේ රම්‍යා අක්කා මම එනවත් එක්ක රත්නපුරේට මාරුවක් හදාගත්තු නිසා. ඒත් එක්ක ඇතුලේ ක්වාටස් එකේ හිටපු අළුත් දොස්තර මහත්තයා උඩ ක්වාටස් එකට මාරුවුනා. ගල්ලෑල්ලටම තිබුන එකම ඉස්පිරිතාලේ තිබුන ඉඩමට අල්ලපු ඉඩමේ ගල්ලෑටම තිබුන එකම ඩිස්පැන්සරිය පිහිටලා තිබුනා. හවස පහමාර වෙනකම් ඉස්පිරිතාලේ නිකං බෙහෙත් දීපු දොස්තරලා දෙන්නා පහමාරෙන් පස්සෙ සල්ලිවලට බෙහෙත් දුන්නේ එතන. ඇටන්ඩන්ලා තුන්දෙනයි, නර්ස්ලා දෙන්නයි ජයසේනයි අපි දෙන

විදාන වත්ත..

ඒ 1995 වසරයි. ප්‍රදේශය ඇඹිලිපිටිය ග්‍රාමයයි. හැම්බෝ සිටියට යාබදව නගර සභාවක් ලෙස දැන් පැවතුනද එකල හැමදාම පසලොස්වක රාත්‍රියේ අපේ ගෙදරට නරි කෑගසන හඬ ඇසුනි. ඩිංගිරි ආච්චි නවාතැන් ගෙන සිටියේද අපේ ගෙදරට කිලෝමීටර බාගයක් පමණ දුරින් පිහිටි අක්කරයක් පමණ වූ විදානවත්තේ කොනක තිබුනු වරිච්චි ගෙදරකය. ලා තඹ පැහැති බ්ලොන්ඩ් හිසකේ සමග කළු පැහැති ඩිංගිරි ආච්චිට අපි බයවූයේ අම්මලා කෑම කවන්නේ ඩිංගිරි ආච්චි මතක් කරන නිසාද නැත්නම් වෙනත් හේතුවක් නිසාද කියා තවමත් මට නිච්චයක් නැත. කෙසේ වෙතත් අපි එකල ඩිංගිරි ආච්චිට බයවීමු. ගඳපාන ගාලවලින් පිරුනු විදාන වත්තේ ඩිංගිරි ආච්චිගේ වරිච්චි ගෙදර තිබුන ඉඩ ප්‍රමාණය පමණක් එලි කර තිබුනි. පහල කුඹුරු යායත් විදානවත්තත් බෙදාවෙන්කරන ඇල්බීසියා වැටේ සාදාගත් සිදුරකින් ගඳපාන ගස්වලින් පාදාගත් ගඳපාන ගුහාවලින් ඩිංගිරි ආච්චිගේ මන්තරකාර වැඩගැන ඔත්තුබැලීම පාසල් ඇරී ගෙදර ආවාට පසු අපගේ මූලික කාලසටහනට ඇතුලත්ව තිබුන ක්‍රියාවලියකි.  විටක ඩිංගිරි ආච්චි කළුපාට මුට්ටියකට හාල් දමා ලිපේ තබයි. පසුව ලිප ලඟ ඇණ තබාගෙන මොනවදෝ ගින්දර වලට මතුරයි.  " ඹය බත්වලට මතුරන්නේ අපිව මරන්න. ඔය බත් කෑවම කටි