Skip to main content

වීසා නැද්ද...



පිටරට ගොස් කට්ටි පැන අතරමං වන යෞවනය "මිල්ල සොයා" තුලින් අපි අත්වින්දෙමු... ප්‍රවෘත්ති තුලින් අපි මෙවැනි කතා දහස් වරක් අසා ඇත්තෙමු... දැක ඇත්තෙමු... "මචං" ඔවුනගේ සැඟවුන කතාවයි...
පුරා පැය 2ක් ඇහිපිල්ලමක පමාව පවා පසුතවිල්ලකට හේතුවන සිද්ධි දාමයක් අවසානයේ එකම අර්මුනක් කරා මෙහෙයවෙන සිනමා රූපයක් ලෙස "මචං" ට මම දෑතම ඔසවා මනාපය ප්‍රකාශ කරන්නේ එබැවිනි...
"මචං" ලාංකිකයින් ඇමතිය යුතු ආකාරයට ඔවුන්ව අමතා ඇත. අපේ හදවතේ වදින තැනට හරියාකාරව පහර එල්ල කිරීමට සමත්ව ඇත. "මිල්ල සොයා" වුවද එම කාර්යයෙහිලා "මචං"ට සාපේක්ෂව දක්වනුයේ පසුගාමීත්වයකි... "මචං" සිනමා ශාලාවෙන් එපිටදීත් ප්‍රෙක්ෂකයා හට සිතන්නට යමක් ඉතිරි කර ඇත්තේ එබැවිනි..

"මට මේ ජර්සිය මහ බරක් වගේ දැනුනා බං"
ස්ටැන්ලි ශ්‍රී ලාංකිකයෙකි.. ස්ටැන්ලි ලංකාව හැර යන්නෙ කරන්න දෙයක් නැති කමටය.. එහෙව් ස්ටැන්ලිලා තරඟා වලියෙන් පැන නොගොස් දිගින් දිගට තරඟ වදිනුයේ ඔවුන් තුල පවතින ලාංකීයත්වය නිසාය... ඇත්තටම අපේ දේශියත්වය එසේ අපේ සිත් තුලින් අතු ගෑ දැමිය හැකිද..? "මචං" හුදෙක් වීසා නැති යෞවනයින්ගේ කතාවක් පමණක් නොවන්නේ එබැවිනි...

අප දුටු ස්ටැන්ලිලා, සුරේශ්ලා දෙනොදාහක් සිටිය හැක.. ඔවුන්ගේ කතාව මෙය නොවන්නටත් ඉඩ තිබේ.. නමුත් අවසානය පොදුය... ලාංකිකයින් මෙසේ විදෙස් තුල තවදුරටත් "පීචං" විය යුතුද..?
කතිකාවතක් දියත් කුලේ අපට ඉතිරිව ඇත...
( ස්තුතිය ප්‍රියංකර සහ මලීට )

Comments

malee_msg said…
බලන්න වෙලාව නෑ කිව්ව මනුස්සයා සතියක් යන්න කලින්ම බලලා වගේ නියමයි..!
ලිපියත් නියමයි!


" ලාංකිකයින් මෙසේ විදෙස් තුල තවදුරටත් "පීචං" විය යුතුද..?"
නැහැ කොහෙත්ම නෑ..අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්ණ වලට රට ඇතුලෙදිම යාන්තම් හරි විසදුම් ලැබෙනවා නම් මේ තත්වේ ඇති වෙන්නේ නෑ... අනිත් පැත්තට අපට අමතක කරන්න බෑ.. පීචං නොවී විදේශ රටවල ඉහළ නිලයන් දරණ අපේම අයව..අපේ රටේ කොතනක හරි ලොකු ‍වැ‍රැද්දක් වෙලා තියනවා..අම්මා වරු කාන්තාරේ දුක් විදිනවා.. කොල්ලෝ හොරෙන් රට පනින්න හදනවා...ගෑණු ළමයි ක‍ලාපෙට වෙලා කකුල් ගෙවෙනකම් මැෂින් පාගනවා ‍ඇත්තටම කොතනද අපිට වැරදුනේ? බලාගෙන ගියහම අපි ඉපදෙන්නත් කලින් ඉදන්ම හිටිය අය වැඩ අනාගෙන වගේ නේ?
ඕක කොච්චර කතා කලත් ඉවරවෙන ප්‍රශ්නයක් නම් නෙමෙයි...කොතනද අපිට වැරදුනේ... අනේ මන්දා....
Anonymous said…
"මචං" බලන්න යන්න ඕන මචං. ඒත් මචං කොහෙද මචං අපිට වෙලාවක් , ඕවා බලන්න යන්න මචං.
ඉතිං මචං දැන් වැඩ ඉවරයිනෙ මචං... දැන්වත් ගිහින් බලපන්කො මචං... මොනාද මචං.....

වැඩිපුර බලපු..

දේශද්‍රෝහියා...

මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්‍රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්‍රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

එය සිදුවිය යුතුව තිබුනි....!

එය එතරම් අසීරු යැයි එය සිදුවනතුරු මම දැනගෙන සිටියේ නැත. එය සිදුවිය යුතුව තිබුනි. නමුත් අප දෙදෙනාගෙන් එකෙකු හෝ එය භාරගන්නට සූදානම් නොවීය. අවසානයේ එය සිදුවී ඇත...! ජීවිතය නම් වූ නවකථාව තුල දෑවුරුද්දක පරිඡේදයක්  අවසාන වී ඇත. කතන්දර ගොඩක් මැද්දෙ හමුවූ දෙන්නෙක්  කතන්දර ගොඩක් මැද වෙන්වී ගොසින්ය සියල්ල අනාගතයට බාරදී අත පිහිදාගන්නට ආත්මාර්ථකාමී ආසාවක් හිතට ආවත් එය සිදුකිරීම එතරම් පහසුනම් මම එය දැනටමත් අහවර කොට හමාරය.  කතාන්දරය නිල වශයෙන්ම අවසන්ය. අවසානයේ මම පිදුම වෙනස් කරමි.... "මගේ අතේ එල්ලී මගේ කණ් ගොඩ කරපු දම්මිනීට.."  පින්තූරය අහක් කිරීමට තරම් මම මුග්ධයෙකු වී නැත.  එහෙත් දවසක එයද ඉවත් කිරීමට සිදුවනු ඇත..  ආදරය කියන සූදුවෙන් මම පැරදී ඇත.. මම ලඟ තුරුම්පු අවසන් වී තිබුනි... එය සිදුවිය යුතුව තිබුනි....!