Skip to main content

වීසා නැද්ද...



පිටරට ගොස් කට්ටි පැන අතරමං වන යෞවනය "මිල්ල සොයා" තුලින් අපි අත්වින්දෙමු... ප්‍රවෘත්ති තුලින් අපි මෙවැනි කතා දහස් වරක් අසා ඇත්තෙමු... දැක ඇත්තෙමු... "මචං" ඔවුනගේ සැඟවුන කතාවයි...
පුරා පැය 2ක් ඇහිපිල්ලමක පමාව පවා පසුතවිල්ලකට හේතුවන සිද්ධි දාමයක් අවසානයේ එකම අර්මුනක් කරා මෙහෙයවෙන සිනමා රූපයක් ලෙස "මචං" ට මම දෑතම ඔසවා මනාපය ප්‍රකාශ කරන්නේ එබැවිනි...
"මචං" ලාංකිකයින් ඇමතිය යුතු ආකාරයට ඔවුන්ව අමතා ඇත. අපේ හදවතේ වදින තැනට හරියාකාරව පහර එල්ල කිරීමට සමත්ව ඇත. "මිල්ල සොයා" වුවද එම කාර්යයෙහිලා "මචං"ට සාපේක්ෂව දක්වනුයේ පසුගාමීත්වයකි... "මචං" සිනමා ශාලාවෙන් එපිටදීත් ප්‍රෙක්ෂකයා හට සිතන්නට යමක් ඉතිරි කර ඇත්තේ එබැවිනි..

"මට මේ ජර්සිය මහ බරක් වගේ දැනුනා බං"
ස්ටැන්ලි ශ්‍රී ලාංකිකයෙකි.. ස්ටැන්ලි ලංකාව හැර යන්නෙ කරන්න දෙයක් නැති කමටය.. එහෙව් ස්ටැන්ලිලා තරඟා වලියෙන් පැන නොගොස් දිගින් දිගට තරඟ වදිනුයේ ඔවුන් තුල පවතින ලාංකීයත්වය නිසාය... ඇත්තටම අපේ දේශියත්වය එසේ අපේ සිත් තුලින් අතු ගෑ දැමිය හැකිද..? "මචං" හුදෙක් වීසා නැති යෞවනයින්ගේ කතාවක් පමණක් නොවන්නේ එබැවිනි...

අප දුටු ස්ටැන්ලිලා, සුරේශ්ලා දෙනොදාහක් සිටිය හැක.. ඔවුන්ගේ කතාව මෙය නොවන්නටත් ඉඩ තිබේ.. නමුත් අවසානය පොදුය... ලාංකිකයින් මෙසේ විදෙස් තුල තවදුරටත් "පීචං" විය යුතුද..?
කතිකාවතක් දියත් කුලේ අපට ඉතිරිව ඇත...
( ස්තුතිය ප්‍රියංකර සහ මලීට )

Comments

malee_msg said…
බලන්න වෙලාව නෑ කිව්ව මනුස්සයා සතියක් යන්න කලින්ම බලලා වගේ නියමයි..!
ලිපියත් නියමයි!


" ලාංකිකයින් මෙසේ විදෙස් තුල තවදුරටත් "පීචං" විය යුතුද..?"
නැහැ කොහෙත්ම නෑ..අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්ණ වලට රට ඇතුලෙදිම යාන්තම් හරි විසදුම් ලැබෙනවා නම් මේ තත්වේ ඇති වෙන්නේ නෑ... අනිත් පැත්තට අපට අමතක කරන්න බෑ.. පීචං නොවී විදේශ රටවල ඉහළ නිලයන් දරණ අපේම අයව..අපේ රටේ කොතනක හරි ලොකු ‍වැ‍රැද්දක් වෙලා තියනවා..අම්මා වරු කාන්තාරේ දුක් විදිනවා.. කොල්ලෝ හොරෙන් රට පනින්න හදනවා...ගෑණු ළමයි ක‍ලාපෙට වෙලා කකුල් ගෙවෙනකම් මැෂින් පාගනවා ‍ඇත්තටම කොතනද අපිට වැරදුනේ? බලාගෙන ගියහම අපි ඉපදෙන්නත් කලින් ඉදන්ම හිටිය අය වැඩ අනාගෙන වගේ නේ?
ඕක කොච්චර කතා කලත් ඉවරවෙන ප්‍රශ්නයක් නම් නෙමෙයි...කොතනද අපිට වැරදුනේ... අනේ මන්දා....
පහන් said…
"මචං" බලන්න යන්න ඕන මචං. ඒත් මචං කොහෙද මචං අපිට වෙලාවක් , ඕවා බලන්න යන්න මචං.
ඉතිං මචං දැන් වැඩ ඉවරයිනෙ මචං... දැන්වත් ගිහින් බලපන්කො මචං... මොනාද මචං.....

වැඩිපුර බලපු..

වඳුරන්ගේ රට.

ඒ අනාගතය කියලා පටන්ගත්තොත් අනාගතය කොයි වගේ එකක්ද කියල අපේ හිත්වල තියෙන පින්තූරයට මේක ටිකක් සමාන වෙලා පෙනෙන්න පුළුවන්. ඒ පින්තූරය හදලා තියෙන්නේ වැඩිපුරම පොත්වලින් සහ චිත්‍රපටිවලින් කියලා කිව්වොත් වැරැද්දක් නෑ. කවුරුහරි මේක Planet of the Apes වගේ කතාවක් කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ හරියකුත් නෑ.

අපි ඒ ග්‍රහලෝකයට මැඩේෂියාව කියලා කියමු. මැඩේෂියාව භූ පිහිටීම අතින් ගත්තොත් තනි මහද්වීපයකින් සමන්විත විවිධ ජනවර්ග වලින් සමන්විත වුන රටක්. එක අතකින් මැඩේෂියාව සිංගප්පූරුවට සමානයි. 

මේක අතීතය, අනාගතය, වර්තමානය යන තුන්කාලයෙන් ඕනිම කාලයක සිදුවෙන්න පුළුවන් සිදුනොවෙන්නත් පුළුවන් සිදුවීමක්. හෝමෝ නියර්ඩල්තාල්ගෙන් හෝමෝ ඉරෙක්ටස්ට පරිණාමය වුනේ වඳුරා වුනාට හෝමෝ ඉරෙක්ටස්ගෙන් හෝමෝ එක්සලන්ස් වෙන්නේ ඔය වඳුරාද කියන ගැටළුවත් එක්ක අපි කතාව පටන්ගමු. මෙන්න මේ හේතුව නිසා තමා මැඩේෂියාව තුල මැඩේෂියාවේ පූර්වජයා ලෙස ඉගැන්වෙන චිම්පන්සියාව දේවත්වයෙන් සලකන්නේ.



මැඩේෂියාව මූලිකව ද්වී ආගමික රටක්. චිම්පන්සියුස් නමින් හැඳින්වෙන මූලික ආගම නිර්මාණය වෙලා තියෙන්නේ මැඩේෂියාවන් පැවත එන්නේ චිම්පන්සින්ගෙන් කියන හරය පදනම් කරගෙන…

ගබ්සාව..

සුජ්ජා අවසාන වතාවට මට හමුවෙන විට ඌ හිටියේ පෝරු මස්තකාරූඩවය. ඉන්පසුව මට වුවමනාවක් නැතිකම හෝ වැඩවැඩිකම හෝ ඌ අතුරුදහන් වීම හෝ වෙන කිසියම් කරුණක් නිසා මට ඌ හමුවුනේ නැත. කෙසේවෙතත් මම විශ්වවිද්‍යාලයට යන කාලේ ඌ මගේ රූමා යන්න වග මට මතකය.

           සුජ්ජා සුන්දර මනුස්සයෙකි. ඒ ඌ කිසිම දෙයක් පිලිඹඳ ඕනාවට වඩා නොසිතන නිසා යැයි මම සිතමි. ඒ අවුරුදු හතර තුල සුජ්ජා මගේ හොඳම මිතුරන් කිහිප දෙනාගෙන් එකෙකු වීමට එයම හේතුවුනා යැයි මම සිතමි. ඒ කවරකටත් වඩා සුජ්ජා මට මතක හිටින්නේ වෙන හේතුවක් නිසා කිව්වොත් ඒ බොරුවක් නොවේ.

ලතා..
සුජ්ජා ලතා සමග හාද වෙනකොට විශ්වවිද්‍යාලෙට ගිහින් මාසයක්වත් නැතුව ඇති. පෞද්ගලික ආයතනයක අයි ටී උගන්නපු ලතා සුජ්ජා එක්ක යාළුවුනේ සුජ්ජාගේ තිබුන යම් ගුණයක් නිසා වෙන්න පුළුවන්. කෙසේවෙතත් හැමඑකටම හිනාවෙන්න පුළුවන් සුජ්ජාත් එක්ක යාළුවුන ලතා වාසනාවන්තයි කියලා මට නම් මේ දැනුත් හිතෙනවා. කොහොමත් මේ සම්බන්ධයට මාස හයක් විතර යද්දි සුජ්ජායි මගෙයි අතර සම්බන්ධතාවය හරිම යාන්ත්‍රික වෙලා තිබුනේ, ඒක සමහරවිට පුරුද්දට වගේ සතියකට ගිහින් ගහන ගල්බාගෙකට, හවසට කම්මැලිකම යන්න ගහපු සිගරට් එකකට සීම…

රේවත

වර්ෂය 1992 වන්නට ඇත. විශ්වවිද්‍යාලයෙන් ඉවත්වී ගුරු ජීවිතය පටන්ගත්තු අළුතම හත්දාමගුල හත් මාසයක් යන්න කලින් අහවර වුන නිසා මගේ හිත හදාගන්න කියලා මමම රාගල පඥ්ඥාසේකර විද්‍යාලයට සාමාන්‍ය පෙල ගණිතය උගන්වන්න ගියා. විරහ දුක හරි දිවිනසාගන්න හිතෙන තරම් පාළුව හරි වෙන මොකක් හරි එකක් මගේ හිතේ කොනක ඇරෙන්න වෙන කොහෙවත් නොතිබුනාට මම රාගල මාරුවට කැමැත්තෙන්ම ගියේ මට වටෙන් පිටෙන් ඉමෝෂනල් වෙන්න තියෙන හේතුවලින් පැනලා යන්න කියලා කිව්වොත් සෑහෙන්න හරි. ඊට අමතරව රාගල මීදුමත් සීතලයත් මදි පාඩුවට තිබුනා.



පඥ්ඥාසේකර විද්‍යාලය රාගල තිබුන ලොකු ඉස්කෝලයක් වුනාට පොඩි ස්කෝලයක්. ගෑනියෙක්ට වඩා සීතලට ආදරේ කරන මිනිහෙක් වුන මම ඇරෙන්න ඒ ඉස්කෝලෙට කැමැත්තෙන් ගිහින් තිබුනේ දණිස්සාගම රේවත හාමුදුරුවෝ. පෙනුමෙන් දිඹුලාගල හාමුදුරුවෝ වගේ වුනාට මට වඩා අවුරුදු පහක් විතර වැඩිමල් වුනාට රේවත හාමුදුරුවන්ගේ රැවුල පැහිලා තිබුනේ නෑ. ඉඳලා හිටලා මරන මදුරුවෙක් ඇරුනාම සිල්වත්කමිනුත් එච්චර අඩුවක් හාමුදුරුවන්ගේ තිබුනේ නෑ.

හාමුදුරුවන් රාගල ගමේ ප්‍රසිද්ද වෙලා තිබුනේ ගමේ තරුණ සමිතිය නිසා කිව්වොත් වරදක් නෑ. කැත්තේ උදැල්ලේ වැඩ පුරුදු වුනත් පසුකාලීන් සරීරයට…