Skip to main content

Posts

Showing posts from February, 2010

මම ගෙදර ගියෙමි...

                මාර්තු පලමුවැනිදා පුහුණුවට පෙර ගෙදර යාමට අවශ්‍ය නිසාත්, අම්මා ගෙදරට එන පාර ඇඳ ලියුමක් එවීමට ඉඩ ඇති නිසාත් අවසානයේ මම ගෙදර යාමට තීරණය කලෙමි. පුරුද්දක් වශයෙන් ගෙදර යනවිට අත වන ‍වනා යාම සිදුකල නමුත් දම්මිනී විසින් "හඬනු මැන නිදහස" කියවා අහවර කර තිබූ නිසා කොටුවට යාමට 138 ක ගොඩවුන මගේ වැනුන අත් දෙකෙන් එකකට එම පොතද එකතු වී තිබුනි.                  පෙරවදන කොටුව ඉස්ටේසමට යනවිට කියවා අහවරය. එතැන් සිට බස් එකට නගින තුරුත් බස් එකේ වාඩි වී බස් එක අද්දන තුරුත් කොන්දොස්තර මලයා පැමිණ ටිකට් කඩන තුරුත් මම සුනිල් මාධව ප්‍රේමතිලක ලිවූ පෙරවදන හා අද ජීවත් වන ප්‍රේමතිලක සංසන්දනය කරමින් සිටියෙමි. "නිර්මාණයට පසු නිර්මාණකරුවා මියයයි" ප්‍රේම කල යුත්තේ නිර්මාණයට මිස නිර්මාණකරුට නොවේ.. මම කලේ මෝඩ වැඩක්.                    ඇහැරෙන විට අවිස්සාවෙල්ලත් පසුවී පුවක්පිටියට ආසන්න වී තිබුනි. මුල සිට සරලව. මම පලමු පරිඡේදය පෙරළුවෙමි.                     රත්නපුරේදී මම පොතට බුක්මාර්ක් එක තබා වසන විට බිකෝ ඩිවෙට්ගේ මුහුණ හරහා පහරක් එල්ල කර හමාරය. කල්ලෙක්ගෙන් සුද්දෙකුට... ඔක්ටොපෑඩ් හඬ අස්සෙන් ජෝ

දෑවුරුද්ද

හෙටක් ගැන නොහිතා අද වියදම් කරනවා කියලා හැම සතියකම මට බනින්න ඇති. යාළුවොත් එක්ක සෙට්වෙලා ආතල් දදා ඉන්නව කියලා මිසක් වෙන වැඩක් නෑ කියලා මට අනන්තවත් කෑ ගහලා ඇති. පාඩම් කරන්නෙ නැතුව පිස්සු කෙලිනවා කියලා මට අනන්තවත් නෝක්කාඩු කියලා ඇති. තරහවුනාම මූණ ඇඹුල් කරගෙන මාත් එක්ක කතා නොකර ඉන්න ඇති. ඉඳලා හිටලවත් බොන්න එපා කියලා අඞලා ඇති දොඩලා ඇති.  ඒත්............. මම බොරුව දාන්න ඇති. ජිල්මාට් දාන්න ඇති. සමහර විට බනින්නත් ඇති. ඊට වඩා උඹ මට ආදරය දෙන්නත් ඇති. ඒකමට හරියට තේරෙන්නත් ‍නැතුව ඇති. "මහවරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙ‍න් එළියයි නෝක්කාඩුවට පසුව ඔබේ වත  ඒ එළියට වැඩියෙන් එළියයි" මේ අවුරුදු දෙක මට මගේ ජීවිතේටම ඇති. සමහරවිට පහුගිය ආත්ම හතෙත් ලැබෙන්න නැතුව ඇති. ප්‍රථම ප්‍රේමයට අවුරුදු දෙකයි..... තුත්තිරි ගහ දැන් පඳුරක් වෙලා..... ජය ශ්‍රී ..... !

සුප්‍රබුද්ධ වික්ටර්

අටේ පන්තියේදී.. මම අපේ ලොවක් සොයා ගියෙමි... ඒත් වික්ටර් වික්ටර්ම විය...... සාමාන්‍යපෙළ කරන වි‍ට.. මම දෙව්රම් වෙහෙරේ නාමලක්ව මියගියෙමි ... ඒත් වික්ටර් ‍වික්ටර්ම විය.... උසස් පෙල අවසන් වන විට.. මම පාවෙන වලාවක තනිතරුව වෙත යාත්‍රා කලෙමි... ඒත් වික්ටර් ‍වික්ටර්ම විය.... සරසවිය ඇරඹුනි... මම පෙම්බර මධූ සමග දෛවයේ සරදම් ලැබුවෙමි .. ඒත් වික්ටර් ‍වික්ටර්ම විය.... අද මම විශ්වවිද්‍යාලයෙන් පිටවී යමි.. අපි ඔක්කම රජවරුය ... ඒත් වික්ටර් ‍වික්ටර්මය....