Skip to main content

Posts

Showing posts from August, 2009

අද්දර ජීවිත

"කාටවත් ඇහුනෙ නෑ නේද?" බකලා අහනකොට ඇඟේ මයිල් කෙලින් වුනේ ඇත්තටම කාටවත් ඇහුනේ නැද්ද කියලා හරියටම විශ්වාසයක් තිබුනෙ නැති නිසා වෙන්න ඇති... "මේකයි වැඩේ.." ගුරා පටන්ගත්ත කතාව ඉවරවුනේ භීතිය එක්ක කලවම් වුන ආතල් එකක් ඔලුවට එකතු කරමින්... "අපි හතරදෙනා මෙහෙම. " භාෂි ඇහුවේ අත්දැකීම් නැතිකම හින්දා වෙන්න ඇති. "ඇයි උඹට යුනිෆෝම් ගහගෙන යන්න ඕනිද ?" බකලා එහෙම කිව්වට බකලත් කලින් මේ වගේ වැඩකට නම් අත ගහලා තිබුනේ නෑ.. කලින් තාප්පෙන් පැන රෑ වැල්ලවත්ත මුහුදු වෙරලට, බම්බලපිටියෙ හන්දියට අනන්තවත් ගිහින් තිබුනත් මේ පාර වැඩේ නම් ටිකක් අන්තරාදායක බව අපිට වැටහුනේ නැතුවමත් නෙමෙයි.. "මොකද සද්ද නැත්තෙ බෑ වගේද ?" ගුරා එහෙම කියලා තවත් මිනිත්තු දෙකක් විතර දෙල්ගහ යට නිහඬව තියෙන්න ඇති... "හරි යමන්" මම උත්තර දුන්නේ ජීවිතේ මෙතෙක් කරලා නැති සමහරවිට ආයෙත් ජීවිතේටම කරන්න ලැබෙන්නේ නැති මේ වගේ වැඩක් කරලා ගුටි කෑවත් කමක් නෑ කියලා හිතුන හින්දා.. අවාසනාවටද වාසනාවටද මන්දා අපි ඒකාලෙ දන්න විදිහට මිනිහෙක්ට විඳින්න පුළුවන් උපරිම දඬුවම ගුටි කෑම කියලා තමා අපේ පොඩි මොලේට වැටහ

සැඟවුන නුවර...

අරුණළු ටික ටික මැකීගෙන එනකොට, ලා හිරු එලිය මාතලේ එලිය කරන්න පටන් අරගෙන... අපි ඩිපෝව හොයාගෙන ගියේ නාරංගමුවට යන බස් එක මගහැරෙයි කියලා බයේ... මැදිවිය පසුකර සිටියත් කොන්දොස්තර අය්යා ජේමිස් අය්යා කියලා කියපු රියදුරු ජේමිස් අය්යා එක්ක අපිත් කුලුපග වුනා. "දෙයියන්ගෙ පිහිටෙන් මහත්තෙලාට දෙක විතර වෙනකොට නාරංගමුවට යන්න පුළුවන් වේවි" එහෙම කියනකොටම ඔරලෝසුව බලපු දුකා "අම්මෝ ඒ කියන්නෙ පැය 6ක් විතරනේ එච්චර වෙලා යනවද" කියලා ඇහුවෙ පුදුමයෙන්. පුදුම නොවෙන්න හේතුවකුත් නෑ. අපි හිතාගෙන හිටියෙ මාතලේ ඉඳන් ටික දුරක් කියලා වුනාට පැය 6ක්ම යන්න තියෙනවනෙ... "පය ඉක්මන් කරලා නාරංගමුවෙ ඉඳන් ගියොත් බිම් කළුවර වැටෙන්න කලින් යාගන්න පුළුවන්" ජේමිස් අය්යගෙ කතාව හරි තමා... අපි හරියටම මීමුරේට යනකොට යකාගෙ කලුවර මීමුරේ ගිලගන්න බලාගෙන හිටියා... අපි විතරක් නම් කමකුත් නෑ... ගෑණු ලමයිනුත් ඉන්න හින්ද නවාතැන් ගැටලුව නම් අපිට දැනිල තිබුනෙ... "විශ්ව විද්‍යාලෙ ලමයි හින්දා බෑ කියන්නත් බෑ.." ලොකු හාමුදුරුවො බණ මඩුවෙ නවාතැන් දුන්නෙ වැඩි කැමැත්තකින් නම් නෙමෙයි... උදේ පාන්දරම කඩමණ්ඩියෙන් තේකක් බ