Skip to main content

හැඳි... ගෑරුප්පු...

සාමාන්‍ය පෙල කරන කාලෙ වගේ ආතල් කාලයක් ආයි ජීවිතේට එන්නෙ නෑ... ඒක එහෙම වෙන්න නේවාසිකාගාරය සෑහෙන දායකත්වයක් දැක්වූවා කිව්වොත් හරි.....
අපි තමා ශිෂ්‍ය නායකයො හැරුනාම නේවාසිකාගාරයේ ඉන්න ජ්‍යෙෂ්ඨයෝ... ඒ හින්දා සෑහෙන වගකීමක් කරපිට තියාගෙන ඉන්නෙ... කලින් යටගිය දවස්වල සමහර දේවල් කියලත් ඇති...
නේවාසිකාගාරයේ විප්ලවවාදීන් කියලා ප්‍රසිද්ද 21 කල්ලිය හෙවත් 10,11 වසර දෙක..
ඔය වසර දෙකේ තිබුනෙ පුදුමාකාර බැඳීමක්. ඒක නිස පාසලේ වුනත් සෑහෙන තැනක් අපිට තිබුනා... කවුරුත් වැඩිය සද්ද දාන්න ආවේ නෑ...
ඔතනිනුත් වඩිපුර ගරුත්වයක් තිබුනෙ 11 වසරට.. ශිෂ්‍ය නායකයින්ටවත් ඒ තත්වය තිබුනේ නෑ...
ඕකට හේතුවන මූලික හේතු 3ක් තිබුනා..
1. සාමාන්‍යයෙන් නේවාසිකාගාරයේ පාඩම් කිරීමට කාලඡේද 2ක් වෙන්වී තිබුනා.. ඔය කාලය ඇතුලත ශිෂ්‍ය නායකයෙක් මුරට ඉන්නවා.. ඔය නිසා කතාව තහනම් වගේම නවකතා කියවීමත් තහනම්.. 11 වසරට ශිෂ්‍ය නායකයෙක් ඉන්නෙ නෑ. හිටියොත් ඉවරයි..
2. කෑම ශාලාවේ පොලිමේ ඉන්නකොට ත් 11 වසර පොලිමෙ ඉන්නෙ නැතුව කෑම ශාලවේ අමතර දොරින් අතුලට යන තම සිද්ද වෙන්නෙ..
ඉතින් ඔය නිසා මහා ප්‍රතිරූපයක් 11 වසරට නේවාසිකාගාරයේ ගොඩනැගිලා තිබුනා..
මට මතකයි අපි 7,8 වසරවල ඉන්නකොට 11 වසරෙ අයියලා පෙනුනෙ යෝධයෝ වගෙ...
ඔය කාරණා දෙකට අමතරව තව ප්‍රධාන හේතුවකුත් තිබුනා... ඕකට කිව්වෙ "මේස අධිකාරි" කියලා...
කෑම ශාලාවේ මේස වෙන වෙනම තිබුනේ.. එක මෙසයකට 8 බැගින්..
ඔය හැම මේසයක්ම 11 වසරෙ ශිෂ්‍යයෙක්ට බාරදීලා තිබුනෙ.. හැමෝටම තැනක් වෙන්වෙලා තිබුනේ.. පෝලිමේ ඇතුලට අවාම තමන්ට අදාල තැන ඉඳගෙන ආගම සිහිකරලා වාඩිවෙනවා...
මගේ වාසගම ඉංග්‍රිසි හෝඩියෙ මුල් අකුරකින් පටන් ගන්න නිසා මට අහුවුනේ 6 වසරේ මේසයක්...
මේසත් ලැබෙන්නෙ වාසනාවට අනුව.. සාමන්‍යයෙන් හොඳටම කන්නෙ 10 වසරෙදි...
11 වසරෙ වැඩ වැඩියි... සමාන්‍ය පෙලට අමතරව "නේවාසිකාගාර දිනය" "මියැසි මිරාවය" "විවිධ ප්‍රසංග" "නිවාසාන්තර ක්‍රීඩා උත්සවය"වගේ වැඩ බොහොමයක් පැවරිලා නිසා කෑම ටිකක් අඩුයි..
10 වසරේ මේසයක් හම්බවෙනවා කියන්නෙ අවාසනාවක්... කන්න නම් නෑ වගෙ තමා. හැබැයි වැඩ අඩුයි පුරුදුකාරයොනෙ ඉන්නෙ...
6 වසරේ මේස ලැබෙන්නා ඉතා වාසනාවන්තයෙක්.. 6 වසරේ මල්ලිලා ආපු ගමන්නෙ ගෙදර ගැනමයි කල්පනාව... කන්නෙ බොන්නෙ ඉතා අඩුවෙන්..
හැබැයි වැඩ වැඩි.. පොඩ්ඩ බැරිවෙන්න බෑ... කඳුලු...
අනික අපිට තියෙන බය.යක්කු කියලා හිතාගෙන ඉන්නවද කොහෙද?.
හැඳි ගෑරුප්පු භාවිතයෙ තියෙන දුර්වලතා නිවැරදි කිරීම.පිඟානට හැඳි වදින සද්දේ අඩු කරන්න. ඔය වගෙ වැඩ ගොඩයි...
කොහොමහරි මේ පොඩි එවුන් ටික අපහු මාව මුල් දවස්වලට ගෙනිච්චා...
මේක තනිකර මනෝ විද්‍යා පාඩමක් වගේ වෙලා තිබුනේ...
මේස වල වැඩි ඉල්ලුමක් තිබුනේ මස් මාළු නොකන අයට.. මගේ මේසෙම 4ක්... ඉතිං මගේ මේසෙ එහා පැත්තෙ හිටපු ඉස්සටත් මස් කෑලි 2ක් සොසේජස් 2ක් මීට් බෝල් 2ක් සාමාන්‍යයෙන් හම්බවෙනවා..

මේ සංස්කෘතින් මේ ආචාර ධර්ම මත නේවාසිකාගාරයේ පැවැත්ම තීරණය වුනා..ඒක තෙරුම් ගත්ත නිසා තම මේ සිරිත් හැම අවුරුද්දකම ඒ අකාරයටම මුක්ත වෙවී තිබුනේ.. අදටත් අපි ඒවා සිහිකරමින් පැය 3-4 ගෙවලා දාන්නෙ අපෙ ජීවිත එක්ක ඒ සිද්ධි එච්චරට බැඳිලා තියෙන නිසා වෙන්න ඇති...

Comments

Nevi said…
ඇත්තටම මේක කියවනකොට පාසල් කාලෙට ඇදිල යනවා නොදැනිම.....
කතාව ඇත්ත ... අපි තාම ඒ මතකයන් තුල ජීවත් වෙනවා...
අනිවාර්‍යයෙන්ම නේවාසිකාගාරයක ජීවත් වෙන අය අනිත් හැමොටම වඩා ගොඩක් දෙවල් වලින් ඉදිරියෙන් ඉන්නවා. මොකද අනිත් ළමුන්ට වඩා ඔවුන්ට සමාජ ආශ්‍රයක් යහපත් සිරිත් විරිත් ආදි සැම දෙයක්ම වැඩිපුර ලැබෙනවා. නමුත් මේක හැමොටම හරියන්නෙත් නෑ.
malee_msg said…
අනේ මට නම් ඔය වගේ අත්දැකීම් නෑ අප්පා.. අපරාදේ
චමිල said…
හොස්ටල් අයගෙන් ගේම ඉල්ලන්නේ නෑ කියලා නම් මතකයි
Bo said…
පාසැල් නේවාසිකාගාර තුල සුන්දර මතක ගොඩනැගී තිබෙනවා දැක්කම සතුටුයි, ඒත් ලොකු වෙන කොට ඇයි සහෝදරත්වය සදාචාරධර්ම වගේ දේවල් හීන වෙන්නේ
ඇත්තටම සදාචාර අචාර ධර්ම හීන වෙනවද...? මම දකින විදිහට මිනිසාගේ ඇතුලත කවදාවත් වෙනස් වෙන්නෙ නෑ ඒවා මිනිස්සු විසින් බලෙන් වැද්ද ගන්න දේවල්.. ඕක තමන් විසින් දියුනු කර ගත යුතුයි... "බෝ" දාන හැම සටහනෙන්ම සංවාදයක් ඉතුරු වෙනවා.. කාලීනයි වගේම අර්ථාන්විතයි... බොහොම ස්තුතියි...
මලීට මේවා නැතුවට අනන්තවත් අපිට නැති අත්දැකීම් ඇතිනෙ... අපිත් ආසයි ඒවා දැනගන්න...
සිලියා උඹට අපෙන් ගේම ඉල්ලන්න ඕනි වුනේ නෑ... කොහොමත් අපි වූෂු ගහපු අයගෙන් ගේම ඉල්ලුවෙ නෑ... හික්...
සමාජ ආශ්‍රය නම් ටිකක් අඩුයි... අපි ඉස්කෝලෙ අක්කර 36 ට කොටුවෙලා හිටියේ... එත් හැම ජාතියෙම එවුන් හිටපු නිසා කොල්ලෙක් හැරෙනකොට කියන්න පුලුවන්... හැබැයි කෙල්ලො ගැන නම් අපිට කිසිම දෙයක් කියන්න බෑ අත්දැකීම් නෑ වගේ තමා...
සමාජ ආශ්‍රය කීවේ අපේ හොස්ටල් එකේ හිටියා ළමයි දෙසීය ගානක්. ලංකාව හතර වටින් ආපු එක එක ජාතියේ. අපි හොස්ටල් එකෙන් එළියට එනකොට ඕනම මනුස්සයෙක් අශ්‍රය කරන්නේ කොහොමද හොඳ මිනිහා කවුද නරක මිනිහා කවුද කියලා තොරගන්න පුළුවන් කමක් තිබ්බා.
Supun Sudaraka said…
අප්පා... ලොකු අයියා! :D
මම නවය වසරේදි හොස්ටල් එකෙන් අයින් වුනා නෙව. අපරාදේ. මේ අවුරුද්දේ හොස්ටල් එකේ හිටියානම් අම්බානකට කන්න තිබුනා. කිව්වා වගේ හය වසරෙදි අපි එකොළහේ එවුන්ට පරාණ බයයි.

මට තව ලියන්න හිතෙනවා... ඒත් වෙලාව නෑනේ.
:)

වැඩිපුර බලපු..

වඳුරන්ගේ රට.

ඒ අනාගතය කියලා පටන්ගත්තොත් අනාගතය කොයි වගේ එකක්ද කියල අපේ හිත්වල තියෙන පින්තූරයට මේක ටිකක් සමාන වෙලා පෙනෙන්න පුළුවන්. ඒ පින්තූරය හදලා තියෙන්නේ වැඩිපුරම පොත්වලින් සහ චිත්‍රපටිවලින් කියලා කිව්වොත් වැරැද්දක් නෑ. කවුරුහරි මේක Planet of the Apes වගේ කතාවක් කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ හරියකුත් නෑ.

අපි ඒ ග්‍රහලෝකයට මැඩේෂියාව කියලා කියමු. මැඩේෂියාව භූ පිහිටීම අතින් ගත්තොත් තනි මහද්වීපයකින් සමන්විත විවිධ ජනවර්ග වලින් සමන්විත වුන රටක්. එක අතකින් මැඩේෂියාව සිංගප්පූරුවට සමානයි. 

මේක අතීතය, අනාගතය, වර්තමානය යන තුන්කාලයෙන් ඕනිම කාලයක සිදුවෙන්න පුළුවන් සිදුනොවෙන්නත් පුළුවන් සිදුවීමක්. හෝමෝ නියර්ඩල්තාල්ගෙන් හෝමෝ ඉරෙක්ටස්ට පරිණාමය වුනේ වඳුරා වුනාට හෝමෝ ඉරෙක්ටස්ගෙන් හෝමෝ එක්සලන්ස් වෙන්නේ ඔය වඳුරාද කියන ගැටළුවත් එක්ක අපි කතාව පටන්ගමු. මෙන්න මේ හේතුව නිසා තමා මැඩේෂියාව තුල මැඩේෂියාවේ පූර්වජයා ලෙස ඉගැන්වෙන චිම්පන්සියාව දේවත්වයෙන් සලකන්නේ.



මැඩේෂියාව මූලිකව ද්වී ආගමික රටක්. චිම්පන්සියුස් නමින් හැඳින්වෙන මූලික ආගම නිර්මාණය වෙලා තියෙන්නේ මැඩේෂියාවන් පැවත එන්නේ චිම්පන්සින්ගෙන් කියන හරය පදනම් කරගෙන…

ගබ්සාව..

සුජ්ජා අවසාන වතාවට මට හමුවෙන විට ඌ හිටියේ පෝරු මස්තකාරූඩවය. ඉන්පසුව මට වුවමනාවක් නැතිකම හෝ වැඩවැඩිකම හෝ ඌ අතුරුදහන් වීම හෝ වෙන කිසියම් කරුණක් නිසා මට ඌ හමුවුනේ නැත. කෙසේවෙතත් මම විශ්වවිද්‍යාලයට යන කාලේ ඌ මගේ රූමා යන්න වග මට මතකය.

           සුජ්ජා සුන්දර මනුස්සයෙකි. ඒ ඌ කිසිම දෙයක් පිලිඹඳ ඕනාවට වඩා නොසිතන නිසා යැයි මම සිතමි. ඒ අවුරුදු හතර තුල සුජ්ජා මගේ හොඳම මිතුරන් කිහිප දෙනාගෙන් එකෙකු වීමට එයම හේතුවුනා යැයි මම සිතමි. ඒ කවරකටත් වඩා සුජ්ජා මට මතක හිටින්නේ වෙන හේතුවක් නිසා කිව්වොත් ඒ බොරුවක් නොවේ.

ලතා..
සුජ්ජා ලතා සමග හාද වෙනකොට විශ්වවිද්‍යාලෙට ගිහින් මාසයක්වත් නැතුව ඇති. පෞද්ගලික ආයතනයක අයි ටී උගන්නපු ලතා සුජ්ජා එක්ක යාළුවුනේ සුජ්ජාගේ තිබුන යම් ගුණයක් නිසා වෙන්න පුළුවන්. කෙසේවෙතත් හැමඑකටම හිනාවෙන්න පුළුවන් සුජ්ජාත් එක්ක යාළුවුන ලතා වාසනාවන්තයි කියලා මට නම් මේ දැනුත් හිතෙනවා. කොහොමත් මේ සම්බන්ධයට මාස හයක් විතර යද්දි සුජ්ජායි මගෙයි අතර සම්බන්ධතාවය හරිම යාන්ත්‍රික වෙලා තිබුනේ, ඒක සමහරවිට පුරුද්දට වගේ සතියකට ගිහින් ගහන ගල්බාගෙකට, හවසට කම්මැලිකම යන්න ගහපු සිගරට් එකකට සීම…

රේවත

වර්ෂය 1992 වන්නට ඇත. විශ්වවිද්‍යාලයෙන් ඉවත්වී ගුරු ජීවිතය පටන්ගත්තු අළුතම හත්දාමගුල හත් මාසයක් යන්න කලින් අහවර වුන නිසා මගේ හිත හදාගන්න කියලා මමම රාගල පඥ්ඥාසේකර විද්‍යාලයට සාමාන්‍ය පෙල ගණිතය උගන්වන්න ගියා. විරහ දුක හරි දිවිනසාගන්න හිතෙන තරම් පාළුව හරි වෙන මොකක් හරි එකක් මගේ හිතේ කොනක ඇරෙන්න වෙන කොහෙවත් නොතිබුනාට මම රාගල මාරුවට කැමැත්තෙන්ම ගියේ මට වටෙන් පිටෙන් ඉමෝෂනල් වෙන්න තියෙන හේතුවලින් පැනලා යන්න කියලා කිව්වොත් සෑහෙන්න හරි. ඊට අමතරව රාගල මීදුමත් සීතලයත් මදි පාඩුවට තිබුනා.



පඥ්ඥාසේකර විද්‍යාලය රාගල තිබුන ලොකු ඉස්කෝලයක් වුනාට පොඩි ස්කෝලයක්. ගෑනියෙක්ට වඩා සීතලට ආදරේ කරන මිනිහෙක් වුන මම ඇරෙන්න ඒ ඉස්කෝලෙට කැමැත්තෙන් ගිහින් තිබුනේ දණිස්සාගම රේවත හාමුදුරුවෝ. පෙනුමෙන් දිඹුලාගල හාමුදුරුවෝ වගේ වුනාට මට වඩා අවුරුදු පහක් විතර වැඩිමල් වුනාට රේවත හාමුදුරුවන්ගේ රැවුල පැහිලා තිබුනේ නෑ. ඉඳලා හිටලා මරන මදුරුවෙක් ඇරුනාම සිල්වත්කමිනුත් එච්චර අඩුවක් හාමුදුරුවන්ගේ තිබුනේ නෑ.

හාමුදුරුවන් රාගල ගමේ ප්‍රසිද්ද වෙලා තිබුනේ ගමේ තරුණ සමිතිය නිසා කිව්වොත් වරදක් නෑ. කැත්තේ උදැල්ලේ වැඩ පුරුදු වුනත් පසුකාලීන් සරීරයට…