Skip to main content

වෙනසක්...

මම හෝඩිපොත කියෙව්වෙත් ඉස්කොලෙන්. ඉස්කොලෙ හැමදම දැකපු මුහුනු අතරේ අවුරුදු ගානක් ගෙවිල ගියේ දන්නෙම නැතුව.අපි කොල්ලො විතරක් හිටපු නිසා ජීවිතේ ගෙවුනෙ පුදුම විනොදෙන්.. කිසිම බරක් නති නිදහස් ජීවිතයක්.....
පන්තියේ සර්ගෙන් බනුම් ඇහීම හරිම සරලයි. දණගහගෙන ඉන්න එක, වේවැල් පාරක් කන එක අසවෙන් කරන වැඩක්..
හැබයි....
සරසවියෙනම් ඊට වඩා වෙනස්.... ගෑණු ලමයි ඉන්න නිස දේශනයක් අස්සෙ නින්ද ගිහින් දවස් අහුවුනාම විලිලැජ්ජයි...

මේ එක දෙයක් විතරයි තව දෙවල් අනන්තවත්....

මතක් වෙන විදිහට මේව මම දියත් කුලෙත් එක්ක බෙදගන්නවා.....
සත්තයි........!

අදට නවතින්නම්........
ජය..... !

Comments

ඒකට මචං අහුවෙන්නේ නැතිව නිදාගන්න ඕනේ ගරු වගේ, ඒ නැතත් මගෙන් අහ ගනින් අහුවෙන්නේ නැතිව නිදා ගන්න හැටි...
=D
ගෑණු ලමයි ඉන්න නිස දේශනයක් අස්සෙ නින්ද ගිහින් දවස් අහුවුනාම විලිලැජ්ජයි...

‍මචෝ ඇත්තම තත්වෙ නම් දේශනයක් අස්සෙ නින්ද ගියාම උඹට දම්මිනීගෙන් ටොකු පූජාවක් ලැබෙන එක නේද? :D
"ගෑණු ලමයි ඉන්න නිස"

හී හී ගෑණු ලමයිනුත් ඉන්න තාත්ත කෙනෙක්ද ?

වැඩිපුර බලපු..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

දේශද්‍රෝහියා...

මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්‍රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්‍රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..

උක්කුං පටි බෝල බැලන්ස්.. පුක් පේපර්.. පුක් පේපර්...

“මහත්තයා අර ජිනේ මැරිලා“  හමීඩ් මුදලාලි රෙදි මනින ගමන් එහෙම කිව්වෙ මද සිනාවක් එක්කමයි “ මොනවා...! වෙන්න බෑ “  මම එහෙම කිව්වෙ සමහරවිට ජිනේ මැරෙන්නේ නැති එකෙක් කියලා මගේ ඔළුවේ කොනක තිබුන නිසා වෙන්න ඇති “ මිනිහා ඉන්න තැනක් වත් දන්නවාද? “ මම එහෙම ඇහුවේ පව් සමාකරගන්න ගිහින් මූණවත් පෙන්නලා එන්න කියලා හිතාගෙන. ඒත් මාව දන්නේ ජිනේ විතරනේ.. “ ජිනේ “ තාත්තා හැමසතියෙම විකුණන්න ගෙනියන දොර රෙදි යාර 30 ගන්න කොලඹට එනකොට මමත් පස්සෙන් එන්නේ කොලඹ බලන්න. ඒත් අනික් එවුන් කොලඹ ඇවිල්ලා ග්‍රහලෝකාගාරේ, කටුගේ බලලා යනකොට මට බලන්න වුනේ බසාර් එකේ රෙදිකඩ ටිකයි තුන්වෙනි හරස්වීදියේ එලවළු කඩ ටිකයි විතරයි..                 ජිනේ මම මුලින්ම දැක්කේ මම සාමාන්‍ය පෙල කරන කාලයේ වගේ මතකයි. අව්වට කළුවුන අඩි 6 විතර උස ජිනේව මම එදා දැක්කේ යෝධයෙක් වගේ. ජිනේගෙන් තාත්තාගේ කඩේ විකුණන්න බ්‍රෙසියර් දුසිම් දෙකක්, ලංකට් දුසිම් දෙකක් අරගෙන යන එක සිරිතක් වගේ වෙලා තිබුනේ. ලොකු ලොකු කඩවල ලොකු ලොකු නෝනලා මහත්තුරු බර ගනන් දීලා ගන්න ලොකු ලොකු බ්‍රෑන්ඩ් ජිනේ තුට්ටු දෙකට කරත්තේ තියාගෙන විකුණුවා...