Skip to main content

Posts

Showing posts from 2013

දිග කතාවකින් උපුටන දහයක්.

"මහේෂ්ට තියෙන්නේ ක්ලයන්ට්ව අපි කියන විදිහට හසුරුවන්න. ඒකෙන් මහේෂ්ට පඩියක් හම්බවෙනවා. ක්ලයන්ට්ට සල්ලි හම්බුවෙනවා. අපිට කමිෂන් එකක් එනවා." .................................................................... "මහේෂ් ඔයාට මේ වගේ ගෙවන රස්සාවක් ලේසියෙන් හම්බවෙන්නේ නෑ. අනික ක්ලයන්ට්ව හැන්ඩ්ල් කරන්න විතරයිනේ තියෙන්නේ. මම ඔයා වුනානම් මම මේ රස්සාව බාරගන්නවා." .................................................................... සම්පත්, ඔව් ඒ තමා මගේ ක්ලයන්ට්ගේ නම. ඇස්පේන්නෙ නැති පොඩි එකෙක් වුනාට සම්පත් ලමා කටහඬින් කපුගේගෙ සින්දු කියනකොට සම්පත් ඇත්තටම තරුවක් තමා කියලා මටත් හිතෙන්න පටන් අරන් තිබුනේ. කොහොමත් වැඩිකල් නොගිහින්ම සංගීත සංදර්ශන වල නැතිවම බැරි ගායකයෙක් බවට පත්වෙන ලක්ෂන සම්පත්ගේ පහල වෙමින් තිබුනා. ඒකට එක එක්කෙනා එක එක අර්ථකතන දුන්නට මම නම් අජිත් බොස්ගේ ප්ලෑනින් හින්දා සම්පත් මේ තැනට ආවා කියන එක තරයේ විශ්වාස කලා. .................................................................... "ඇස්පේන්නේ නැති මන්දබුද්ධික පෙනුමක් තියෙන පොඩි එකෙක් මාසෙකට ලක්ෂ හතරක් ප

ගබ්සාව..

සුජ්ජා අවසාන වතාවට මට හමුවෙන විට ඌ හිටියේ පෝරු මස්තකාරූඩවය. ඉන්පසුව මට වුවමනාවක් නැතිකම හෝ වැඩවැඩිකම හෝ ඌ අතුරුදහන් වීම හෝ වෙන කිසියම් කරුණක් නිසා මට ඌ හමුවුනේ නැත. කෙසේවෙතත් මම විශ්වවිද්‍යාලයට යන කාලේ ඌ මගේ රූමා යන්න වග මට මතකය.            සුජ්ජා සුන්දර මනුස්සයෙකි. ඒ ඌ කිසිම දෙයක් පිලිඹඳ ඕනාවට වඩා නොසිතන නිසා යැයි මම සිතමි. ඒ අවුරුදු හතර තුල සුජ්ජා මගේ හොඳම මිතුරන් කිහිප දෙනාගෙන් එකෙකු වීමට එයම හේතුවුනා යැයි මම සිතමි. ඒ කවරකටත් වඩා සුජ්ජා මට මතක හිටින්නේ වෙන හේතුවක් නිසා කිව්වොත් ඒ බොරුවක් නොවේ. ලතා.. සුජ්ජා ලතා සමග හාද වෙනකොට විශ්වවිද්‍යාලෙට ගිහින් මාසයක්වත් නැතුව ඇති. පෞද්ගලික ආයතනයක අයි ටී උගන්නපු ලතා සුජ්ජා එක්ක යාළුවුනේ සුජ්ජාගේ තිබුන යම් ගුණයක් නිසා වෙන්න පුළුවන්. කෙසේවෙතත් හැමඑකටම හිනාවෙන්න පුළුවන් සුජ්ජාත් එක්ක යාළුවුන ලතා වාසනාවන්තයි කියලා මට නම් මේ දැනුත් හිතෙනවා. කොහොමත් මේ සම්බන්ධයට මාස හයක් විතර යද්දි සුජ්ජායි මගෙයි අතර සම්බන්ධතාවය හරිම යාන්ත්‍රික වෙලා තිබුනේ, ඒක සමහරවිට පුරුද්දට වගේ සතියකට ගිහින් ගහන ගල්බාගෙකට, හවසට කම්මැලිකම යන්න ගහපු සිගරට් එක

වයිරා.

මම වයිරා. කතාව කොහොම පටන් ගත්තත් අන්තිමට ඉවරවෙන්නේ එකම විදිහට හින්දා මම ලේසි විදිහෙන් පටන් ගන්නම්. මගේ ගොන් ජීවිතයේ වැස්සියෝ දෙතුන් දෙනෙක්ගෙන් කට්ට කාලා තිබුනත් රත්තිට වෙන නාම්බෝ දෙතුන් දෙනෙක් යෝජනා ගෙනත් තිබුනත් මම රත්ති ගැන හිතාගෙන හිටියා. හඳයා... හඳයා මට වඩා වයසයි. පුන්නක්කු පාවිච්චියක් නෑ. හඳයාත් රත්තිට යෝජනා වුන එක නාම්බෙක්. මම ඊයේ වෙනකම් හිතාගෙන හිටියේ රත්ති මට කැමතියි කියලා. හඳයාට රත්ති කැමති නැති බව රත්ති මට කියලා තිබුනා. ඒත් ඊයේ පාන්දර ගලගාව වෙල්යායේදී රත්ති හඳයාට කැමැත්ත දුන්නා කියලා කිව්වා. ඒ ඇයි කියන්න රත්ති දැනගෙන හිටියේ නෑ, එක්කෝ කියන්න බැරිකමක් තිබුනා, නැත්නම් වුවමනාවක් තිබුනේ නෑ වෙන්නත් පුළුවන්. රත්ති එක්ක මගේ ලොකු සම්බන්ධයක් තිබුනේ නෑ. ඒත් රත්තිගේ ඒ දික් හොම්බ, වයිරන් වැටුන හම, සැරින් සැරේ මැස්සෝ අයින් කරන්න මගේ පිට උඩට වැටෙන රත්තිගේ නැට්ට. මේවාට මම ඒ සතිය ඇතුලේ වශීවෙලා හිටියේ. මම ටිකක් වෙලා පැත්ත ගහලා ඉඳලා ආයි රත්තිට කතා කලා. රත්ති ඇඬුවා, දෙඩුවා, පොලවේ හැපුනා, ඒත් ඊයේ හැම ප්‍රශ්නෙටම උත්තර තිබුන රත්තිට මගේ ප්‍රශ්නවලට දෙන්න උත්තර නැතිවෙලා. සරලවම අපේ සම්බන්