Skip to main content

මිතුර නුඹ වෙනුවෙන්...

නුඹේ නමින් බැඳි ආලය...
මගේ හදින් මැකෙන තුරා..
මගේ සිතේ ඇති තනිකම
දුරින් දුරට ඇදෙන තුරා....
සිනසෙන්න ඇති අයිතිය
නැවතත් මට ලැබෙන තුරා....
බලා හිඳිමි ආලය නුඹ
යලි මා වෙත වඩින තුරා...

Comments

මගේ හොඳම යාළුවෙක්ට වුන ඇබැද්දියක්.... මොනා කරන්නද... දුක සැප නිති පෙරලේ ....
Anonymous said…
කවුද කවුද අපි දන්න කෙනෙක්ද?
අනිවා....
හොයලා බලපං.... අපේ යුවලක් තමා...
පිස්සු හැදෙනවා.....
සු said…
:(
මට නොතේරෙන පොඩි අවුලක් තියෙනවා

මුලදී
"නුඹේ නමින් බැඳි ආලය...
මගේ හදින් මැකෙන තුරා.." කියල කිවුවට පස‍්සෙ අගදී කියන්නෙ ඇයි
"බලා හිඳිමි ආලය නුඹ
යලි මා වෙත වඩින තුරා..." කියල ??

මුලදි කියන්නෙ එපා කියලනෙ
ඉන් පස්සෙ දිගටම කියන්නෙ බලාපොරොත්තුවක් ගැන..

අනේ තේරුණේ නැති නිසයි අහන්නෙ..සමාවී වදාරන සේක්වා..
හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නෙ දැන් බලාපොරොත්තුවෙන් ඉන්නෙ වෙන කෙනෙක්ගෙන් කියන එක වෙන්න ඇති අදහස් කරන්න ඇත්තේ. :D
සු... එක පාරක් ආලයෙන් පැරදිලා මේ පෙම්වතා බලාගෙන ඉන්නෙ වෙන ආලයක් තමන් වෙත එනකම්.... චතුර.. කතාව දන්න නිසා වැඩේ තේරුනා
නේද..?
ඔවැනි පොඩි දේවල්වලට සමාව නොඉල්ලනු මැනව... මට ලිවීමට අයිතියක් ඇතිවාක් මෙන්ම ඔබට ඒ ගැන ප්රශණ කිරීමට අයිතියක් ඇත...
dilanrf said…
මමත් ආලයෙන් පෑරදිලා තමයි ඉන්නේ......! එත් ආයි නම් මට එපා..........:((
ගණන් ගන්න එපා බං කවදාහරි හිමිකාරි හොයාගෙන එයි...
Kanch said…
Adaraya harima sundarai wagema welawakata ..... ane manda....:D
සොදුරු අගන්තුකානනි.
ආලය වෙටෙක සොදුරුයි...
බියකරුයි....
ගුප්තයි......
චපලයි...
පණිරසයි....
තවත් විටෙක 138 බසයක් වැනිය..
එතින් අගන්තුකය
නැගයනු කැමති විටෙක මුදල් ගෙවා...
අයියනායක දෙවිපිහිටයි

වැඩිපුර බලපු..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

වඳුරන්ගේ රට.

ඒ අනාගතය කියලා පටන්ගත්තොත් අනාගතය කොයි වගේ එකක්ද කියල අපේ හිත්වල තියෙන පින්තූරයට මේක ටිකක් සමාන වෙලා පෙනෙන්න පුළුවන්. ඒ පින්තූරය හදලා තියෙන්නේ වැඩිපුරම පොත්වලින් සහ චිත්‍රපටිවලින් කියලා කිව්වොත් වැරැද්දක් නෑ. කවුරුහරි මේක Planet of the Apes වගේ කතාවක් කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ හරියකුත් නෑ. අපි ඒ ග්‍රහලෝකයට මැඩේෂියාව කියලා කියමු. මැඩේෂියාව භූ පිහිටීම අතින් ගත්තොත් තනි මහද්වීපයකින් සමන්විත විවිධ ජනවර්ග වලින් සමන්විත වුන රටක්. එක අතකින් මැඩේෂියාව සිංගප්පූරුවට සමානයි.  මේක අතීතය, අනාගතය, වර්තමානය යන තුන්කාලයෙන් ඕනිම කාලයක සිදුවෙන්න පුළුවන් සිදුනොවෙන්නත් පුළුවන් සිදුවීමක්. හෝමෝ නියර්ඩල්තාල්ගෙන් හෝමෝ ඉරෙක්ටස්ට පරිණාමය වුනේ වඳුරා වුනාට හෝමෝ ඉරෙක්ටස්ගෙන් හෝමෝ එක්සලන්ස් වෙන්නේ ඔය වඳුරාද කියන ගැටළුවත් එක්ක අපි කතාව පටන්ගමු. මෙන්න මේ හේතුව නිසා තමා මැඩේෂියාව තුල මැඩේෂියාවේ පූර්වජයා ලෙස ඉගැන්වෙන චිම්පන්සියාව දේවත්වයෙන් සලකන්නේ. මැඩේෂියාව මූලිකව ද්වී ආගමික රටක්. චිම්පන්සියුස් නමින් හැඳින්වෙන මූලික ආගම නිර්මාණය වෙලා තියෙන්නේ මැඩේෂියාවන් පැවත එන්නේ චිම්පන්සින්ගෙන් කියන හරය...

දේශද්‍රෝහියා...

මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්‍රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්‍රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..