Skip to main content

ඉස්සීම..

හරියටම වෙලාව රෑ 12 ට විතර ඇති. පෝය කිට්ටු හින්දා හද පිරෙන්න පායලා. o/l වලට පඩම් කර කර හිට්යේ එකපාර කාමරේ අදුරු වුනා. හෙමින් හිමින් අඩිය තිය තිය කිට්ටු කලේ අපේ නිදන කමරේ දිහාට.
ලගම ඇද......
නිදගෙන හිටියේ දඩයක්කාරයා. (ඇත්ත නම කියන්න බෑ) .. හතර දෙනෙක් ඇදේ මුලු හතරට කිට්ටු කලා. හෙමින් හෙමින් ඇද ඉස්සෙන්න පටන් ගත්තා..
එකපාර දඩයක්කාරයා හා..... ගාලා අනික් පැත්ත හැරුනා.....
බයවුනු තරමක්..... තව ටිකෙන් ඇද බිම......
යන්තම් ඇද උස්සගෙන එලියට එන්න පටන් ගත්තා. මීටර 2ක් ගියේ නෑ....
එකපාර දඩයක්කාරයාගේ ඔලුව ඉස්සුනා.. කොන් හතරෙන් එකපාර උඩ ගිය ඇද දඩා ගාලා බිම.....
මට යන එන ම නෑ. පැත්තක දඩයක්කාරයා හෝදන්න දාලා තිබුනු තුවාය පත්තක එල්ලලා තිබුනා.. මම බයටම ඒ පත්තට ඇදුනා.
"උඹ මොකද..?"
එකපාරට තුවය අතට ගත්ත මම මූණ පිහිදාන ගමන්
" මූන හෝදන්න ගියා මම මේ උඹේ තුවයෙන් මූන ටිකක් පිහිදාගන්න අවෙ..."
ඒක තුවායක් නෙමෙයි කුනුගොඩක්.....
ගද ඉවසන්න බෑ..
මොනා කියලා කරන්නද... ?
එතකොටම කවුද මගේ කකුලෙන් ඇල්ලුවා..
මලා......
භාෂි.... ඌ දඩයක්කාරයාගේ ඇද යට...
මම එහෙමම එහ පැත්තෙ ඇදේ වඩිවුනා...
දඩයක්කාරයා එක පාර ඇද යටට එබුනා. ඌට තාම නිදිමතේ....
" තෝ මොකද කරන්නේ.."
ඒ දඩයක්කාරයා....
"ඒක තම බo මත් මේ බලුවේ කවුද එකෙක් මගෙ ඇද උඩින් තව ඇදක් තියලනේ..."
භාෂි එහෙම කියනකොට මම එලියට දුවලා හිරකරගෙන හිටපු හිනාව එලියට දාගත්තා..

Comments

හහ් හහ් හා. . . එල මචං එල. . "මගෙ ඇඳ උඩින් තවත් ඇඳක් තියලා". . .
malee_msg said…
hik hik ඒක නම් ශෝක් බයිට් එක
Bo said…
කාලෙකින් හිනා යන යමක් කියවන්න ලැබුනා, ඇත්තටම හාස්‍යජනකයි. ස්තූතියි දිගටම ලියන්න
සු said…
හිනාවෙන්න මතක් වුණේ මේක දැක්කහමයි.. දිගටම ලියන්න .. දිගටම.. දිගටම..
බොහොම ස්තුතියි... ඔහොම කියනකොට ඉතිං නොලියා කොහොමද...?
Supun Sudaraka said…
:D මරු වැඩ නෙව කරන්නේ :D
මේක හොස්ටල් එකේ අත්හදා බලන්නයි කියලා යාළු‍වෝ සැට් එකටත් කියන්න ඕනේ! :D

බිපෙසි.

ඔන්න මේ බ්ලොග් එකට මගෙන් ලැබුණු පළවෙනි ප්‍රතිචාරය!
ඔන්න දිගටම ලියන්න ඕනේ... ;)
සිංහල බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගනු ලබනවා...
අඩෝ උඹේ බ්ලොග් එක මං දැනං හිටියේ නෑ බං... දැං දිගටම කියවනවා මුල ඉඳං... නිසඳැස් කියවන්න බෑ... ඔලුව කූල් මදි ඊයෙ රෑ වට්ටියගෙ තාත්තගේ හත්දොහේ බණට ගොහින් නිදි වරාපු නිසා... එල බන් මට මාර සන්තෝසයි මේ කතාව දැකලා...

වැඩිපුර බලපු..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

රති කෙලිය....

අන්තිම පෙළ යාබද අසුනේ.... රතී වීමට තැත් දරන ඈ ... අසුන යහන කොට.... ඔහු හා රගන විසූක දැක... අනෙක් පස විශාඛාවන් .... අසුනින් නැගිට ගිය සද.... ප්‍රජාපතී තොමෝ ... දුන් ඔවදන් අසා... සිනාසුනි දෙපලම..... අහෝ..... !

කපුටු බෝ...

කිරි කල හතකින් නෑවෙන.  වතුර කල වලින් පෝෂනය වන. කවි වලින් ආසිරි ලබන..  ගාථා වලින් ගෞරව ලබන.. බෝහිමියන්ගේ.. රුහිර උරා ප්‍රසූත්‍ර වන. කපුටන් විසින් අනුභව කරන. බෙටි සමග එලියට විසිවන. සැදැහැවත් බෞද්ධයින්ගේ  තාප්ප උඩ මුල් අදින..  අති ශ්‍රද්ධාවෙන්.. ගලවා විසිකරන. කපුටු බෝ..