Skip to main content

අමිත...



අමිල... පුංචි කාලේ මගෙ එහ පැත්තේ හිටපු අමිල...
මට මතකයි..
ගාමිණී දිසනායක ඡන්දෙ ඉල්ලනකොට මාත් එක්ක ඉස්කෝලෙ ජනාධිපතිවරනය කරලා අනික් පැත්තෙන් ඡන්දෙ ඉල්ලපු අමිල..
කරුමෙට විභාගයක් පාස් වෙලා ගෙන්දගම් පොලවේ පස් පාගපු හින්දා ...
මගෙන් ටිකක් ඈත් වුන අමිල....
ආයි මාත් එක්ක එකතු වෙලා උසස් පෙල කරපු අමිල..
ක්ලාස් එකෙ තාප්පෙන් පැනලා මාත් එක්ක ඇලේ නාන්න ගිය අමිල...
මට මතකයි.....
අපේ ගෙදර පන්තියේ ඉදන් රෑ එලිවෙනකල් බෝල්ට්ස්මාන්, මැක්ස්වෙල්ට, කර්චොෆ්ට, අමු කුණුහරුපෙන් මාත් එක්ක බැනපු අමිල...
හිටපු ගමන් මොරකැටියේ අමිත වුන අමිල....
සුණාමිය බලන්න මාත් එක්ක ගිය අමිල...
කොහොම එපා වුනාද උඹට ගිහිගෙය...
මාත් දැකපුවා නොවෙද...උඹත් දැක්කෙ...
මලකඩ කාපු උඹේ කැරලි කෙස් කැපුවෙ මම විහිලු කල නිසාද..?
සමාවෙයන්...මට....
වැද කකුල් දෙක අල්ලා... හංගා ගත්තා වැටන්න ගිය කදුලු...
නුඹ....
මද සිනාවෙන් කොහොම ඉවසනවාද..?
අනේ මම මොනා කියලා කතා කරන්නද නුඹත් එක්ක...
හාමුදුරුවනේ..
අමිත...

Comments

malee_msg said…
අනේ...හරිම හැගුම් බර සිද්ධියක්. ඔයාට කදුළු ආවට යාළුවට ඔයා ගැන දුක හිතෙන්න ඇති. මොකද මේ ජිවිතේ අපේ වටේ තියන බැදීම් ගොඩකින් යාළුවා නිදහස් වෙද්දි ඔයා තාමත් හිර වෙලා නිසා.
වර්ථමාන රැල්ලට අහුවෙන්නේ නැතුව හිතේ සමාධිය වෙනුවෙන් යාළුවා වැඩ කලොත් එයා අපිට ව‍ඩා බොහෝ ඉදිරියෙන් ඉදීවි.
Rusiru Boteju said…
මේක අැත්ත සිද්ධියක්ද!!! අදහස නම් මරු කියලා වැඩක් නැහැ එල!!!!
Unknown said…
so... touchy... wooohhh is it a real experience?
මටත් හිතාගන්න බැරි කොහොමද මාත් එක්ක හිටපු එකා මෙච්චර වෙනස් වුනේ... අමිත හමුදුරුවෝ... දැන් කදුබොඩ ආරාමයේ... මම දැකපු ඇත්තටම සසර එපාවෙලා පැවිදි වුන හාමුදුරු කෙනෙක් ... මට අමිත හාමුදුරුවො හම්බවෙන්න යන්න බෑ... මම අන්තිම පාර එනකොට ඒක කියලා ආවේ හාමුදුරුවො අන්තිම පාර අවිල්ලා මට පනිවිඩයක් එවලා තිබුනා... ඒත් මම ගියේ නෑ... මම කොහොම යන්නද... මම තාම එච්චර දියුනු නෑ.....
සු said…
අනේ මල්ලි මේ අකුරු කියවන්න අමාරුයි මට නම් රිවර්ස්‍ එ‍කේ කියවද්දි ඇස් රිදෙනවා. :(
ප්‍රමාණයවත් ටිකක් ලොකු කරන්න බැරිද ?
මේ ප්‍රශ්නෙ මට විතරයි නමි එපා .. පොදු ප්‍රශ්නයක් නම් ටිකක් හිතා බලන්න
ස්තුතිය... හරි අක්කෙ වැඩේ හරි... දැන් පැහැදිලිද කියලා බලන්න...
Anonymous said…
දෙපාරක්ම හිතලා තුන්වෙනි වතාවෙ තමයි මෙ ටික ටයිප් කර ගත්තේ. ඔයාගේ යාළුවා දිනුං. සතුටයි දුකයි එක වතාවේ දැනුනා. සටහන අපුරුයි කියනවා හැර ලස්සනයි කියන්න හිතුනේ නැ. හේතුව නං අනේ මංදා.
ඇත්තටම හිතනකොට මට හිතෙන්නෙ ඌ දිනුම් තමා කියලා ඒත් අපිට මේ ලෞකික ජෙවිතෙන් ඈත් වෙන්න පුලුවන්ද... මිනිස්සුන්න්ට උදව් කරන කට හිනාවෙන මේ කාලේ එච්චර කැපකිරීමක් අපිට කරන්න පුලුවන්ද...
Jay said…
ලස්සනට මේ සිද්ධිය ලියලා තියෙනවා කියලා විතරක් කියන්නම්.

වැඩිපුර බලපු..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

රති කෙලිය....

අන්තිම පෙළ යාබද අසුනේ.... රතී වීමට තැත් දරන ඈ ... අසුන යහන කොට.... ඔහු හා රගන විසූක දැක... අනෙක් පස විශාඛාවන් .... අසුනින් නැගිට ගිය සද.... ප්‍රජාපතී තොමෝ ... දුන් ඔවදන් අසා... සිනාසුනි දෙපලම..... අහෝ..... !

කපුටු බෝ...

කිරි කල හතකින් නෑවෙන.  වතුර කල වලින් පෝෂනය වන. කවි වලින් ආසිරි ලබන..  ගාථා වලින් ගෞරව ලබන.. බෝහිමියන්ගේ.. රුහිර උරා ප්‍රසූත්‍ර වන. කපුටන් විසින් අනුභව කරන. බෙටි සමග එලියට විසිවන. සැදැහැවත් බෞද්ධයින්ගේ  තාප්ප උඩ මුල් අදින..  අති ශ්‍රද්ධාවෙන්.. ගලවා විසිකරන. කපුටු බෝ..