පිටරට ගොස් කට්ටි පැන අතරමං වන යෞවනය "මිල්ල සොයා" තුලින් අපි අත්වින්දෙමු... ප්‍රවෘත්ති තුලින් අපි මෙවැනි කතා දහස් වරක් අසා ඇත්තෙමු... දැක ඇත්තෙමු... "මචං" ඔවුනගේ සැඟවුන කතාවයි...
පුරා පැය 2ක් ඇහිපිල්ලමක පමාව පවා පසුතවිල්ලකට හේතුවන සිද්ධි දාමයක් අවසානයේ එකම අර්මුනක් කරා මෙහෙයවෙන සිනමා රූපයක් ලෙස "මචං" ට මම දෑතම ඔසවා මනාපය ප්‍රකාශ කරන්නේ එබැවිනි...
"මචං" ලාංකිකයින් ඇමතිය යුතු ආකාරයට ඔවුන්ව අමතා ඇත. අපේ හදවතේ වදින තැනට හරියාකාරව පහර එල්ල කිරීමට සමත්ව ඇත. "මිල්ල සොයා" වුවද එම කාර්යයෙහිලා "මචං"ට සාපේක්ෂව දක්වනුයේ පසුගාමීත්වයකි... "මචං" සිනමා ශාලාවෙන් එපිටදීත් ප්‍රෙක්ෂකයා හට සිතන්නට යමක් ඉතිරි කර ඇත්තේ එබැවිනි..
"මට මේ ජර්සිය මහ බරක් වගේ දැනුනා බං"
ස්ටැන්ලි ශ්‍රී ලාංකිකයෙකි.. ස්ටැන්ලි ලංකාව හැර යන්නෙ කරන්න දෙයක් නැති කමටය.. එහෙව් ස්ටැන්ලිලා තරඟා වලියෙන් පැන නොගොස් දිගින් දිගට තරඟ වදිනුයේ ඔවුන් තුල පවතින ලාංකීයත්වය නිසාය... ඇත්තටම අපේ දේශියත්වය එසේ අපේ සිත් තුලින් අතු ගෑ දැමිය හැකිද..? "මචං" හුදෙක් වීසා නැති යෞවනයින්ගේ කතාවක් පමණක් නොවන්නේ එබැවිනි...
අප දුටු ස්ටැන්ලිලා, සුරේශ්ලා දෙනොදාහක් සිටිය හැක.. ඔවුන්ගේ කතාව මෙය නොවන්නටත් ඉඩ තිබේ.. නමුත් අවසානය පොදුය... ලාංකිකයින් මෙසේ විදෙස් තුල තවදුරටත් "පීචං" විය යුතුද..?
කතිකාවතක් දියත් කුලේ අපට ඉතිරිව ඇත...
( ස්තුතිය ප්‍රියංකර සහ මලීට )
Comments
ලිපියත් නියමයි!
" ලාංකිකයින් මෙසේ විදෙස් තුල තවදුරටත් "පීචං" විය යුතුද..?"
නැහැ කොහෙත්ම නෑ..අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්ණ වලට රට ඇතුලෙදිම යාන්තම් හරි විසදුම් ලැබෙනවා නම් මේ තත්වේ ඇති වෙන්නේ නෑ... අනිත් පැත්තට අපට අමතක කරන්න බෑ.. පීචං නොවී විදේශ රටවල ඉහළ නිලයන් දරණ අපේම අයව..අපේ රටේ කොතනක හරි ලොකු වැරැද්දක් වෙලා තියනවා..අම්මා වරු කාන්තාරේ දුක් විදිනවා.. කොල්ලෝ හොරෙන් රට පනින්න හදනවා...ගෑණු ළමයි කලාපෙට වෙලා කකුල් ගෙවෙනකම් මැෂින් පාගනවා ඇත්තටම කොතනද අපිට වැරදුනේ? බලාගෙන ගියහම අපි ඉපදෙන්නත් කලින් ඉදන්ම හිටිය අය වැඩ අනාගෙන වගේ නේ?