සාමාන්‍ය පෙල කරන කාලෙ වගේ ආතල් කාලයක් ආයි ජීවිතේට එන්නෙ නෑ... ඒක එහෙම වෙන්න නේවාසිකාගාරය සෑහෙන දායකත්වයක් දැක්වූවා කිව්වොත් හරි.....
අපි තමා ශිෂ්‍ය නායකයො හැරුනාම නේවාසිකාගාරයේ ඉන්න ජ්‍යෙෂ්ඨයෝ... ඒ හින්දා සෑහෙන වගකීමක් කරපිට තියාගෙන ඉන්නෙ... කලින් යටගිය දවස්වල සමහර දේවල් කියලත් ඇති...
නේවාසිකාගාරයේ විප්ලවවාදීන් කියලා ප්‍රසිද්ද 21 කල්ලිය හෙවත් 10,11 වසර දෙක..
ඔය වසර දෙකේ තිබුනෙ පුදුමාකාර බැඳීමක්. ඒක නිස පාසලේ වුනත් සෑහෙන තැනක් අපිට තිබුනා... කවුරුත් වැඩිය සද්ද දාන්න ආවේ නෑ...
ඔතනිනුත් වඩිපුර ගරුත්වයක් තිබුනෙ 11 වසරට.. ශිෂ්‍ය නායකයින්ටවත් ඒ තත්වය තිබුනේ නෑ...
ඕකට හේතුවන මූලික හේතු 3ක් තිබුනා..
1. සාමාන්‍යයෙන් නේවාසිකාගාරයේ පාඩම් කිරීමට කාලඡේද 2ක් වෙන්වී තිබුනා.. ඔය කාලය ඇතුලත ශිෂ්‍ය නායකයෙක් මුරට ඉන්නවා.. ඔය නිසා කතාව තහනම් වගේම නවකතා කියවීමත් තහනම්.. 11 වසරට ශිෂ්‍ය නායකයෙක් ඉන්නෙ නෑ. හිටියොත් ඉවරයි..
2. කෑම ශාලාවේ පොලිමේ ඉන්නකොට ත් 11 වසර පොලිමෙ ඉන්නෙ නැතුව කෑම ශාලවේ අමතර දොරින් අතුලට යන තම සිද්ද වෙන්නෙ..
ඉතින් ඔය නිසා මහා ප්‍රතිරූපයක් 11 වසරට නේවාසිකාගාරයේ ගොඩනැගිලා තිබුනා..
මට මතකයි අපි 7,8 වසරවල ඉන්නකොට 11 වසරෙ අයියලා පෙනුනෙ යෝධයෝ වගෙ...
ඔය කාරණා දෙකට අමතරව තව ප්‍රධාන හේතුවකුත් තිබුනා... ඕකට කිව්වෙ "මේස අධිකාරි" කියලා...
කෑම ශාලාවේ මේස වෙන වෙනම තිබුනේ.. එක මෙසයකට 8 බැගින්..
ඔය හැම මේසයක්ම 11 වසරෙ ශිෂ්‍යයෙක්ට බාරදීලා තිබුනෙ.. හැමෝටම තැනක් වෙන්වෙලා තිබුනේ.. පෝලිමේ ඇතුලට අවාම තමන්ට අදාල තැන ඉඳගෙන ආගම සිහිකරලා වාඩිවෙනවා...
මගේ වාසගම ඉංග්‍රිසි හෝඩියෙ මුල් අකුරකින් පටන් ගන්න නිසා මට අහුවුනේ 6 වසරේ මේසයක්...
මේසත් ලැබෙන්නෙ වාසනාවට අනුව.. සාමන්‍යයෙන් හොඳටම කන්නෙ 10 වසරෙදි...
11 වසරෙ වැඩ වැඩියි... සමාන්‍ය පෙලට අමතරව "නේවාසිකාගාර දිනය" "මියැසි මිරාවය" "විවිධ ප්‍රසංග" "නිවාසාන්තර ක්‍රීඩා උත්සවය"වගේ වැඩ බොහොමයක් පැවරිලා නිසා කෑම ටිකක් අඩුයි..
10 වසරේ මේසයක් හම්බවෙනවා කියන්නෙ අවාසනාවක්... කන්න නම් නෑ වගෙ තමා. හැබැයි වැඩ අඩුයි පුරුදුකාරයොනෙ ඉන්නෙ...
6 වසරේ මේස ලැබෙන්නා ඉතා වාසනාවන්තයෙක්.. 6 වසරේ මල්ලිලා ආපු ගමන්නෙ ගෙදර ගැනමයි කල්පනාව... කන්නෙ බොන්නෙ ඉතා අඩුවෙන්..
හැබැයි වැඩ වැඩි.. පොඩ්ඩ බැරිවෙන්න බෑ... කඳුලු...
අනික අපිට තියෙන බය.යක්කු කියලා හිතාගෙන ඉන්නවද කොහෙද?.
හැඳි ගෑරුප්පු භාවිතයෙ තියෙන දුර්වලතා නිවැරදි කිරීම.පිඟානට හැඳි වදින සද්දේ අඩු කරන්න. ඔය වගෙ වැඩ ගොඩයි...
කොහොමහරි මේ පොඩි එවුන් ටික අපහු මාව මුල් දවස්වලට ගෙනිච්චා...
මේක තනිකර මනෝ විද්‍යා පාඩමක් වගේ වෙලා තිබුනේ...
මේස වල වැඩි ඉල්ලුමක් තිබුනේ මස් මාළු නොකන අයට.. මගේ මේසෙම 4ක්... ඉතිං මගේ මේසෙ එහා පැත්තෙ හිටපු ඉස්සටත් මස් කෑලි 2ක් සොසේජස් 2ක් මීට් බෝල් 2ක් සාමාන්‍යයෙන් හම්බවෙනවා..
මේ සංස්කෘතින් මේ ආචාර ධර්ම මත නේවාසිකාගාරයේ පැවැත්ම තීරණය වුනා..ඒක තෙරුම් ගත්ත නිසා තම මේ සිරිත් හැම අවුරුද්දකම ඒ අකාරයටම මුක්ත වෙවී තිබුනේ.. අදටත් අපි ඒවා සිහිකරමින් පැය 3-4 ගෙවලා දාන්නෙ අපෙ ජීවිත එක්ක ඒ සිද්ධි එච්චරට බැඳිලා තියෙන නිසා වෙන්න ඇති...

Comments
සිලියා උඹට අපෙන් ගේම ඉල්ලන්න ඕනි වුනේ නෑ... කොහොමත් අපි වූෂු ගහපු අයගෙන් ගේම ඉල්ලුවෙ නෑ... හික්...
මම නවය වසරේදි හොස්ටල් එකෙන් අයින් වුනා නෙව. අපරාදේ. මේ අවුරුද්දේ හොස්ටල් එකේ හිටියානම් අම්බානකට කන්න තිබුනා. කිව්වා වගේ හය වසරෙදි අපි එකොළහේ එවුන්ට පරාණ බයයි.
මට තව ලියන්න හිතෙනවා... ඒත් වෙලාව නෑනේ.
:)