5.11.2010

මංසල පැමිණීය අප හට වෙන්වෙන්ට

කිරි පිරි කලේකට නූඹ පෙම්          කෙරුවාම
ඒ කිරි කලේ ගොම බිඳ නුඹ               දුටුවාම
ඒ කිරිවලින් මම කිරි පිඬු                  පිසුවාම
අපුලක් දැනේ නුඹහට එය                කෑවාම

ආගිය මගේ තවමත් උණුහුමට                  රැඳී
පියසටහන් මග යන එන විටදි            පෙනේ
අප රැඳුනු තැන්හි නුඹ රුව ඇත තවම       ඇඳී
ඒ රුව තවම මා ලඟ හිඳ දොඩනු            දැනේ

මට නැති කලට මට නැති දේ                දුන්නාට
ඒ ණය තවම මා සිත තුල                      රැඳුනාට
දෙදෙනා දෑත් බැඳ පියමං                  කෙරුවාට
මංසල පැමිණීය අප හට                වෙන්වෙන්ට

7 අදහස්:

මුචලින්ද said...

අනේ මන්දාය. . .
හිත් දුක් පහව යෑම
හාපික් දමන්නා මෙන් පහසු නොවන බව දන්නා නිසා. . .
අනේ මන්දාය. . .

h said...

මතත් අලේ වන්දාය... :(

Ansh Lucky Sri Jay said...

මේක නම් මාර ලස්සනයි, ඇත්තමයි..!

වෙජී® (පුංචි එකා) said...
This comment has been removed by the author.
නිලන්‍ත said...

කියවන විටදි නුඹෙ කව් පද පෙලින් පෙලේ
වෙනසක් දැනුනි දම්මිණි ගැන මගේ ස්වරේ
හෙළි නොකලාට නුඹගැන ඇයට පලමු සැරේ
වරදද නුඹෙයි එය පිලිගත යුතුය මලේ !!!

වෙජී® (පුංචි එකා) said...

ගොම බිඳ මිසක කිරි කලයම නොපෙනීම
බිඳ වුව අපුල බව මුසුවී කෙළෙසීම
සිත රැඳි තැන්හි රූසිරි තව ගැවසීම
ලෝදම් එබැව් බව යළි යළි පැවසීම

පෙර ගුණ වරුණ මංසල ළඟ සිහිවීම
හොඳ හදවතක නිමිතිය එය දැන ගැනුම
මංසල දෙපසකට වෙන්කළ පෙර දැකුම
තව තැනකටය ළංවෙන්නට මග බැලුම :)

Ansh Lucky Sri Jay said...

"මංසල පැමිණීය අප හට වෙන්වෙන්ට"
මේක තමයි දැන් කියන්න ඉතිරි වෙලා තියෙන්නෙ මටත්.
:(