Skip to main content

ජේසු පිහිටයි...!

පෙර ලියමි
මගේ මුදල් පසුම්බිය අයිතිකරුවා සොයාගත් පසුව මට හදිසියේ දුරකථන ඇමතුමක් ලැබුනි.. ඇමතුම දුන් පුද්ගලයා නම ගම නොපැවසූ අතර ඔහු මගේ පසුම්බිය හමුවුන බවක් පැවසීය. මම මගේ නවාතැනේ ලිපිනය ඔහුට ලබාදුනි.. පසුගිය සිකුරාදා ලියාපදිංචි තැපෑලෙන් මට ලිපියක් ලැබුන අතර එහි මුද්දර ගසා තිබුනි. එහි මගේ පසුම්බියේ වූ සියළු දෑ පැවතුන අතර පහත ලියුමද ඒතුල තිබී මට හමුවුනි. අදාල පුද්ගලයාට ගෞරවයක් ලෙස මම මෙය පලකරමි... 


ලසිත සොයුර,
ඔබගේ නැතිවූ සියළු දෑ මෙහි ඇත්දැයි මම නොදනිමි. නමුත් මට හමුවූ සියල්ල මෙම ලිපිය සමග ඔබවෙත එවා ඇත්තෙමි.
තවද කිවයුත්තක් ඇත. ඔබ විසින් ඔබගේ අත්‍යාවශ්‍ය වටිනාදෑ කෙරෙහි මින් මතුවටත් මෙයට වඩා සැලකිලිමත් වුවහොත් එය ඔබගේ ජීවිතයට ලොකු පිටුවහලක් වනු ඇත. මමද රියදුරු රැකියාවෙන් දුකසේ ජීවිතය ගෙවන්නෙක්මි. මගේ ඇසක ආබාධයක් හේතුවෙන් එයට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී පදික වේදිකාවේ අඳුරු මුල්ලක විසිරී තිබුනු මෙහි අඩංගුදේ දැක ඒ සියල්ල මා අහුලාගත්තෙමි. මම හොඳ කිතුනු බැතිමතෙකි. වෙන අයෙකුට  මේවා ලැබුනේ  නම් කුමන තත්වයක් උදාවේදැයි සිතාගැනීමට පවා අසීරුය. ඔබ හමුවී මේවා බාරදීමට සිත්වුවත් ඉන් අනවශ්‍ය ප්‍රශ්න මතුවේයැයි ඇතිවූ බිය නිසා ඒ අදහස අත්හැර දැමුවෙමි. ඔබගේ පසුම්බියට විද්ද ගැටකපන්නා එහි තිබූ වටිනා දෑ පැහැර ගෙන මෙහි අඩංගු දෑ මහමගට විසිකර පලා යන්නට ඇත. එවන් අවස්ථාවක මා මේ දේවල් රැගෙන ඔබ හමුවීමට පැමිණියානම් මා හට ප්‍රශ්න රැසකට මූණ පාන්නට වෙනවා නොවේද? ඒ ගැන උගත් සිසුවෙකු වශයෙන් ඔබත් මොහොතක් සිතා බලන්න. 
        මටත් තිබුනා මේවා ගියත් එකයි නැතත් එකයි කියල ලියුම් කණුවකට දාලා එන්න ඒත් එහෙම කරන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ. ඒ මොකද කිව්වොත් මේ අහිංසකයා දුප්පත් අයෙක් නම් රියදුරු බලපත්‍රයයි ජාතික හැඳුනුම්පතයි ගන්න තව කොච්චර කල් දුක් විඳියිද? වියදම් කරන්න සල්ලි ඇත්ද? යනාදි සිතුවිලි ගැන මසිතට ඔබ කෙරෙහි අනුකම්පාවක් ඇතිවූ නිසයි. මගේ මිතුරන් කිහිපදෙනෙකු කිව්වා ඔය අහක යන කුණු කරේ දාගන්නේ නැතුව ඔය ටික ලියුම් පෙට්ටියකට දාන්න කියලා. නමුත් මගේ හිත කිව්වෙම මේ ටික අයිතිකරුගේ අතටම පත් කරන්න ඕනේ කියන ස්ථිර නිගමනයයි. අන්න ඒ නිසාමයි මම මෙය රෙජිස්ටර් තැපෑලෙන් එවන්න තීරණය කලේ. හොඳ කිතුණු බැතිමතෙකු වූ මම අප අදහන ආගම දහමට අනුව යමෙක අමාරුවේ වැටුනු විටක ඔහුට උදව් කිරීමට ඉදිරිපත් වනවා මිස මගහරින පුරුද්දක් අප ලඟ නැහැ. අන්න ඒ නිසයි මෙතරම් කැපවීමකින් මගේය කියන් හැඟීමකින් ඔබට උදව් කරන්න පෙළඹුනේ. මේ උපකාරය ඔබ කෙලෙහිගුණ දන්නා අයෙක් නම් ජීවිත කාලයටම මතකයේ රැඳී තියේවි. යම් කෙනෙකුගේ විපතකදී ඔහුට අප උපකාර කලොත් අපේ විපතකදී ඒ කල උපකාරය නැවත ආපසු අප කරා පැමිනෙනු ඇත. එයයි දේව වචනය. මෙපමණ උනන්දුවකින් මා මේ උපකාරය ඔබ වෙනුවෙන් කරන්නේ ඔබගෙන් ලාභ ප්‍රයෝජනයක් ගන්න නොවන බව ඔබට වැටහෙනවා ඇත. කෙටියෙන්ම කිවහොත් මම ඔබ කළුද සුදුද කියාවත් අඳුරන්නේවත් නැහැ නේද? කවදා හෝ දිනක යලි අපි කොහේදී හෝ හමුවන්නත් පුළුවන් හමුනොවෙන්නත් පුළුවන්. එය දෙවියන්ටම බාරයි. කවදා හෝ රාගම+ ලකුණින් මා ඔබ ඇමතුවොත් ඒ ඔබට උපකාර කල ඔබේ නුදුටු මිතුරා බව පමණක් හඳුනා ගන්න. එපමණයි ඉතින් ඔබට සුබ අනාගතයක් පතමින් නවතින මා

නොදුටු මිතුරා
රාගම+
ජේසු පිහිටයි/තෙරුවන් සරණයි
09/10/2010

පලි,
ආපසු ලිපිනය ව්‍යාජ එකකි
ඒ පසුපස නොයන්න.. පසුව මගේ සත්‍ය තොරතුරුත් දුරකථන අංකයත් දන්වා එවන්නම්..

අවසානයට ලියමි..
ලියුම ලැබුන දිනට පසුදින මට දුරකථන ඇමතුමක් ලැබින. රාගම+ ඔහුගේ ජංගම දුරකථනයෙන් මා ඇමතීය.. ඔහු මා අමතා ඇත්තේ මට ලියකියවිලි ලැබීදැයි දැනගැනීමටය. මම ඔහුට ස්තූතියි කිව්වත් එය ඹහු කල උදව්වට සරිලන්නේ නැත. මම මොහු පසුම්බියේ අනික් අයිතිකාරයා යැයි හීනෙකින්වත් නොහිතන්නට තරම් මේ සාධක ප්‍රමාණවත් යැයි සිතමි. නැවතත් ස්තූතියි රාගම +

Comments

වැදගත්ම දේ මේ ලියුම ලියා ඇත්තේ රියදුරු මහතෙකු වීමය. මිනිසා යනු උගතා නොවන බව මට පෙන්වා දුන්නු තවත් පොරක්...
h said…
කියන්න දෙයක් එන්නෙ නෑ.. ඉස්සර සිළුමින බලන කාලෙ තිබුණ නෙළුම් විල කියල පිටු බාගෙක කෑල්ලක් (තාම තියේද දන්නෙ නෑ...) ඒකෙ තියෙන්නෙ මිනිස්සු කරපු හොඳ වැඩ... අපරාධ දූෂණ වංචා ගැන පිටු 30ක් විතර තියෙද්දි හොඳ මිනිස්සු වෙනුවෙනුත් පිටු බාගයක් තිබුණා.

උඹට මොනව වුණත් හොඳක්! හොඳ නොදුටු මිතුරෙක්!

අර කිව්ව වගේ මනුස්සයා කියන්නෙ උගෙ මනුස්සකම හැර වෙන මුකුත් නෙවෙයි.

රාගම+ ට මගේ හද පිරි ආචාරය!
මනුස්සකම පිරි උතුම් වැඩක්

රාගම+ ඔබට ජය....
dinesh said…
රියදුරා උගතෙක් වෙන්න බැරිද?
@දිනේෂ්: උගත් උනානං රියදුරු රැකියාව කරන්න විදිහක් නෑ. ඔහු බුද්ධිමත් ඒකයි වෙනස.

රාගම+ ට ජය සහ ජේසු පිහිටයි!
දුකා said…
නොමිනුසුන් රජයන ලොවක අපට ජීවත් වන්න බලාපොරොත්තු සපයන රාගම + වැනි මිනිසුන් වාසනාවන් . . .
ඔහුට ජේසු පිහිටයි කියා මමත් පතමි . ..
Hasitha said…
This comment has been removed by the author.
Hasitha said…
හැමදේම සල්ලිවලට යට වෙන සමාජයක මනුස්සකම් ඉතුරු කරන් ඉන්න මනුස්සයෙක් ගැන දැනගන්න ලැබුණු එකත් සතුටක්...............
malee_msg said…
මමත් ඉස්සර නෙළුම් විල කියවනවා මොකද ඒකේ තියන මනුස්සකම කියවන එක හිතට ලොකු සහනයක් නිසා.නෙළුම් විල කයවද්දි දැනුන හැඟීමට සමාන හැඟීමක් හිතට ආවා මේ ලිපිය කියවද්දි..
අපි හිතන තරම් ලොකේ නරක නෑ කියලා දැනුනා..

රාගම+ ව දකින්න ආසයි.. දැකලා කතා කරන්න ආසයි..!
තවමත් මිනිසුන් ජීවත් වෙන භව දැන ගැනීම සතුටක්.(රාගම + අපිට අමතක නොවෙන කෙනෙක් වෙන්නේ එකයි. බල්ලෙක් මැරිලා හිටියත් උදේ දවල් දෙනො දාහක් යන පාර මැද අනේ අපිට මොකද කියන මිනිසුන් ඉන්න රටක මේ වගේ අය රත්තරන්
මිනිසත් කම තාමත් අපේ මිනිස්සු ලග රැදිල තියනව කියල හිතෙනව.

පහදා දුන්න රාගම+ ඔබට සමදා ජය..
බුදු සරණයි!!
රාගම+ ට ජය සහ ජේසු පිහිටයි...!
හරී said…
හොඳ මිනිස්සු ......

වැඩිපුර බලපු..

වඳුරන්ගේ රට.

ඒ අනාගතය කියලා පටන්ගත්තොත් අනාගතය කොයි වගේ එකක්ද කියල අපේ හිත්වල තියෙන පින්තූරයට මේක ටිකක් සමාන වෙලා පෙනෙන්න පුළුවන්. ඒ පින්තූරය හදලා තියෙන්නේ වැඩිපුරම පොත්වලින් සහ චිත්‍රපටිවලින් කියලා කිව්වොත් වැරැද්දක් නෑ. කවුරුහරි මේක Planet of the Apes වගේ කතාවක් කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ හරියකුත් නෑ.

අපි ඒ ග්‍රහලෝකයට මැඩේෂියාව කියලා කියමු. මැඩේෂියාව භූ පිහිටීම අතින් ගත්තොත් තනි මහද්වීපයකින් සමන්විත විවිධ ජනවර්ග වලින් සමන්විත වුන රටක්. එක අතකින් මැඩේෂියාව සිංගප්පූරුවට සමානයි. 

මේක අතීතය, අනාගතය, වර්තමානය යන තුන්කාලයෙන් ඕනිම කාලයක සිදුවෙන්න පුළුවන් සිදුනොවෙන්නත් පුළුවන් සිදුවීමක්. හෝමෝ නියර්ඩල්තාල්ගෙන් හෝමෝ ඉරෙක්ටස්ට පරිණාමය වුනේ වඳුරා වුනාට හෝමෝ ඉරෙක්ටස්ගෙන් හෝමෝ එක්සලන්ස් වෙන්නේ ඔය වඳුරාද කියන ගැටළුවත් එක්ක අපි කතාව පටන්ගමු. මෙන්න මේ හේතුව නිසා තමා මැඩේෂියාව තුල මැඩේෂියාවේ පූර්වජයා ලෙස ඉගැන්වෙන චිම්පන්සියාව දේවත්වයෙන් සලකන්නේ.



මැඩේෂියාව මූලිකව ද්වී ආගමික රටක්. චිම්පන්සියුස් නමින් හැඳින්වෙන මූලික ආගම නිර්මාණය වෙලා තියෙන්නේ මැඩේෂියාවන් පැවත එන්නේ චිම්පන්සින්ගෙන් කියන හරය පදනම් කරගෙන…

ගබ්සාව..

සුජ්ජා අවසාන වතාවට මට හමුවෙන විට ඌ හිටියේ පෝරු මස්තකාරූඩවය. ඉන්පසුව මට වුවමනාවක් නැතිකම හෝ වැඩවැඩිකම හෝ ඌ අතුරුදහන් වීම හෝ වෙන කිසියම් කරුණක් නිසා මට ඌ හමුවුනේ නැත. කෙසේවෙතත් මම විශ්වවිද්‍යාලයට යන කාලේ ඌ මගේ රූමා යන්න වග මට මතකය.

           සුජ්ජා සුන්දර මනුස්සයෙකි. ඒ ඌ කිසිම දෙයක් පිලිඹඳ ඕනාවට වඩා නොසිතන නිසා යැයි මම සිතමි. ඒ අවුරුදු හතර තුල සුජ්ජා මගේ හොඳම මිතුරන් කිහිප දෙනාගෙන් එකෙකු වීමට එයම හේතුවුනා යැයි මම සිතමි. ඒ කවරකටත් වඩා සුජ්ජා මට මතක හිටින්නේ වෙන හේතුවක් නිසා කිව්වොත් ඒ බොරුවක් නොවේ.

ලතා..
සුජ්ජා ලතා සමග හාද වෙනකොට විශ්වවිද්‍යාලෙට ගිහින් මාසයක්වත් නැතුව ඇති. පෞද්ගලික ආයතනයක අයි ටී උගන්නපු ලතා සුජ්ජා එක්ක යාළුවුනේ සුජ්ජාගේ තිබුන යම් ගුණයක් නිසා වෙන්න පුළුවන්. කෙසේවෙතත් හැමඑකටම හිනාවෙන්න පුළුවන් සුජ්ජාත් එක්ක යාළුවුන ලතා වාසනාවන්තයි කියලා මට නම් මේ දැනුත් හිතෙනවා. කොහොමත් මේ සම්බන්ධයට මාස හයක් විතර යද්දි සුජ්ජායි මගෙයි අතර සම්බන්ධතාවය හරිම යාන්ත්‍රික වෙලා තිබුනේ, ඒක සමහරවිට පුරුද්දට වගේ සතියකට ගිහින් ගහන ගල්බාගෙකට, හවසට කම්මැලිකම යන්න ගහපු සිගරට් එකකට සීම…

රේවත

වර්ෂය 1992 වන්නට ඇත. විශ්වවිද්‍යාලයෙන් ඉවත්වී ගුරු ජීවිතය පටන්ගත්තු අළුතම හත්දාමගුල හත් මාසයක් යන්න කලින් අහවර වුන නිසා මගේ හිත හදාගන්න කියලා මමම රාගල පඥ්ඥාසේකර විද්‍යාලයට සාමාන්‍ය පෙල ගණිතය උගන්වන්න ගියා. විරහ දුක හරි දිවිනසාගන්න හිතෙන තරම් පාළුව හරි වෙන මොකක් හරි එකක් මගේ හිතේ කොනක ඇරෙන්න වෙන කොහෙවත් නොතිබුනාට මම රාගල මාරුවට කැමැත්තෙන්ම ගියේ මට වටෙන් පිටෙන් ඉමෝෂනල් වෙන්න තියෙන හේතුවලින් පැනලා යන්න කියලා කිව්වොත් සෑහෙන්න හරි. ඊට අමතරව රාගල මීදුමත් සීතලයත් මදි පාඩුවට තිබුනා.



පඥ්ඥාසේකර විද්‍යාලය රාගල තිබුන ලොකු ඉස්කෝලයක් වුනාට පොඩි ස්කෝලයක්. ගෑනියෙක්ට වඩා සීතලට ආදරේ කරන මිනිහෙක් වුන මම ඇරෙන්න ඒ ඉස්කෝලෙට කැමැත්තෙන් ගිහින් තිබුනේ දණිස්සාගම රේවත හාමුදුරුවෝ. පෙනුමෙන් දිඹුලාගල හාමුදුරුවෝ වගේ වුනාට මට වඩා අවුරුදු පහක් විතර වැඩිමල් වුනාට රේවත හාමුදුරුවන්ගේ රැවුල පැහිලා තිබුනේ නෑ. ඉඳලා හිටලා මරන මදුරුවෙක් ඇරුනාම සිල්වත්කමිනුත් එච්චර අඩුවක් හාමුදුරුවන්ගේ තිබුනේ නෑ.

හාමුදුරුවන් රාගල ගමේ ප්‍රසිද්ද වෙලා තිබුනේ ගමේ තරුණ සමිතිය නිසා කිව්වොත් වරදක් නෑ. කැත්තේ උදැල්ලේ වැඩ පුරුදු වුනත් පසුකාලීන් සරීරයට…