"මහත්තයා මේ මගේ නංගි නන්දා.." විමලෙ අංකල් අසල හිටපු කාන්තාව පෙන්වා පැවසීය.. මම ඇයට මද සිනාවක් එල්ල කලෙමි.. "මහත්තයල කනවානම් පොතුවිල් වලට යන්න මෙහේ කඩවල කෑම ටිකයි දෙන්නෙ.. මහත්තයාලට නම් මදිවෙයි.." බදුල්ලේ නැන්දාගෙ ඌරුවට සමාන ඌරුවකින් ඇය පැවසන විට මම ඇය දෙස බැලීමි.. ඇය නමින් නන්දාය. වයස අවුරුදු 38 පමණ විය හැක. ගම්පෙරලියේ නන්දාට වඩා රූමත්කමින් අඩුය.. ඇය කළුය මහතය.. ඇගේ දෙතොල් දෙකෙලවරින් බුලත් කෙල බේරී ඇති බවට ලකුණු ඇත.. "එහෙනම් මම යන්නම් අයියේ..." කුඩයත් පන් මල්ලත් අතට ගෙන අසුනින් නැගිට්ටාය.. "යන්නම් මහත්තයා..." ආචාරශීලී සිනාවක් සමග ඇයගේ සමුගැනීම සටහන් වුනේ එලෙසිනි.. මම මද සිනාවකින් ඇයට ප්‍රති උත්තර දුනිමි... විමලෙ අංකල් ඇය ඈතට යනතුරු බලා සිටියේය. අපේ තාවකාලික නවාතැනේ භාරකරු විමලේ අංකල්ය.. දීර්ඝකාලයක් තුල දෙමල කතාකිරීම නිසාදෝ ඔහු කතාකරන විටදී මද වෙනස්කමක් ශ්‍රවණය වේ. කතාකරන අතරතුර අසාමාන්‍ය ලෙස බෙල්ලේ ගැස්සීමක් ඇත. එය රූපවාහිනියේ කතාවල අණ්ඩපාලයින් හා මෝඩයින් ගේ ලක්ෂණයක් ලෙස උලුප්පා දක්වන බෙල්ලේ ගැස්සීමට සමානය.. ඒවාට පි...
අහපු කියපු දැකපුවට පොඩි කැටයමක්.