Skip to main content

අපි අපිමයි...


දෙකයි පනහට මැරෙන එවුන් අතරෙ
හම්බවුන රුපියල් පහත් නැතිකරගෙන
උඹලා මාත් එක්ක හිටියා....

වල් ඌරන් කැකුණ තලනකොට
හබන් කුකුලන්ට වෙඩිතියන්න
උඹලා මාත් එක්ක එකතු වුනා..

ඒ මලගිය යටගියාවේ පාංශුකූලය
දෙන්න කලින්...
මම උඹල‍ට ස්තූති කරන්නම්...

එකට කාලා , බීලා එකට ආතල් දාලා
එකට මලපැනපු... එකට මල කාපු...
සහෝදරයින්ට....

උඹල මාර මිනිස්සු බං.......

Comments

පින්තූරෙ බරියගෙන් උස්සපු එකක් ....
dilanrf said…
එල .................
Anonymous said…
සහතික ඇත්ත.
නියමයි...
Rusiru Boteju said…
මැක්සා.... වෙන මොනව කියන්නද..
Amila Kandambi said…
ela ela.., I(or V) never belonged to this place "UNI".., yeah bt it gave me these friends for life..,
Unknown said…
"දෙකයි පනහට මැරෙන එවුන් අතරෙ
හම්බවුන රුපියල් පහත් නැතිකරගෙන
උඹලා මාත් එක්ක හිටියා...."

සහතික ඇත්ත. එකිනෙකාට උදව් කරගෙන එකිනෙකාගෙ දුකට සැපට එකට ඉඳගෙන පහුකරපු මේ කාලෙ මගේ ජීවිතේ සුන්දරම කාලයක්. අපිට තව අවුරුද්දක් තියනවා. බොහොම දුකයි ඒ කාලෙ ඉක්මනට ගෙවිල යන එක ගැන.
දුකා said…
superb . . .. !!! maxa . .

වැඩිපුර බලපු..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

රති කෙලිය....

අන්තිම පෙළ යාබද අසුනේ.... රතී වීමට තැත් දරන ඈ ... අසුන යහන කොට.... ඔහු හා රගන විසූක දැක... අනෙක් පස විශාඛාවන් .... අසුනින් නැගිට ගිය සද.... ප්‍රජාපතී තොමෝ ... දුන් ඔවදන් අසා... සිනාසුනි දෙපලම..... අහෝ..... !

කපුටු බෝ...

කිරි කල හතකින් නෑවෙන.  වතුර කල වලින් පෝෂනය වන. කවි වලින් ආසිරි ලබන..  ගාථා වලින් ගෞරව ලබන.. බෝහිමියන්ගේ.. රුහිර උරා ප්‍රසූත්‍ර වන. කපුටන් විසින් අනුභව කරන. බෙටි සමග එලියට විසිවන. සැදැහැවත් බෞද්ධයින්ගේ  තාප්ප උඩ මුල් අදින..  අති ශ්‍රද්ධාවෙන්.. ගලවා විසිකරන. කපුටු බෝ..