අටේ පන්තියේදී..
මම අපේ ලොවක් සොයා ගියෙමි...
ඒත් වික්ටර් වික්ටර්ම විය......
සාමාන්‍යපෙළ කරන විට..
මම දෙව්රම් වෙහෙරේ නාමලක්ව මියගියෙමි...
ඒත් වික්ටර් වික්ටර්ම විය....
උසස් පෙල අවසන් වන විට..
මම පාවෙන වලාවක තනිතරුව වෙත යාත්‍රා කලෙමි...
ඒත් වික්ටර් වික්ටර්ම විය....
සරසවිය ඇරඹුනි...
මම පෙම්බර මධූ සමග දෛවයේ සරදම් ලැබුවෙමි..
ඒත් වික්ටර් වික්ටර්ම විය....
අද මම විශ්වවිද්‍යාලයෙන් පිටවී යමි..
අපි ඔක්කම රජවරුය...
ඒත් වික්ටර් වික්ටර්මය....
Comments
සිරාම සිරා!
අපි ආයෙමත් හමු වෙන දවස් ගැන කැලැන්ඩර් වල පිටු පෙරල පෙරල නිවාඩු දවස් හොයද්දි.. අපිට ඇතින් ඉදන් වික්ටර් හදපානේ අත්පටලා යමු ආයේ කියද්දි ඇතිවෙන හැගීම දෙන්න පුලුවන් වික්ටර්ටම විතරයි.!
අද පායන තරු වගේ නෙමෙයි,
හැමදාම අහසේ දිලිසි දිලිසි තියෙනවා කල්ප ගනනාවක්.
/බිඟුවා...!
මටත්
පෙම්බර මධූ නම් අදාලයි
ඒකනෙ කලාකරුවන්ට සහෘදයන් කියන්නෙ. බැලුවහම ගොඩක් අය සහෘදයො තමයි. එයාල අපට ගොඩක් සංවේදීනෙ. වාසනාවකට මේ වගෙ ගායකගො ගායකයොම වීම වඩා වැදගත් කාරණයක්.
ඒ කොහොම උණත් පෙම්බර මධූ මගේ මා නැතේ ඔබෙන් මිදුනේ............
මෙච්චර කලින් මේක ලියපු එකෙන්ම පේනවා උඹ කොච්චර ඒක ගැන හිතුවද කියලා.
මැක්සා
mama meka dakke nahane . . ehenam uba aarambhaya dunna . . .
rachiya th 1k damma . . .mamth ekak damma . . .
hashitha kaalekata kalin ekak liwwa . . ..
ela ela machan . ..