උඩුකුරු
වස්තුවට වඩා විශාල
වෙලා තිබුන
ප්‍රතිබිම්බයක..
ආදරය කියලා අකුරු හතරක්
මකුලු දැල් කඩලා
එලියට ගන්න කොට
පාර්ශ්වික අපවර්තනය වෙච්ච
වස්තුවට වඩා කුඩා
යටිකුරු
අකුරු හතරක් එක්ක
තවත් සෙල්ලම් කරන්න
වස්තුවට වඩා විශාල
වෙලා තිබුන
ප්‍රතිබිම්බයක..
ආදරය කියලා අකුරු හතරක්
මකුලු දැල් කඩලා
එලියට ගන්න කොට
පාර්ශ්වික අපවර්තනය වෙච්ච
වස්තුවට වඩා කුඩා
යටිකුරු
අකුරු හතරක් එක්ක
තවත් සෙල්ලම් කරන්න
බෑ කියලා තේරෙන්න ගත්තා....
සොරි....
සොරි....

12 comments:
තුන් පාරක්ම කියෙව්වා, ඒත් තේරුණා මදිද මන්දා..
:D :D
අන්තිමේ සොරි කිව්ව එක නම් තේරුනා..
යටි පෙළ ගැන මං හිතා ගත්තා.. එහෙම නැතුව කවිය මට තේරුනේ නම් නෑ මචං.. මං ඉතිං වැරදිලාවත් ඒලේවල් මැත්ස් /සයන්ස් පංති පැත්තේ ගිහින් නැති නිසා ඔය නියමයවල් නිකං ලැටින් වගේ.
පට්ටම පට්ට.......අති ප්‍රභල අවතල කාචයකින් බිම බලලා ලෝකය ගොලාකාර බව ඔප්පු කොරන්න පුලුවන් නම් ආදරේ තෙරුමත් හොයාගන්න ඇහැකිවෙයි අනිවා...
අග්...තව ටිංගෙන් රඹුටන් ඇටෙත් උගුරේ හිර වෙනවා. වචනෙන් වචනේ වෙන වෙනම කියෙව්වට පස්සේ පැහැදිලි වුණා. සරල සිද්ධියක තියන නොදුටු ගැඹුර ගැන පෙන්නල දුන්න විදිහ නම් සුපර්. දැටිස් වට් අයි අන්ඩස්ටුඩ් :)
Ansh Lucky සහ මලි හා එකඟ වෙමි..
@Naදී - අනේ මචෝ මටත් කියල දෙන්නකෝ තේරිච්ච දේ..
@මේක ලියපු කෙනාට - හිටු! තේරුම අහං ඇවිත් අදහසක් දාන්නම්..
මට නං තේරුණා. ඒත් කවියෙ තේරුම නෙවෙයි. අර කිව්ව වගේ යටිපෙල. කව්යෙ තේරුමෙන් හිතන්න ගියාට වැඩක් නැ කියලත් මට තේරුණා... අර මකුළු දැල් කඩන්න යන එක නම් හොඳයි...
අර "සොරි" කියනඑක ආවෙනැත්තං පබැඳුමේ ගතිය යනවා... "සොරි" එකෙන් මාරම මෙව්වා එකක් ඇවිල්ලා තියෙනවා... එළ
මේක මෙහෙමම උනා කියලා හිතන්න අමාරුයි... උනේ එහෙමයි කියල පස්සෙ හිතෙන්න ගත්තා මිසක්...
මම ඉන්නෙ උඹේ කතාවෙම උඹට වඩා ඉස්සරහිං... ඒකයි බය නැතුව කිව්වෙ.... :)
කෙල්ල ගෙන මුලින් ලොකුවට හිතාගෙන හිටියට පස්සේ එකී අවුල් කියලා දෙනාගෙන බූට් එකක් තියන්න වුන සීන් එකක් නේද?
මම ඔබට සුභ පතනවා!!!. ඔබ භාවිත කර තියන භාෂාව ඉතා විශිෂ්ඨයි!!!
(අවංකවම කිව්වොත් මටනං මෙලෝ අකුරක් තේරුන්නෑ අර සොරි කියන එක ඇරෙන්ඩ.. හික්!)
දියත් කුලේ දැන් අපි විතරයි... ඇයි උඹ නිහඬ වෙලා...?
කියන දෙයක් තේරෙන්න කියනවාකෝ......
Post a Comment