කිරි පිරි කලේකට නූඹ පෙම් කෙරුවාම
ඒ කිරි කලේ ගොම බිඳ නුඹ දුටුවාම
ඒ කිරිවලින් මම කිරි පිඬු පිසුවාම
අපුලක් දැනේ නුඹහට එය කෑවාම
ආගිය මගේ තවමත් උණුහුමට රැඳී
පියසටහන් මග යන එන විටදි පෙනේ
අප රැඳුනු තැන්හි නුඹ රුව ඇත තවම ඇඳී
ඒ රුව තවම මා ලඟ හිඳ දොඩනු දැනේ
මට නැති කලට මට නැති දේ දුන්නාට
ඒ ණය තවම මා සිත තුල රැඳුනාට
දෙදෙනා දෑත් බැඳ පියමං කෙරුවාට
මංසල පැමිණීය අප හට වෙන්වෙන්ට
ඒ කිරි කලේ ගොම බිඳ නුඹ දුටුවාම
ඒ කිරිවලින් මම කිරි පිඬු පිසුවාම
අපුලක් දැනේ නුඹහට එය කෑවාම
ආගිය මගේ තවමත් උණුහුමට රැඳී
පියසටහන් මග යන එන විටදි පෙනේ
අප රැඳුනු තැන්හි නුඹ රුව ඇත තවම ඇඳී
ඒ රුව තවම මා ලඟ හිඳ දොඩනු දැනේ
මට නැති කලට මට නැති දේ දුන්නාට
ඒ ණය තවම මා සිත තුල රැඳුනාට
දෙදෙනා දෑත් බැඳ පියමං කෙරුවාට
මංසල පැමිණීය අප හට වෙන්වෙන්ට
