1.21.2010

සයිබර් බොරුව


අපේ ලෝකය ,
උන්ගෙ මොනිටරය...

අපේ සංවාද ,
උන්ගෙ පෝරම...

අපි පිසිකල් ,
උන් වර්චුවල්...

අපේ වාහෙ ,
උන්ගෙ ලැප...

අපි මර්දනය වෙද්දි ,
උන් ස්පෑම් වෙනවා...

අපි හමුවෙනකොට ,
උන් චැට් කරනවා...

අපි බදාගන්නකොට ,
උන් පෝකින්...

අන්තිමට බලද්දි...

අපි විස්සයි ,
උන් තුන්දෙනයි...

6 comments:

Anonymous said...

එල, 20ට 3 උනේ කොහොමද ?

කණියා said...

සහතික ඇත්ත බන්..

Anonymous said...

අනේ මන්ද.. මේවයින් අපි කවද බේරෙයිද කියල..

malee_msg said...

ලියලා තියන සමහර එව්වා නම් මට තේරෙන්නෙත් නැති ගානයි.. හැබැයි තේරෙන ටික නම් සහතික ඇත්ත

බිඟූ said...

pattaaa kataawa....
hiks

ආගන්තුකයා | Stranger said...

මේකනෙ ඇනෝනිමස් බුවා එකාම නම් පහකින් විතර ඉන්නකොට අන්තිමට ඉන්නෙ කීදෙනාද...