මාර්තු පලමුවැනිදා පුහුණුවට පෙර ගෙදර යාමට අවශ්‍ය නිසාත්, අම්මා ගෙදරට එන පාර ඇඳ ලියුමක් එවීමට ඉඩ ඇති නිසාත් අවසානයේ මම ගෙදර යාමට තීරණය කලෙමි. පුරුද්දක් වශයෙන් ගෙදර යනවිට අත වන වනා යාම සිදුකල නමුත් දම්මිනී විසින් "හඬනු මැන නිදහස" කියවා අහවර කර තිබූ නිසා කොටුවට යාමට 138 ක ගොඩවුන මගේ වැනුන අත් දෙකෙන් එකකට එම පොතද එකතු වී තිබුනි. පෙරවදන කොටුව ඉස්ටේසමට යනවිට කියවා අහවරය. එතැන් සිට බස් එකට නගින තුරුත් බස් එකේ වාඩි වී බස් එක අද්දන තුරුත් කොන්දොස්තර මලයා පැමිණ ටිකට් කඩන තුරුත් මම සුනිල් මාධව ප්‍රේමතිලක ලිවූ පෙරවදන හා අද ජීවත් වන ප්‍රේමතිලක සංසන්දනය කරමින් සිටියෙමි. "නිර්මාණයට පසු නිර්මාණකරුවා මියයයි" ප්‍රේම කල යුත්තේ නිර්මාණයට මිස නිර්මාණකරුට නොවේ.. මම කලේ මෝඩ වැඩක්. ඇහැරෙන විට අවිස්සාවෙල්ලත් පසුවී පුවක්පිටියට ආසන්න වී තිබුනි. මුල සිට සරලව. මම පලමු පරිඡේදය පෙරළුවෙමි. රත්නපුරේදී මම පොතට බුක්මාර්ක් එක තබා වසන විට බිකෝ ඩිවෙට්ගේ මුහුණ හරහා පහරක් එල්ල කර හමාරය. කල්ලෙක්ගෙන් සුද්දෙකුට... ඔක්ටොපෑඩ් හඬ අස්සෙන් ජෝ
අහපු කියපු දැකපුවට පොඩි කැටයමක්.