මම වයිරා. කතාව කොහොම පටන් ගත්තත් අන්තිමට ඉවරවෙන්නේ එකම විදිහට හින්දා මම ලේසි විදිහෙන් පටන් ගන්නම්. මගේ ගොන් ජීවිතයේ වැස්සියෝ දෙතුන් දෙනෙක්ගෙන් කට්ට කාලා තිබුනත් රත්තිට වෙන නාම්බෝ දෙතුන් දෙනෙක් යෝජනා ගෙනත් තිබුනත් මම රත්ති ගැන හිතාගෙන හිටියා. හඳයා... හඳයා මට වඩා වයසයි. පුන්නක්කු පාවිච්චියක් නෑ. හඳයාත් රත්තිට යෝජනා වුන එක නාම්බෙක්. මම ඊයේ වෙනකම් හිතාගෙන හිටියේ රත්ති මට කැමතියි කියලා. හඳයාට රත්ති කැමති නැති බව රත්ති මට කියලා තිබුනා. ඒත් ඊයේ පාන්දර ගලගාව වෙල්යායේදී රත්ති හඳයාට කැමැත්ත දුන්නා කියලා කිව්වා. ඒ ඇයි කියන්න රත්ති දැනගෙන හිටියේ නෑ, එක්කෝ කියන්න බැරිකමක් තිබුනා, නැත්නම් වුවමනාවක් තිබුනේ නෑ වෙන්නත් පුළුවන්. රත්ති එක්ක මගේ ලොකු සම්බන්ධයක් තිබුනේ නෑ. ඒත් රත්තිගේ ඒ දික් හොම්බ, වයිරන් වැටුන හම, සැරින් සැරේ මැස්සෝ අයින් කරන්න මගේ පිට උඩට වැටෙන රත්තිගේ නැට්ට. මේවාට මම ඒ සතිය ඇතුලේ වශීවෙලා හිටියේ. මම ටිකක් වෙලා පැත්ත ගහලා ඉඳලා ආයි රත්තිට කතා කලා. රත්ති ඇඬුවා, දෙඩුවා, පොලවේ හැපුනා, ඒත් ඊයේ හැම ප්‍රශ්නෙටම උත්තර තිබුන රත්තිට මගේ ප්‍රශ්නවලට දෙන්න උත්තර නැතිවෙලා. සරලවම අපේ සම්බන්...
අහපු කියපු දැකපුවට පොඩි කැටයමක්.