11.12.2009

දර්ශීය ගැහැණිය

කුණු කෙල නොබේරෙන..
මාසිකව ලෙඩ නොවෙන..
ලෙඩ වුනත් නොපෙන්වන..
වැරදිලාවත් පඩයක් නොයන..
ගතපුරා කියුටිකිරා සුවඳ විහිදෙන..
සර්වාංගයම සළුයෙන් වැසී ඇති..
පොලවට නොරිදෙන්නට පය තබන..
අතිශය විනීත..
අතිශය පාරිශුද්ධ..
සුජාත පුත්‍රයෙකු බිහිකරන්නාවූ..
නුඹත් සොයන..
මාත් සොයන..
දර්ශීය ගැහැණිය..

10.29.2009

දියත් කුලේ පරණ වූ වගයි..

10.29.2008

මුලකුර.....

තාම Blog එකේ මුලකුර කියවන්න පටන් ගත්තා විතරයි. ලියන්න ‍දේවල් නම් අනන්තවත් තියෙනවා.. ටික ටික පුලුවන් විදිහට ලියලා බලමු.. දන් පටන් ගත්තානේ දැනට ඒ ඇති...... ජය..

6 අදහස්:

Shapeshifter said...

කිටියා වෙල්කම් ටු සිංහල බ්ලොගින්....
සාදරයෙන් පිළිගන්නවා

පහන් සරත්චන්ද්‍ර said...

වෙලාව තියෙන හැට්යට ලියමු.

Sabour said...

එල එල කිටී. . . ලියපං ලියපං. . . අපි බලාගෙන ඉන්නවා

ම said...

පුළුවන් විදිහට ලියන්න අපි ඉන්නව කියවන්න.

කෙහෙළිය බණ්ඩාර ගල්ලබ said...

අම්මට සිරි!!
ඇඹලෙ අයියගෙ blog එක...
කාලයක් නොදැක ඉදලා සයිබර් වනාන්තරයක දි වත් මුන ගැහුණම පුදුම සතුටක් දැනෙන්නෙ...
ජය වෙවා හැම දේකටම...

කෙභෙළිය
http://galpotha.wordpress.com

ආගන්තුකයා said...

කෙහෙලිය නේද මේ... මම හිතන්නේ අපි ලඟදීම හම්බවෙයි... බලමු ලෝකය හිතනවට වඩා පොඩියිනෙ...

මීට අවුරුද්දකට කලින් "දියත් කුලේ" පලවුනු පලමු සටහන.. දැක්කම අවුරුද්දක් මම බ්ලොග් ලිවුවද කියලත් හිතෙනවා. නා නා විධ චරිත අළුතෙන් මගේ ජීවිතේට එකතු කරපු මේ කෙරුවාවනම් මාර ආතල්.. ගල් මුල් වල් පල් හැම එකක් එක්කම මාත් එක්ක හිටපු හැමෝටම ස්තූතිය..

9.15.2009

සාපේක්ෂිත යථාර්තය...


ප්‍රේමයෙන් තොර ජීවිතය..
දේශපාලනික නොවූ චරිතය.
සාහිත්‍ය නොකියවූ රසවින්දනය..
කුකුල්මස් නැති ඩිනර් පාටිය...
බඩ නැති සල්ලිකාරයින්...
රැවුල නැති මාක්ස්වාදීන්..
ස්පෙශල් නොකරන ඩිග්‍රිය..
ඉංග්‍රීසි නොදැන පොෂ්වීම..
හෙවත්............
පරිප්පු නැති හෝටලය...
සහ.......
සාපේක්ෂිත යථාර්තය..

9.10.2009

මම හොඳය...

බෝඩිං ගාස්තු ගෙවනදා
මම හොඳය...
මාසේ මැද මම නරකය...
මාසෙම පාඩම් කරන
මම හොඳය...
පිස්සු කෙලින මම නරකය...
ට්‍රිප් යන මම හොඳය...
එකක් නොගියොත් නරකය...
කීකරු මම හොඳය...
ආසදේ කරන මම නරකය...
අනුන්ට කරන මම හොඳය...
තමන්ට කරගත්දාට නරකය...

ඉතිං කොහෙද හොඳ මිනිස්සු...?

9.01.2009

7ට උපරිමය...


"ඔය රෝමියෝ-ජුලියට්, සාලිය-අසෝකමාලා, ලයිලා-මජ්නූ, රාමා-සීතා මොකේ වුනත් හැම එකේම මිනිහා ගෑණිට වඩා උසයි..මේක සූක්ෂම ලෙස සැලසුම් කරලා තියෙන්නෙ .."
.වැලන්ටයින් එනකන්....

"අපිට සංස්කෘතිය කියලා එකකින් අපිට ඔය ටික කරන්න කියලා කියලා තියෙනවා. මට සමාවෙන්න ඔයා කියන දේ හරි වෙන්න පුළුවන් ඒත් ඔයාව කසාද බඳින්න මට බෑ.. .."
.ඔබ සාපේක්ෂයි....

"මම දන්නෙ නෑ මේක කොහොම වුනාද කියලා ඒත් මම ඔයාට ආදරේ කරන්න ගත්තා ඒ රාත්‍රිය මිලියන සීයකටවත් මිල කරන්න බෑ.. ..."
...චන්ද්‍රාවතී සමග රැයක්....

"දාස... ලඟදීම යුද්දෙ ඉවරවෙයි එතකොට තමුසෙගෙ පඩිය මම ඩබල් කරන්නම්..
"සර් හරි හොඳයි සර්"
එතකොට මේ රටේ ඉන්නේ වර්ග දෙකයි එකක් තමුසෙලා එකක් අපි.."
...දුවන උන් දෙන්නෙක්....

"පූජාසනේ ඉන්න දිව්‍ය පුත්‍රයාගෙ ඉඳන් බස් එකෙ ඉන්න අන්තිම හිඟන්න දක්වා මේක පොදු තත්වයක් වුනා.. මම එකතු කර ගත්තා දාහෙ පටියකුයි පන්සීයෙ පටියකුයි සීයෙ පටි දෙකකුයි.."
...ලාස්ට් බ්ස් එකේ කතාව.....














ජීවිතය කියන්නේ මේකද කියලා පොඩි අවුලක් අපිට රෑ නිදාගන්නකම් ඉතුරු කලත්...
අපි මේ යන විදිහ ගැන මහ කැත පහත් විදිහට ප්‍රශ්න කරලා තිබුනත්...
ධනංජයගේ "සිහින රඟහල නම්"
..... මාරයි...