Skip to main content

දර්ශීය ගැහැණිය

කුණු කෙල නොබේරෙන..
මාසිකව ලෙඩ නොවෙන..
ලෙඩ වුනත් නොපෙන්වන..
වැරදිලාවත් පඩයක් නොයන..
ගතපුරා කියුටිකිරා සුවඳ විහිදෙන..
සර්වාංගයම සළුයෙන් වැසී ඇති..
පොලවට නොරිදෙන්නට පය තබන..
අතිශය විනීත..
අතිශය පාරිශුද්ධ..
සුජාත පුත්‍රයෙකු බිහිකරන්නාවූ..
නුඹත් සොයන..
මාත් සොයන..
දර්ශීය ගැහැණිය..

Comments

අදහසට හේතු වුනේ අපි පිරිසක් කරපු කතාබහක් කතා බහ වුනේ වෙන පැත්තක් ගැන වුනාට මගේ හිතට ආවේ මේ වගේ අදහසක්. ඒ අවස්ථාවේ එතන සිටි සියලු දෙනාට මගේ ස්තූතිය.
Sankha said…
"ඒ අවස්ථාවේ එතන සිටි සියලු දෙනාට මගේ ස්තූතිය."
මේ මොකද බං?
මොනවා උනත් ඔහොම යං...නියමයි!නියමයි!
නිධාන කතාව මොකක්, උනත් හුදෙක් මේ සිතුවිල්ල නම්.... ඇත්ත.
පට්ට. මමත් කාලෙක ඉඳන් විසදුම් හොයන ප්‍රශ්න මේකෙ තියෙනවා.
malee_msg said…
මම හිතන්නේ නෑ.. පියවි ලෝකෙදි කවදාවත් හම්බ වෙයි කියලා.. හැබැයි හැම පිරිමියම සමරහර විටි 99% ක් ම හොයන්නේ මෙයාව තමා.
Unknown said…
මට ඇතිවෙන ගැටළුව ඇයි එයාව හොයන්නෙ කියන එක.
ඇයි හොයන්නෙ.. අපි සහකාරියක් හොයන කොට අපි ලඟ තියෙන ලිස්ට් එකට දාලා බලනවනෙ. ඕක හැමෝටම පොදු ප්‍රශ්ණයක් ඒත් අපි අනිවා අපි තනිකඩයි නම් අපි හොයන්නෙ ඔය වගේ ගැහැණියක් තමා. අපි යුගලයි නම් අපි හොයා ගෙන ඉන්නෙ අපිට අනුව එහෙම කෙනෙක්. ඒත් ගැටළුව අපි ඇයි එහෙම කෙනෙක් හොයන්නෙ කියන තැන.
Anonymous said…
ya සහතික ඇත්ත..... ගොඩක් අය තමන්ගෙ වැරදි හදාගෙන්නෙ නැතුව පත පතා ඉන්නෙ ඔය වගේ අයව..........
Teena said…
මේ වගේ ගැහැණියක් ගැළපෙන්නේ මේ ලක්ෂණම ඇති පිරිමියෙකුට විතරයි. අපි කවුරුත් එහෙම නෑනේ. ඒ නිසා අවුලක් ගන්න එපා. අනික්වා කොහොම වෙතත් අර හතර වෙනි පේළියෙන් කියවෙන දේ නොවෙන එකෙක් නම් ලොවෙත් නෑ. හොල්මනක් උනොත් මිසක.
අපි පිරිමි කොච්චර ආත්මාර්ථකාමී විදිහට මේ ගැහැණියව බලාපොරොත්තු වෙනවද? ඒක කොච්චර හරිද. කොහොමත් සමාජය නිර්මාණය කරන්නේ මේ ලක්ෂණ තියෙන ගැහැණියක්වනෙ.
Unknown said…
niyama sanwade . . .

වැඩිපුර බලපු..

අමුත්තිය

"අක්කව ඇඩ්මිට් කරලා" දවස් ගාණක ඉඳන් දැන් වෙයි දැන් වෙයි කියලා බලාගෙන හිටියත් එක පාර ආරංචිය ඇහුවම නිකං මාවත් කරකැවෙන්න පටන් ගත්ත හින්දා මම දම්මිනීට SMS ගහ ගහ මොහොතින් මොහොත අප්ඩේට් වුනා. "හෙට මොනා වෙයිද..?" නොවැම්බර් දහනමවැනිදා මහ රෑ එකොලහයි හයට "බනුලි" කියලා පුංචි කෙළිපැටික්කියෙක් මේ ලෝකෙ දකින්නට පටන් අරන්. මාරයිනෙ මමත් දැන් මාම කෙනෙක්... ඒකත් නරකම නෑ...! "ඊයෙ හොඳ නැකැත් දවසක් වෙන්න ඇති.සීසර් කරපු අයම දාහතක්.." අයියා එහෙම කිව්වෙ තමන්ගෙ කෙළිපැටික්කි ඉපදුනු ආඩම්බරේ හිතේ තියාගෙන වෙන්න ඇති. ඉතිං ආඩම්බර නැද්ද... සෙල්ලං නෑනෙ තාත්ත කෙනෙක් වුනාම. "එහෙනම් ඊයෙ රාජයෝගයක් තියෙන්න ඇති. තව අවුරුදු තිහකින් ලංකාවට රජවරු දාහතයි රැජිණයි" මම පුංචි විහිළුවක් කළා. පොඩි එකීව අතට ගන්න ආස හිතුනත් බය හිතුන හින්දා මම තොටිල්ල වහලා තිබුනු නෙට් එක අස්සෙන් ලේලි පොඩ්ඩගෙ මුහුණ දිහා බලාගෙන හිටියා. ඇඟිල්ලක් උර උර හොඳටම නිදි.. මිනිහා උපදිනකොට කොච්චර දුර්වලද? මිනිහට තමන්ගෙ දෙපයින් නැගිටින්න කොච්චර කල් යනවද? ඒත් මිනිහා කොච්චර ප්‍රබල වෙන්න දඟලනවද? පුංචි එකී දඟලන්න ගත්

වඳුරන්ගේ රට.

ඒ අනාගතය කියලා පටන්ගත්තොත් අනාගතය කොයි වගේ එකක්ද කියල අපේ හිත්වල තියෙන පින්තූරයට මේක ටිකක් සමාන වෙලා පෙනෙන්න පුළුවන්. ඒ පින්තූරය හදලා තියෙන්නේ වැඩිපුරම පොත්වලින් සහ චිත්‍රපටිවලින් කියලා කිව්වොත් වැරැද්දක් නෑ. කවුරුහරි මේක Planet of the Apes වගේ කතාවක් කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ හරියකුත් නෑ. අපි ඒ ග්‍රහලෝකයට මැඩේෂියාව කියලා කියමු. මැඩේෂියාව භූ පිහිටීම අතින් ගත්තොත් තනි මහද්වීපයකින් සමන්විත විවිධ ජනවර්ග වලින් සමන්විත වුන රටක්. එක අතකින් මැඩේෂියාව සිංගප්පූරුවට සමානයි.  මේක අතීතය, අනාගතය, වර්තමානය යන තුන්කාලයෙන් ඕනිම කාලයක සිදුවෙන්න පුළුවන් සිදුනොවෙන්නත් පුළුවන් සිදුවීමක්. හෝමෝ නියර්ඩල්තාල්ගෙන් හෝමෝ ඉරෙක්ටස්ට පරිණාමය වුනේ වඳුරා වුනාට හෝමෝ ඉරෙක්ටස්ගෙන් හෝමෝ එක්සලන්ස් වෙන්නේ ඔය වඳුරාද කියන ගැටළුවත් එක්ක අපි කතාව පටන්ගමු. මෙන්න මේ හේතුව නිසා තමා මැඩේෂියාව තුල මැඩේෂියාවේ පූර්වජයා ලෙස ඉගැන්වෙන චිම්පන්සියාව දේවත්වයෙන් සලකන්නේ. මැඩේෂියාව මූලිකව ද්වී ආගමික රටක්. චිම්පන්සියුස් නමින් හැඳින්වෙන මූලික ආගම නිර්මාණය වෙලා තියෙන්නේ මැඩේෂියාවන් පැවත එන්නේ චිම්පන්සින්ගෙන් කියන හරය පදන

උක්කුං පටි බෝල බැලන්ස්.. පුක් පේපර්.. පුක් පේපර්...

“මහත්තයා අර ජිනේ මැරිලා“  හමීඩ් මුදලාලි රෙදි මනින ගමන් එහෙම කිව්වෙ මද සිනාවක් එක්කමයි “ මොනවා...! වෙන්න බෑ “  මම එහෙම කිව්වෙ සමහරවිට ජිනේ මැරෙන්නේ නැති එකෙක් කියලා මගේ ඔළුවේ කොනක තිබුන නිසා වෙන්න ඇති “ මිනිහා ඉන්න තැනක් වත් දන්නවාද? “ මම එහෙම ඇහුවේ පව් සමාකරගන්න ගිහින් මූණවත් පෙන්නලා එන්න කියලා හිතාගෙන. ඒත් මාව දන්නේ ජිනේ විතරනේ.. “ ජිනේ “ තාත්තා හැමසතියෙම විකුණන්න ගෙනියන දොර රෙදි යාර 30 ගන්න කොලඹට එනකොට මමත් පස්සෙන් එන්නේ කොලඹ බලන්න. ඒත් අනික් එවුන් කොලඹ ඇවිල්ලා ග්‍රහලෝකාගාරේ, කටුගේ බලලා යනකොට මට බලන්න වුනේ බසාර් එකේ රෙදිකඩ ටිකයි තුන්වෙනි හරස්වීදියේ එලවළු කඩ ටිකයි විතරයි..                 ජිනේ මම මුලින්ම දැක්කේ මම සාමාන්‍ය පෙල කරන කාලයේ වගේ මතකයි. අව්වට කළුවුන අඩි 6 විතර උස ජිනේව මම එදා දැක්කේ යෝධයෙක් වගේ. ජිනේගෙන් තාත්තාගේ කඩේ විකුණන්න බ්‍රෙසියර් දුසිම් දෙකක්, ලංකට් දුසිම් දෙකක් අරගෙන යන එක සිරිතක් වගේ වෙලා තිබුනේ. ලොකු ලොකු කඩවල ලොකු ලොකු නෝනලා මහත්තුරු බර ගනන් දීලා ගන්න ලොකු ලොකු බ්‍රෑන්ඩ් ජිනේ තුට්ටු දෙකට කරත්තේ තියාගෙන විකුණුවා. හමීඩ් නම් කිව්වෙ ඒවා ජිනේ වරායෙන් පන්නන ඒවා කිය