Skip to main content

දියත් කුලේ පරණ වූ වගයි..

10.29.2008

මුලකුර.....

තාම Blog එකේ මුලකුර කියවන්න පටන් ගත්තා විතරයි. ලියන්න ‍දේවල් නම් අනන්තවත් තියෙනවා.. ටික ටික පුලුවන් විදිහට ලියලා බලමු.. දන් පටන් ගත්තානේ දැනට ඒ ඇති...... ජය..

6 අදහස්:

Shapeshifter said...

කිටියා වෙල්කම් ටු සිංහල බ්ලොගින්....
සාදරයෙන් පිළිගන්නවා

පහන් සරත්චන්ද්‍ර said...

වෙලාව තියෙන හැට්යට ලියමු.

Sabour said...

එල එල කිටී. . . ලියපං ලියපං. . . අපි බලාගෙන ඉන්නවා

said...

පුළුවන් විදිහට ලියන්න අපි ඉන්නව කියවන්න.

කෙහෙළිය බණ්ඩාර ගල්ලබ said...

අම්මට සිරි!!
ඇඹලෙ අයියගෙ blog එක...
කාලයක් නොදැක ඉදලා සයිබර් වනාන්තරයක දි වත් මුන ගැහුණම පුදුම සතුටක් දැනෙන්නෙ...
ජය වෙවා හැම දේකටම...

කෙභෙළිය
http://galpotha.wordpress.com

ආගන්තුකයා said...

කෙහෙලිය නේද මේ... මම හිතන්නේ අපි ලඟදීම හම්බවෙයි... බලමු ලෝකය හිතනවට වඩා පොඩියිනෙ...

මීට අවුරුද්දකට කලින් "දියත් කුලේ" පලවුනු පලමු සටහන.. දැක්කම අවුරුද්දක් මම බ්ලොග් ලිවුවද කියලත් හිතෙනවා. නා නා විධ චරිත අළුතෙන් මගේ ජීවිතේට එකතු කරපු මේ කෙරුවාවනම් මාර ආතල්.. ගල් මුල් වල් පල් හැම එකක් එක්කම මාත් එක්ක හිටපු හැමෝටම ස්තූතිය..

Comments

දුකා said…
ජය වේවා . . . . දිගටම ලියන්න . . .! !
Unknown said…
සමහර දේවල් පරණ වෙනකොට නේ අගේ වැඩි වෙන්නේ. දියත් කුලෙත් ඒ වගේ තමයි. මමත් බ්ලොග් කරණයට ආදර්ශය ගත්තෙ අයියලගේ බ්ලොග් දැකලා.

ලසිත අයියාට හැමදාම බොහොම අපූරු සටහන් දියත් කුලයට එකතු කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
malee_msg said…
මම අප්ඩේට් වෙනකම් බලන් ඉන්න වර්ග‍යේ බ්ලොග් එකක් මේක.. සුභ පැතුම් දිගටම ලියන්න!
Anonymous said…
අවුරුද්දක් තිස්සේ ඇදලා අපි එකතු කර ගත්ත දේවල් නම් බොහෝමයි.

සුභ පැතුම් කිටියට!!!
Anonymous said…
Dude!

Jayaweva!
Kasun said…
එල එල, දිගටම ලියමු. :)
Sankha said…
සුභ පැතුම් මචං...
දිගටම ලියපං
ස්තූතිය.. ඇත්තටම තවත් එකෙක් හරි මම අපි ලියන ඒවා කියවනව කියන්නෙ ඒක කොච්චර හයියක්ද...? ඒකනෙ අපි ෆලෝවර්ලා වැඩිවෙනවට මෙච්චර ආස...
Supun Sudaraka said…
අඩේ... එළ එළ! මෙන්න අපෙනුත් සුබ පැතුම්! :-)
said…
ඕන් එහෙනම් මගෙනුත් සුභ පැතුම්
චියර්ස්!!!!!!!!!!!!!!
Anonymous said…
එළ එළ මචං... සුභ පැතුම්... තව බොහොම කාලයක් ලියන්න ලැබේවා! :)
dilanrf said…
එල එල මචන් , දිගටම ලියමු :)
බිඟූ said…
බොන්න... ඕකේ සෙට් වෙමු එහෙනම් ඉතින්.
/නිශාන්ත

වැඩිපුර බලපු..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

උක්කුං පටි බෝල බැලන්ස්.. පුක් පේපර්.. පුක් පේපර්...

“මහත්තයා අර ජිනේ මැරිලා“  හමීඩ් මුදලාලි රෙදි මනින ගමන් එහෙම කිව්වෙ මද සිනාවක් එක්කමයි “ මොනවා...! වෙන්න බෑ “  මම එහෙම කිව්වෙ සමහරවිට ජිනේ මැරෙන්නේ නැති එකෙක් කියලා මගේ ඔළුවේ කොනක තිබුන නිසා වෙන්න ඇති “ මිනිහා ඉන්න තැනක් වත් දන්නවාද? “ මම එහෙම ඇහුවේ පව් සමාකරගන්න ගිහින් මූණවත් පෙන්නලා එන්න කියලා හිතාගෙන. ඒත් මාව දන්නේ ජිනේ විතරනේ.. “ ජිනේ “ තාත්තා හැමසතියෙම විකුණන්න ගෙනියන දොර රෙදි යාර 30 ගන්න කොලඹට එනකොට මමත් පස්සෙන් එන්නේ කොලඹ බලන්න. ඒත් අනික් එවුන් කොලඹ ඇවිල්ලා ග්‍රහලෝකාගාරේ, කටුගේ බලලා යනකොට මට බලන්න වුනේ බසාර් එකේ රෙදිකඩ ටිකයි තුන්වෙනි හරස්වීදියේ එලවළු කඩ ටිකයි විතරයි..                 ජිනේ මම මුලින්ම දැක්කේ මම සාමාන්‍ය පෙල කරන කාලයේ වගේ මතකයි. අව්වට කළුවුන අඩි 6 විතර උස ජිනේව මම එදා දැක්කේ යෝධයෙක් වගේ. ජිනේගෙන් තාත්තාගේ කඩේ විකුණන්න බ්‍රෙසියර් දුසිම් දෙකක්, ලංකට් දුසිම් දෙකක් අරගෙන යන එක සිරිතක් වගේ වෙලා තිබුනේ. ලොකු ලොකු කඩවල ලොකු ලොකු නෝනලා මහත්තුරු බර ගනන් දීලා ගන්න ලොකු ලොකු බ්‍රෑන්ඩ් ජිනේ තුට්ටු දෙකට කරත්තේ තියාගෙන විකුණුවා...

වඳුරන්ගේ රට.

ඒ අනාගතය කියලා පටන්ගත්තොත් අනාගතය කොයි වගේ එකක්ද කියල අපේ හිත්වල තියෙන පින්තූරයට මේක ටිකක් සමාන වෙලා පෙනෙන්න පුළුවන්. ඒ පින්තූරය හදලා තියෙන්නේ වැඩිපුරම පොත්වලින් සහ චිත්‍රපටිවලින් කියලා කිව්වොත් වැරැද්දක් නෑ. කවුරුහරි මේක Planet of the Apes වගේ කතාවක් කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ හරියකුත් නෑ. අපි ඒ ග්‍රහලෝකයට මැඩේෂියාව කියලා කියමු. මැඩේෂියාව භූ පිහිටීම අතින් ගත්තොත් තනි මහද්වීපයකින් සමන්විත විවිධ ජනවර්ග වලින් සමන්විත වුන රටක්. එක අතකින් මැඩේෂියාව සිංගප්පූරුවට සමානයි.  මේක අතීතය, අනාගතය, වර්තමානය යන තුන්කාලයෙන් ඕනිම කාලයක සිදුවෙන්න පුළුවන් සිදුනොවෙන්නත් පුළුවන් සිදුවීමක්. හෝමෝ නියර්ඩල්තාල්ගෙන් හෝමෝ ඉරෙක්ටස්ට පරිණාමය වුනේ වඳුරා වුනාට හෝමෝ ඉරෙක්ටස්ගෙන් හෝමෝ එක්සලන්ස් වෙන්නේ ඔය වඳුරාද කියන ගැටළුවත් එක්ක අපි කතාව පටන්ගමු. මෙන්න මේ හේතුව නිසා තමා මැඩේෂියාව තුල මැඩේෂියාවේ පූර්වජයා ලෙස ඉගැන්වෙන චිම්පන්සියාව දේවත්වයෙන් සලකන්නේ. මැඩේෂියාව මූලිකව ද්වී ආගමික රටක්. චිම්පන්සියුස් නමින් හැඳින්වෙන මූලික ආගම නිර්මාණය වෙලා තියෙන්නේ මැඩේෂියාවන් පැවත එන්නේ චිම්පන්සින්ගෙන් කියන හරය...