Skip to main content

Posts

දියත් කුලේ පරණ වූ වගයි..

10.29.2008 මුලකුර..... තාම Blog එකේ මුලකුර කියවන්න පටන් ගත්තා විතරයි. ලියන්න ‍දේවල් නම් අනන්තවත් තියෙනවා.. ටික ටික පුලුවන් විදිහට ලියලා බලමු.. දන් පටන් ගත්තානේ දැනට ඒ ඇති...... ජය.. එකතු කලේ ආගන්තුකයා වෙලාව 1:41 AM 6 අදහස්: Shapeshifter said... කිටියා වෙල්කම් ටු සිංහල බ්ලොගින්.... සාදරයෙන් පිළිගන්නවා Thursday, October 30, 2008 පහන් සරත්චන්ද්‍ර said... වෙලාව තියෙන හැට්යට ලියමු. Saturday, November 01, 2008 Sabour said... එල එල කිටී. . . ලියපං ලියපං. . . අපි බලාගෙන ඉන්නවා Monday, November 03, 2008 ම said... පුළුවන් විදිහට ලියන්න අපි ඉන්නව කියවන්න. Wednesday, November 05, 2008 කෙහෙළිය බණ්ඩාර ගල්ලබ said... අම්මට සිරි!! ඇඹලෙ අයියගෙ blog එක... කාලයක් නොදැක ඉදලා සයිබර් වනාන්තරයක දි වත් මුන ගැහුණම පුදුම සතුටක් දැනෙන්නෙ... ජය වෙවා හැම දේකටම... කෙභෙළිය http://galpotha.wordpress.com Friday, November 14, 2008 ආගන්තුකයා said... කෙහෙලිය නේද මේ... මම හිතන්නේ අපි ලඟදීම හම්බවෙ...

සාපේක්ෂිත යථාර්තය...

ප්‍රේමයෙන් තොර ජීවිතය.. දේශපාලනික නොවූ චරිතය. සාහිත්‍ය නොකියවූ රසවින්දනය.. කුකුල්මස් නැති ඩිනර් පාටිය... බඩ නැති සල්ලිකාරයින්... රැවුල නැති මාක්ස්වාදීන්.. ස්පෙශල් නොකරන ඩිග්‍රිය.. ඉංග්‍රීසි නොදැන පොෂ්වීම.. හෙවත්............ පරිප්පු නැති හෝටලය... සහ....... සාපේක්ෂිත යථාර්තය..

මම හොඳය...

බෝඩිං ගාස්තු ගෙවනදා මම හොඳය... මාසේ මැද මම නරකය... මාසෙම පාඩම් කරන මම හොඳය... පිස්සු කෙලින මම නරකය... ට්‍රිප් යන මම හොඳය... එකක් නොගියොත් නරකය... කීකරු මම හොඳය... ආසදේ කරන මම නරකය... අනුන්ට කරන මම හොඳය... තමන්ට කරගත්දාට නරකය... ඉතිං කොහෙද හොඳ මිනිස්සු...?

7ට උපරිමය...

"ඔය රෝමියෝ-ජුලියට්, සාලිය-අසෝකමාලා, ලයිලා-මජ්නූ, රාමා-සීතා මොකේ වුනත් හැම එකේම මිනිහා ගෑණිට වඩා උසයි..මේක සූක්ෂම ලෙස සැලසුම් කරලා තියෙන්නෙ .." . වැලන්ටයින් එනකන් .... "අපිට සංස්කෘතිය කියලා එකකින් අපිට ඔය ටික කරන්න කියලා කියලා තියෙනවා. මට සමාවෙන්න ඔයා කියන දේ හරි වෙන්න පුළුවන් ඒත් ඔයාව කසාද බඳින්න මට බෑ.. .." . ඔබ සාපේක්ෂයි .... "මම දන්නෙ නෑ මේක කොහොම වුනාද කියලා ඒත් මම ඔයාට ආදරේ කරන්න ගත්තා ඒ රාත්‍රිය මිලියන සීයකටවත් මිල කරන්න බෑ.. ..." ...චන්ද්‍රාවතී සමග රැයක්. ... "දාස... ලඟදීම යුද්දෙ ඉවරවෙයි එතකොට තමුසෙගෙ පඩිය මම ඩබල් කරන්නම්.. "සර් හරි හොඳයි සර්" එතකොට මේ රටේ ඉන්නේ වර්ග දෙකයි එකක් තමුසෙලා එකක් අපි.." ... දුවන උන් දෙන්නෙක් .... "පූජාසනේ ඉන්න දිව්‍ය පුත්‍රයාගෙ ඉඳන් බස් එකෙ ඉන්න අන්තිම හිඟන්න දක්වා මේක පොදු තත්වයක් වුනා.. මම එකතු කර ගත්තා දාහෙ පටියකුයි පන්සීයෙ පටියකුයි සීයෙ පටි දෙකකුයි.." ... ලාස්ට් බ්ස් එකේ කතාව ..... ජීවිතය කියන්නේ මේකද කියලා පොඩි අවුලක් අපිට රෑ නිදාගන්නකම් ඉතුරු කලත්... අපි මේ යන විදිහ ගැන මහ කැත පහත...

අද්දර ජීවිත

"කාටවත් ඇහුනෙ නෑ නේද?" බකලා අහනකොට ඇඟේ මයිල් කෙලින් වුනේ ඇත්තටම කාටවත් ඇහුනේ නැද්ද කියලා හරියටම විශ්වාසයක් තිබුනෙ නැති නිසා වෙන්න ඇති... "මේකයි වැඩේ.." ගුරා පටන්ගත්ත කතාව ඉවරවුනේ භීතිය එක්ක කලවම් වුන ආතල් එකක් ඔලුවට එකතු කරමින්... "අපි හතරදෙනා මෙහෙම. " භාෂි ඇහුවේ අත්දැකීම් නැතිකම හින්දා වෙන්න ඇති. "ඇයි උඹට යුනිෆෝම් ගහගෙන යන්න ඕනිද ?" බකලා එහෙම කිව්වට බකලත් කලින් මේ වගේ වැඩකට නම් අත ගහලා තිබුනේ නෑ.. කලින් තාප්පෙන් පැන රෑ වැල්ලවත්ත මුහුදු වෙරලට, බම්බලපිටියෙ හන්දියට අනන්තවත් ගිහින් තිබුනත් මේ පාර වැඩේ නම් ටිකක් අන්තරාදායක බව අපිට වැටහුනේ නැතුවමත් නෙමෙයි.. "මොකද සද්ද නැත්තෙ බෑ වගේද ?" ගුරා එහෙම කියලා තවත් මිනිත්තු දෙකක් විතර දෙල්ගහ යට නිහඬව තියෙන්න ඇති... "හරි යමන්" මම උත්තර දුන්නේ ජීවිතේ මෙතෙක් කරලා නැති සමහරවිට ආයෙත් ජීවිතේටම කරන්න ලැබෙන්නේ නැති මේ වගේ වැඩක් කරලා ගුටි කෑවත් කමක් නෑ කියලා හිතුන හින්දා.. අවාසනාවටද වාසනාවටද මන්දා අපි ඒකාලෙ දන්න විදිහට මිනිහෙක්ට විඳින්න පුළුවන් උපරිම දඬුවම ගුටි කෑම කියලා තමා අපේ පොඩි මොලේට වැටහ...

සැඟවුන නුවර...

අරුණළු ටික ටික මැකීගෙන එනකොට, ලා හිරු එලිය මාතලේ එලිය කරන්න පටන් අරගෙන... අපි ඩිපෝව හොයාගෙන ගියේ නාරංගමුවට යන බස් එක මගහැරෙයි කියලා බයේ... මැදිවිය පසුකර සිටියත් කොන්දොස්තර අය්යා ජේමිස් අය්යා කියලා කියපු රියදුරු ජේමිස් අය්යා එක්ක අපිත් කුලුපග වුනා. "දෙයියන්ගෙ පිහිටෙන් මහත්තෙලාට දෙක විතර වෙනකොට නාරංගමුවට යන්න පුළුවන් වේවි" එහෙම කියනකොටම ඔරලෝසුව බලපු දුකා "අම්මෝ ඒ කියන්නෙ පැය 6ක් විතරනේ එච්චර වෙලා යනවද" කියලා ඇහුවෙ පුදුමයෙන්. පුදුම නොවෙන්න හේතුවකුත් නෑ. අපි හිතාගෙන හිටියෙ මාතලේ ඉඳන් ටික දුරක් කියලා වුනාට පැය 6ක්ම යන්න තියෙනවනෙ... "පය ඉක්මන් කරලා නාරංගමුවෙ ඉඳන් ගියොත් බිම් කළුවර වැටෙන්න කලින් යාගන්න පුළුවන්" ජේමිස් අය්යගෙ කතාව හරි තමා... අපි හරියටම මීමුරේට යනකොට යකාගෙ කලුවර මීමුරේ ගිලගන්න බලාගෙන හිටියා... අපි විතරක් නම් කමකුත් නෑ... ගෑණු ලමයිනුත් ඉන්න හින්ද නවාතැන් ගැටලුව නම් අපිට දැනිල තිබුනෙ... "විශ්ව විද්‍යාලෙ ලමයි හින්දා බෑ කියන්නත් බෑ.." ලොකු හාමුදුරුවො බණ මඩුවෙ නවාතැන් දුන්නෙ වැඩි කැමැත්තකින් නම් නෙමෙයි... උදේ පාන්දරම කඩමණ්ඩියෙන් තේකක් බ...

මාස්ටර්

බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ සේක... ක්‍රිස්තූස් වහන්සේ ස්වර්ගස්ත වූ සේක... ලොකු හාමුදුරුවෝ අපවත් වූ සේක... පොඩි විජේ වලකජ්ජ ගැසුවේය... ඇමතිතුමා අභාවප්‍රාප්ත විය... ඒත්.......... මාස්ටර් මලා... කේමදාස මාස්ටර්ගේ ආදාහනය දවසේ බෙදාහරින ලද පත්‍රිකාවක තිබුන පොඩි වදන් වැලක්... අදහස පැහැදිලි වුනත් වචන ටික හරියටම ඒවද කියලා විශ්වාසයක් නෑ... සන්නස්ගලයන්ගේ මම දැකපු අර්ථවත් ඇමුණුමක්... මාස්ටර්ට ලැබුනු දේවල්... මාස්ටර් කොයිවගේ චරිතයක්ද කියලා මේ වචන ටික කියෙව්වාම හොඳටම දැනෙනවා... ස්තුතියි සන්නස්ගලයිනි...