Skip to main content

මාස්ටර්


බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ සේක...
ක්‍රිස්තූස් වහන්සේ ස්වර්ගස්ත වූ සේක...
ලොකු හාමුදුරුවෝ අපවත් වූ සේක...
පොඩි විජේ වලකජ්ජ ගැසුවේය...
ඇමතිතුමා අභාවප්‍රාප්ත විය...
ඒත්..........
මාස්ටර් මලා...



කේමදාස මාස්ටර්ගේ ආදාහනය දවසේ බෙදාහරින ලද පත්‍රිකාවක තිබුන පොඩි වදන් වැලක්...
අදහස පැහැදිලි වුනත් වචන ටික හරියටම ඒවද කියලා විශ්වාසයක් නෑ...
සන්නස්ගලයන්ගේ මම දැකපු අර්ථවත් ඇමුණුමක්...
මාස්ටර්ට ලැබුනු දේවල්...
මාස්ටර් කොයිවගේ චරිතයක්ද කියලා මේ වචන ටික කියෙව්වාම හොඳටම දැනෙනවා...
ස්තුතියි සන්නස්ගලයිනි...

Comments

Kanch said…
ආදරණීය මාස්ටර්.......
සුළං කුරුල්ලෝ සමගින්
අහස් ගවිවෙන් එහා ගිය ඔබ
මානස විල අද්දර දොරමඩලාවෙන්
නැවත එනතුරු
අපි බලා සිටිමු..................
Palitha said…
මාස්ටර් කියන්නේ මාර පෞරුෂයක් සහිත මනුස්සයෙක්. ඒක හින්දා මිනිහට ගහන්න බැරි ගොඩාක් අය මාස්ටර් ඉම්බා.ඒකේ ප්‍රතිපලයක් ලෙස තමයි ගොඩාක් අය මාස්ටර්ට ගහන්න බැරි නිසා තමන්ගේ පාවිච්චිය සදහා ඔහුව යොදාගත්තේ.මේකේ ප්‍රතිපලක් ලෙස මාස්ටර්ට රාජ්‍ය අනුග්‍රහය යටතේ අවසන් කටයුතු කරන අතර, අමු ළිං ගෙඹි ජාතීවාදීන් මෙන්ම ලංකාව ඇමරිකාවක් කරන්න දගලන අවස්තාවාදී තක්කඩි ලිබරල් කාරයෝ දක්වා මාස්ටර්ව තමන්ගේ ‍ගොඩට දාගන්න දැගළුවේ.ඒකේ ප්‍රතිපලයක් තමයි මේකත්.
අරමුණ මොකක් වුනත් ඉතා හොද නිර්මාණාත්මක මරණ දැන්වීමක්.
කථාව හරියට හරි.. මම මේක දැම්මේ මාස්ටර්ට කරන ගෞරවයක් විදිහට මිසක් කඩේ යන්න නම් නෙමෙයි..
මාස්ටර් කරන හැම දේම මිනිස්සු ආදරයෙන් වැලඳ ගත්තා.. ඒ විතරක් නෙමෙයි පාලිත කිව්ව වගේ මාස්ටර් තමන්ගේ දෙකයි පණහේ දේශපාලනයට දාගන්න හැදුවා.. ඒත් අන්තිම වෙනකම් මාස්ටර් තනි මිනිහෙක් විදිහට හිටගෙන හිටියා.. ඒකයි මම හිතන්නෙ හුඟක් තරුණ පරපුර මාස්ටර්ට කැමැත්තක් දක්වන්නේ...
මොකක්ද මේ නලින්ගෙයි අමරසේකරගෙයි වලිය? කවුරු හරි මේ ගෑන වෑඩි විස්තර දන්නවද?
Kalith said…
මුළු ලොව උසුලන රන් ටැඹ මිනිසා..

හදවත අද ගොළු වූවද, වදනින් එහා ගොස් අප හදවත්හි සියුම් තැන් ස්පර්ශ කල ඔබගේ සංගීතය අපට මහ මූහූදකටත් වඬා වූ නිධානයකි..

අකාල සන්ධ්යාවක තුන්වන යාමයේ සිදුවූ ඔබේ නික්ම යාම, මල්දෙණියේ සිමියොන් ද වෙද හාමිනේ ද අප සැම ද ශෝක අග්නියේ දවයි..හංස විලක තනිව සොඳුරු වර්ණදාසිය හඬයි..උදුම්බරා ද කඳුළු සලයි..

සෙන්පතියෝ සතර දෙනෙක් පෙරටු කොට මානස විල අද්දර දොරමඬලාවෙන් ඔබ නැවත කවදා හෝ ඒ දැයි අපි බලා සිටිමු...නමුත්, අහස් ගව්වෙන් එහා ගිය ඔබ සුළං කුරුල්ලෝ සමග නොපැමිණෙන බව දනිමු..

සදාදරණීය සංගීතවේදියානණි..ඔබට නිවන් සුව ලැබේවා.."


මාස්ටර් නැති වෙච්ච දවස් වල මම මූණුපොතට ලිව්ව සටහනක් මේ...මේ සටහන දක්කම දාන්න හිතුන...

වැඩිපුර බලපු..

වඳුරන්ගේ රට.

ඒ අනාගතය කියලා පටන්ගත්තොත් අනාගතය කොයි වගේ එකක්ද කියල අපේ හිත්වල තියෙන පින්තූරයට මේක ටිකක් සමාන වෙලා පෙනෙන්න පුළුවන්. ඒ පින්තූරය හදලා තියෙන්නේ වැඩිපුරම පොත්වලින් සහ චිත්‍රපටිවලින් කියලා කිව්වොත් වැරැද්දක් නෑ. කවුරුහරි මේක Planet of the Apes වගේ කතාවක් කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ හරියකුත් නෑ.

අපි ඒ ග්‍රහලෝකයට මැඩේෂියාව කියලා කියමු. මැඩේෂියාව භූ පිහිටීම අතින් ගත්තොත් තනි මහද්වීපයකින් සමන්විත විවිධ ජනවර්ග වලින් සමන්විත වුන රටක්. එක අතකින් මැඩේෂියාව සිංගප්පූරුවට සමානයි. 

මේක අතීතය, අනාගතය, වර්තමානය යන තුන්කාලයෙන් ඕනිම කාලයක සිදුවෙන්න පුළුවන් සිදුනොවෙන්නත් පුළුවන් සිදුවීමක්. හෝමෝ නියර්ඩල්තාල්ගෙන් හෝමෝ ඉරෙක්ටස්ට පරිණාමය වුනේ වඳුරා වුනාට හෝමෝ ඉරෙක්ටස්ගෙන් හෝමෝ එක්සලන්ස් වෙන්නේ ඔය වඳුරාද කියන ගැටළුවත් එක්ක අපි කතාව පටන්ගමු. මෙන්න මේ හේතුව නිසා තමා මැඩේෂියාව තුල මැඩේෂියාවේ පූර්වජයා ලෙස ඉගැන්වෙන චිම්පන්සියාව දේවත්වයෙන් සලකන්නේ.



මැඩේෂියාව මූලිකව ද්වී ආගමික රටක්. චිම්පන්සියුස් නමින් හැඳින්වෙන මූලික ආගම නිර්මාණය වෙලා තියෙන්නේ මැඩේෂියාවන් පැවත එන්නේ චිම්පන්සින්ගෙන් කියන හරය පදනම් කරගෙන…

ගබ්සාව..

සුජ්ජා අවසාන වතාවට මට හමුවෙන විට ඌ හිටියේ පෝරු මස්තකාරූඩවය. ඉන්පසුව මට වුවමනාවක් නැතිකම හෝ වැඩවැඩිකම හෝ ඌ අතුරුදහන් වීම හෝ වෙන කිසියම් කරුණක් නිසා මට ඌ හමුවුනේ නැත. කෙසේවෙතත් මම විශ්වවිද්‍යාලයට යන කාලේ ඌ මගේ රූමා යන්න වග මට මතකය.

           සුජ්ජා සුන්දර මනුස්සයෙකි. ඒ ඌ කිසිම දෙයක් පිලිඹඳ ඕනාවට වඩා නොසිතන නිසා යැයි මම සිතමි. ඒ අවුරුදු හතර තුල සුජ්ජා මගේ හොඳම මිතුරන් කිහිප දෙනාගෙන් එකෙකු වීමට එයම හේතුවුනා යැයි මම සිතමි. ඒ කවරකටත් වඩා සුජ්ජා මට මතක හිටින්නේ වෙන හේතුවක් නිසා කිව්වොත් ඒ බොරුවක් නොවේ.

ලතා..
සුජ්ජා ලතා සමග හාද වෙනකොට විශ්වවිද්‍යාලෙට ගිහින් මාසයක්වත් නැතුව ඇති. පෞද්ගලික ආයතනයක අයි ටී උගන්නපු ලතා සුජ්ජා එක්ක යාළුවුනේ සුජ්ජාගේ තිබුන යම් ගුණයක් නිසා වෙන්න පුළුවන්. කෙසේවෙතත් හැමඑකටම හිනාවෙන්න පුළුවන් සුජ්ජාත් එක්ක යාළුවුන ලතා වාසනාවන්තයි කියලා මට නම් මේ දැනුත් හිතෙනවා. කොහොමත් මේ සම්බන්ධයට මාස හයක් විතර යද්දි සුජ්ජායි මගෙයි අතර සම්බන්ධතාවය හරිම යාන්ත්‍රික වෙලා තිබුනේ, ඒක සමහරවිට පුරුද්දට වගේ සතියකට ගිහින් ගහන ගල්බාගෙකට, හවසට කම්මැලිකම යන්න ගහපු සිගරට් එකකට සීම…

රේවත

වර්ෂය 1992 වන්නට ඇත. විශ්වවිද්‍යාලයෙන් ඉවත්වී ගුරු ජීවිතය පටන්ගත්තු අළුතම හත්දාමගුල හත් මාසයක් යන්න කලින් අහවර වුන නිසා මගේ හිත හදාගන්න කියලා මමම රාගල පඥ්ඥාසේකර විද්‍යාලයට සාමාන්‍ය පෙල ගණිතය උගන්වන්න ගියා. විරහ දුක හරි දිවිනසාගන්න හිතෙන තරම් පාළුව හරි වෙන මොකක් හරි එකක් මගේ හිතේ කොනක ඇරෙන්න වෙන කොහෙවත් නොතිබුනාට මම රාගල මාරුවට කැමැත්තෙන්ම ගියේ මට වටෙන් පිටෙන් ඉමෝෂනල් වෙන්න තියෙන හේතුවලින් පැනලා යන්න කියලා කිව්වොත් සෑහෙන්න හරි. ඊට අමතරව රාගල මීදුමත් සීතලයත් මදි පාඩුවට තිබුනා.



පඥ්ඥාසේකර විද්‍යාලය රාගල තිබුන ලොකු ඉස්කෝලයක් වුනාට පොඩි ස්කෝලයක්. ගෑනියෙක්ට වඩා සීතලට ආදරේ කරන මිනිහෙක් වුන මම ඇරෙන්න ඒ ඉස්කෝලෙට කැමැත්තෙන් ගිහින් තිබුනේ දණිස්සාගම රේවත හාමුදුරුවෝ. පෙනුමෙන් දිඹුලාගල හාමුදුරුවෝ වගේ වුනාට මට වඩා අවුරුදු පහක් විතර වැඩිමල් වුනාට රේවත හාමුදුරුවන්ගේ රැවුල පැහිලා තිබුනේ නෑ. ඉඳලා හිටලා මරන මදුරුවෙක් ඇරුනාම සිල්වත්කමිනුත් එච්චර අඩුවක් හාමුදුරුවන්ගේ තිබුනේ නෑ.

හාමුදුරුවන් රාගල ගමේ ප්‍රසිද්ද වෙලා තිබුනේ ගමේ තරුණ සමිතිය නිසා කිව්වොත් වරදක් නෑ. කැත්තේ උදැල්ලේ වැඩ පුරුදු වුනත් පසුකාලීන් සරීරයට…