Skip to main content

සැඟවුන නුවර...

අරුණළු ටික ටික මැකීගෙන එනකොට, ලා හිරු එලිය මාතලේ එලිය කරන්න පටන් අරගෙන...
අපි ඩිපෝව හොයාගෙන ගියේ නාරංගමුවට යන බස් එක මගහැරෙයි කියලා බයේ...

මැදිවිය පසුකර සිටියත් කොන්දොස්තර අය්යා ජේමිස් අය්යා කියලා කියපු රියදුරු ජේමිස් අය්යා එක්ක අපිත් කුලුපග වුනා.
"දෙයියන්ගෙ පිහිටෙන් මහත්තෙලාට දෙක විතර වෙනකොට නාරංගමුවට යන්න පුළුවන් වේවි"
එහෙම කියනකොටම ඔරලෝසුව බලපු දුකා
"අම්මෝ ඒ කියන්නෙ පැය 6ක් විතරනේ එච්චර වෙලා යනවද" කියලා ඇහුවෙ පුදුමයෙන්.

පුදුම නොවෙන්න හේතුවකුත් නෑ. අපි හිතාගෙන හිටියෙ මාතලේ ඉඳන් ටික දුරක් කියලා වුනාට පැය 6ක්ම යන්න තියෙනවනෙ...

"පය ඉක්මන් කරලා නාරංගමුවෙ ඉඳන් ගියොත් බිම් කළුවර වැටෙන්න කලින් යාගන්න පුළුවන්"

ජේමිස් අය්යගෙ කතාව හරි තමා... අපි හරියටම මීමුරේට යනකොට යකාගෙ කලුවර මීමුරේ ගිලගන්න බලාගෙන හිටියා... අපි විතරක් නම් කමකුත් නෑ... ගෑණු ලමයිනුත් ඉන්න හින්ද නවාතැන් ගැටලුව නම් අපිට දැනිල තිබුනෙ...

"විශ්ව විද්‍යාලෙ ලමයි හින්දා බෑ කියන්නත් බෑ.."

ලොකු හාමුදුරුවො බණ මඩුවෙ නවාතැන් දුන්නෙ වැඩි කැමැත්තකින් නම් නෙමෙයි...
උදේ පාන්දරම කඩමණ්ඩියෙන් තේකක් බීලා, මඤ්ඤොක්ක මාලුවයි පොල්සම්බෝලෙකුයි බතුයි කාලා මීමුරේ විස්තර හොයන්න ගත්ත.
මීමුරේ පැත්තකින් හුන්නස්ගිරිය කඳු පංතියෙන්ද තව පැත්තකින් ලකේගලින්ද වටවුනු පවුල් 20ක් ජීවත් වෙන පුංචි ගම්මානයක්. ලඟම නගරය වන හුන්නස්ගිරියට මීමුරේ ඉඳන් කිලෝමීටර 5ක් විතර ඇති... බස් එකක් යන්න පුලුවන් තත්වයේ හරිහමන් පාරක් නැතිවුනාට පාරක් හදලා ජනතා අයිතියටත් පත්කලා කියලා ස්ථම්භ 2ක් නම් ගහලා තිබුනා.. ඇත්තටම බස් එකක් වත් තිබුනනම් කඩේ ආච්චි වගේ හුන්නස්ගිරිය ටවුමවත් ඇහැට දැකලා නැති හැමෝටම අඩුම ගානේ ටවුමටවත් යාගන්න තිබුනා. කඩේ අය්යා නැතිවෙන්න මීමුරේ මිනිස්සු හදිස්සියකට ඉස්පිරිතාලෙකටවත් ගිහින් හමාරයි.

වෑන් එක එල්ෆ් එකක් වුනාට මීමුරේට ඒක ජගුවර් එකකටත් වඩා වටිනවා...

ජීවත්වෙන්නට කියාපු පලාත කියලා හිතුනට මොකද ජංගම දුරකථනය පාළුවට ගිහිල්ලා... යන්තම චතුරට පිංසිද්ද වෙන්න ඇයට ඇමතුමක් ගත්තා... ඇගෙන්ම විස්තර අරගෙන චාරිකාව ඇය නැතුවම එන්න වුනානෙ..!!! වෙන දවසක අපි දෙන්න විතරක් මීමුරේ එනවා කියලා හිතාගෙන මම දුරකථනයේ ඇගේ අංකය ඔබන්න පටන් ගත්තා..

Comments

ආයෙත් මීමුරේ යන්න හිතෙනවා. මතකද නාරංගමුවෙ ඉඳන් ගිය හැටි පාරවත් හරිට දන්නෙ නැතුව. තාමත් අද වගේ මතකයි :D
ඇයි එල්ෆ් එක ලණුදාල ඇදපු හැටි
Anonymous said…
කිලෝමීටර් හතක් කැලේ ඇතුලෙ කූඩැල්ලො එල්ලගෙන බඩගාල‌ හොයාගත්ත සැඟවුනු නුවර. අමතක නොවෙන ගමනක් :D
අනිවා.. ජීවිතේට අමතක වෙන්නේ නෑ තමා.. එල්ෆ් එකේ 30ක් විතර පටවලානෙ ආවේ... පිස්සු තමා....
දුකා said…
මාරයි . . . අපිව නිකම් එතනට එක්ක ගියා වගේ . . ලියලා තියෙනවා . . . .ඒ කියන්නේ ඔයාට හොඳ ලිවීමේ හැකියාවක් තියෙන්වා . . . මම එක පාරක් ඔය කිට්ටුවටම ගිහින් . . .මීමුරේ නොගිහින් ආවා . . ඊලඟ පාර නම් යන එක යනවාමයි . . .
wayaba withthi said…
ආයේ යනකොට මාවත් අරන්පලයන් හොදේ
said…
මටත් යන්න හිතුනා
එහෙ කිතුල් එහෙම නැද්ද බන්
dilanrf said…
මචන් එලෆ් එකේ උඹට එහා පෑත්තේ හිටියේ මම ...... :D
Amila Kanda said…
hmm. maxa trip eka.. hebei alayanta athal dunna eka genai duka..
Godak watina blog ekak..jayawewa...bro..
ape paththeth enna..comment ekak dala yanna

http://ekewattuwa.blogspot.com/

Thankzzzzzzzz
deeps said…
අප්පා නුවර ඉඳලත් මේ ගමට ගිහින් නෑ කියන්නේ මාර ලැජ්ජාව
ස්තුතිය අදහස් දක්වපු හැමෝටම ...
කිතුල් නැත්නම් මීමුරේ.. අපි යනකොට ඩ්‍රයිවර් අය්යා කිව්වා මීමුරේ ඇවිල්ලත් රා බිව්වෙ නැති එක අපරාදේ කියලා.. අනිවා යන්න ඕනි ට්‍රිප් එකක්.. යන එක ටිකක් අමාරුයි.. ඒත් මාරයි...
malee_msg said…
මම ඉතිං මාතලේ යනවා කියලා යන්නේ අළුවිහාරේ පැත්තටයි හුළංගමුව පැත්තටයි විතරයිනේ.. එතනින් එහා මොකුත් දන්නේ නෑ.. ලිපිය කියෙව්වාම නම් යන්න ආස හිතුනා.. බලමු අනාගතේ කවදාම හරි.
Malshika said…
Hmmm mama giya hondama trip eka.. ayeth e wage gamanak kawadawath yanna bari wei..:( but we always have that sweet memories..:D Thank you buddies..:)
Anonymous said…
කලුවරයි, අයිය මීමුරේ ඉදන් ද ලියන්නෙ
Octa HeliX said…
අපිත් එක පාරක් අපේ ඉස්කෝලෙන් මී මුරේ ගිහින් මගදි ඔය ජගුවර් එකට සෙට් වෙලා තමයි ගියේ!!!

මාර ජොලි ගමන, කොහොමද 35ක් විතර ඕකෙ පැක් වෙලා යද්දි දැනෙන සැප!!!

ආයිත් යන්න හිතෙනවා!!!
anjelo said…
bohoma honda gamana thama sumba kiyapuvath ekka
malshika kiyapu ekath aththa thama mokada harak unath ekama karatte adinna kamathi nane e nisa oyata oyala vage ayatai yanna vena ekak na
Amila Kanda said…
u RR wElComE BAkaLshIkA. . .
Palitha said…
මී මුරෙත් ලස්සන ඇති...ඒවගේම උඹේ රයිටින් ස්ටයිල් එකත් ලස්සනයි මචං

ෂෝට් ඇන්ඩ් ස්වීට්..නියමයි.
හැමෝටම ස්තුතිය.. ඒත් මම කියන්නේ නම් ලස්සන බලන්න මීමුරේ ගියාම ඇත්තටම ඒ ලස්සන අස්සේ හැංගුන කැතකුත් තියෙනවා. ඒ කැත අර පාර කියලා කියන එකේ තියෙන බෝඩ් එකෙන් අගේට පේනවා.
Thilina said…
යන්ඩ බැරි උන එකට නම් ගොඩාක් දුකයි.
මටත් මිස් උනේ ලොකු ආතල් එකක්..
සුම්බා, චිකුවා, කිටී, අපේ අනෙක් උන් එක්ක නම් ඔනෙ තරම් අතල් දාලා තියෙනවා. එත් අල තම්බන්ඩ හම්බවෙන්නේ කොච්චර අහම්බෙන්ද...
අපරාදේ...

කිටී, සහෝ උඹේ ලිවීමේ හකියාව නම් ඉතාමත් ඉහලයි..
ජය වේවා.....

........................බරියා....

වැඩිපුර බලපු..

වඳුරන්ගේ රට.

ඒ අනාගතය කියලා පටන්ගත්තොත් අනාගතය කොයි වගේ එකක්ද කියල අපේ හිත්වල තියෙන පින්තූරයට මේක ටිකක් සමාන වෙලා පෙනෙන්න පුළුවන්. ඒ පින්තූරය හදලා තියෙන්නේ වැඩිපුරම පොත්වලින් සහ චිත්‍රපටිවලින් කියලා කිව්වොත් වැරැද්දක් නෑ. කවුරුහරි මේක Planet of the Apes වගේ කතාවක් කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ හරියකුත් නෑ.

අපි ඒ ග්‍රහලෝකයට මැඩේෂියාව කියලා කියමු. මැඩේෂියාව භූ පිහිටීම අතින් ගත්තොත් තනි මහද්වීපයකින් සමන්විත විවිධ ජනවර්ග වලින් සමන්විත වුන රටක්. එක අතකින් මැඩේෂියාව සිංගප්පූරුවට සමානයි. 

මේක අතීතය, අනාගතය, වර්තමානය යන තුන්කාලයෙන් ඕනිම කාලයක සිදුවෙන්න පුළුවන් සිදුනොවෙන්නත් පුළුවන් සිදුවීමක්. හෝමෝ නියර්ඩල්තාල්ගෙන් හෝමෝ ඉරෙක්ටස්ට පරිණාමය වුනේ වඳුරා වුනාට හෝමෝ ඉරෙක්ටස්ගෙන් හෝමෝ එක්සලන්ස් වෙන්නේ ඔය වඳුරාද කියන ගැටළුවත් එක්ක අපි කතාව පටන්ගමු. මෙන්න මේ හේතුව නිසා තමා මැඩේෂියාව තුල මැඩේෂියාවේ පූර්වජයා ලෙස ඉගැන්වෙන චිම්පන්සියාව දේවත්වයෙන් සලකන්නේ.



මැඩේෂියාව මූලිකව ද්වී ආගමික රටක්. චිම්පන්සියුස් නමින් හැඳින්වෙන මූලික ආගම නිර්මාණය වෙලා තියෙන්නේ මැඩේෂියාවන් පැවත එන්නේ චිම්පන්සින්ගෙන් කියන හරය පදනම් කරගෙන…

ගබ්සාව..

සුජ්ජා අවසාන වතාවට මට හමුවෙන විට ඌ හිටියේ පෝරු මස්තකාරූඩවය. ඉන්පසුව මට වුවමනාවක් නැතිකම හෝ වැඩවැඩිකම හෝ ඌ අතුරුදහන් වීම හෝ වෙන කිසියම් කරුණක් නිසා මට ඌ හමුවුනේ නැත. කෙසේවෙතත් මම විශ්වවිද්‍යාලයට යන කාලේ ඌ මගේ රූමා යන්න වග මට මතකය.

           සුජ්ජා සුන්දර මනුස්සයෙකි. ඒ ඌ කිසිම දෙයක් පිලිඹඳ ඕනාවට වඩා නොසිතන නිසා යැයි මම සිතමි. ඒ අවුරුදු හතර තුල සුජ්ජා මගේ හොඳම මිතුරන් කිහිප දෙනාගෙන් එකෙකු වීමට එයම හේතුවුනා යැයි මම සිතමි. ඒ කවරකටත් වඩා සුජ්ජා මට මතක හිටින්නේ වෙන හේතුවක් නිසා කිව්වොත් ඒ බොරුවක් නොවේ.

ලතා..
සුජ්ජා ලතා සමග හාද වෙනකොට විශ්වවිද්‍යාලෙට ගිහින් මාසයක්වත් නැතුව ඇති. පෞද්ගලික ආයතනයක අයි ටී උගන්නපු ලතා සුජ්ජා එක්ක යාළුවුනේ සුජ්ජාගේ තිබුන යම් ගුණයක් නිසා වෙන්න පුළුවන්. කෙසේවෙතත් හැමඑකටම හිනාවෙන්න පුළුවන් සුජ්ජාත් එක්ක යාළුවුන ලතා වාසනාවන්තයි කියලා මට නම් මේ දැනුත් හිතෙනවා. කොහොමත් මේ සම්බන්ධයට මාස හයක් විතර යද්දි සුජ්ජායි මගෙයි අතර සම්බන්ධතාවය හරිම යාන්ත්‍රික වෙලා තිබුනේ, ඒක සමහරවිට පුරුද්දට වගේ සතියකට ගිහින් ගහන ගල්බාගෙකට, හවසට කම්මැලිකම යන්න ගහපු සිගරට් එකකට සීම…

රේවත

වර්ෂය 1992 වන්නට ඇත. විශ්වවිද්‍යාලයෙන් ඉවත්වී ගුරු ජීවිතය පටන්ගත්තු අළුතම හත්දාමගුල හත් මාසයක් යන්න කලින් අහවර වුන නිසා මගේ හිත හදාගන්න කියලා මමම රාගල පඥ්ඥාසේකර විද්‍යාලයට සාමාන්‍ය පෙල ගණිතය උගන්වන්න ගියා. විරහ දුක හරි දිවිනසාගන්න හිතෙන තරම් පාළුව හරි වෙන මොකක් හරි එකක් මගේ හිතේ කොනක ඇරෙන්න වෙන කොහෙවත් නොතිබුනාට මම රාගල මාරුවට කැමැත්තෙන්ම ගියේ මට වටෙන් පිටෙන් ඉමෝෂනල් වෙන්න තියෙන හේතුවලින් පැනලා යන්න කියලා කිව්වොත් සෑහෙන්න හරි. ඊට අමතරව රාගල මීදුමත් සීතලයත් මදි පාඩුවට තිබුනා.



පඥ්ඥාසේකර විද්‍යාලය රාගල තිබුන ලොකු ඉස්කෝලයක් වුනාට පොඩි ස්කෝලයක්. ගෑනියෙක්ට වඩා සීතලට ආදරේ කරන මිනිහෙක් වුන මම ඇරෙන්න ඒ ඉස්කෝලෙට කැමැත්තෙන් ගිහින් තිබුනේ දණිස්සාගම රේවත හාමුදුරුවෝ. පෙනුමෙන් දිඹුලාගල හාමුදුරුවෝ වගේ වුනාට මට වඩා අවුරුදු පහක් විතර වැඩිමල් වුනාට රේවත හාමුදුරුවන්ගේ රැවුල පැහිලා තිබුනේ නෑ. ඉඳලා හිටලා මරන මදුරුවෙක් ඇරුනාම සිල්වත්කමිනුත් එච්චර අඩුවක් හාමුදුරුවන්ගේ තිබුනේ නෑ.

හාමුදුරුවන් රාගල ගමේ ප්‍රසිද්ද වෙලා තිබුනේ ගමේ තරුණ සමිතිය නිසා කිව්වොත් වරදක් නෑ. කැත්තේ උදැල්ලේ වැඩ පුරුදු වුනත් පසුකාලීන් සරීරයට…