Skip to main content

අද්දර ජීවිත













"කාටවත් ඇහුනෙ නෑ නේද?"
බකලා අහනකොට ඇඟේ මයිල් කෙලින් වුනේ ඇත්තටම කාටවත් ඇහුනේ නැද්ද කියලා හරියටම විශ්වාසයක් තිබුනෙ නැති නිසා වෙන්න ඇති...
"මේකයි වැඩේ.."
ගුරා පටන්ගත්ත කතාව ඉවරවුනේ භීතිය එක්ක කලවම් වුන ආතල් එකක් ඔලුවට එකතු කරමින්...
"අපි හතරදෙනා මෙහෙම. "
භාෂි ඇහුවේ අත්දැකීම් නැතිකම හින්දා වෙන්න ඇති.
"ඇයි උඹට යුනිෆෝම් ගහගෙන යන්න ඕනිද ?"
බකලා එහෙම කිව්වට බකලත් කලින් මේ වගේ වැඩකට නම් අත ගහලා තිබුනේ නෑ..
කලින් තාප්පෙන් පැන රෑ වැල්ලවත්ත මුහුදු වෙරලට, බම්බලපිටියෙ හන්දියට අනන්තවත් ගිහින් තිබුනත් මේ පාර වැඩේ නම් ටිකක් අන්තරාදායක බව අපිට වැටහුනේ නැතුවමත් නෙමෙයි..
"මොකද සද්ද නැත්තෙ බෑ වගේද ?"
ගුරා එහෙම කියලා තවත් මිනිත්තු දෙකක් විතර දෙල්ගහ යට නිහඬව තියෙන්න ඇති...
"හරි යමන්"
මම උත්තර දුන්නේ ජීවිතේ මෙතෙක් කරලා නැති සමහරවිට ආයෙත් ජීවිතේටම කරන්න ලැබෙන්නේ නැති මේ වගේ වැඩක් කරලා ගුටි කෑවත් කමක් නෑ කියලා හිතුන හින්දා.. අවාසනාවටද වාසනාවටද මන්දා අපි ඒකාලෙ දන්න විදිහට මිනිහෙක්ට විඳින්න පුළුවන් උපරිම දඬුවම ගුටි කෑම කියලා තමා අපේ පොඩි මොලේට වැටහිලා තිබුනේ. මිනිස්සු ඊටත් වඩා විඳවනවා කියලා දන්නේ එලියට ආවහම.. යන්න කලින් ඉන්න එකෙක්ට කියලා යමං නැත්නම් අවුලක් ආවාම ශේප් කරන්න එකෙක්වත් නැති වෙනවා.භාශි කියනකොට මතක් වුනේ.. බය නිසාද කොහෙද අපිට මූලික න්‍යායන් පවා අමතක වෙනවා..

"මොකද බං අදත්"
ඊයෙත් පයිලට් පාරකට ගිය හින්දා බුට්ටා නැගිටලා ආවේ අකමැත්තෙන්. බුට්ටාට සිද්දිය විස්තර කරනකොට උගේ මූණේ කොච්චර පුදුමයක් තියෙන්න ඇද්ද කියලා බලාගන්න ලයිට් එලියක්වත් තිබුනානම් කියලා මට හිතුනා.

දිවුල්ගනේගෙ අන්දර යායේ හා ඇසට අසුවන මායිමේ , කපුගේගෙ උන්මාද සිතුවම් ගීත විදිහට යෝජනා වුන අතරම මමත් බකලත් සල්ලි එකතු කරන්න සෙට් වුනා.
"සල්ලි එකතු කරන්නම ඕනිද?"
මම ඇහුවේ වැඩේ කර අරින්න පුළුවන්ද කියලා බලන්නත් එක්ක.
"නැතුව වැඩක් තියෙනවද?"
අන්තිමට මට සල්ලි එකතු කරන්න වුනා..යහළුවෙක් රෝහල්ගත කර ඇති බැවින් ඔහුට අධාර පිණිස මෙසේ බස් තුල සින්දු කියා සල්ලි එකතු කරන බවට කතාවක් ගොතාගත් අපි 138 එනකම් හෝල්ට් එකට වෙලා බලන් හිටියා..

"කවුද පුතා ඔය රස්සාව පුරුදු කලේ"
අවුරුදු 50ක් විතර වුන ඇන්ටි එහෙම ඇහුවේ අපි ගැන අනුකම්පාවෙන් වෙන්න ඇති. කලින් ඒ වගේ ප්‍රශ්ණයක් බලාපොරොත්තු වෙලා ආපු නැති නිසා මගේ කටහඬ ගොළුවුනා. නුගේගොඩින් බැස්සට පස්සේ ආයි එනගමන් සින්දු කියකකොට කලින් තරම් චකිතයක් හිතේ තිබුනේ නෑ ඒක හින්දද කොහෙද එනකොට වුනේ මොනවද කියන එක මගේ මතකයේ නෑ..

"අම්මට සිරි... 350ක් එකතු වෙලා.."
අපි ගණන් බලලා ඇඳට පැනලා නින්ද යනකම් අද වුන දේ ගැන කතා කලා ඒ අතර එකම කතාව දෙතුන් පාරක් කියවුනේ නැත්තෙමත් නෙමෙයි.

"මේකෙ හිඟන්නො වගයක් ඉන්නවා, වහාම කවුද කියලා කියන්න වෙයි බැරිවෙලාවත් මට අහුවුනොත් ලේසි වෙන්නෙ නෑ"
සර් එහෙම කියනකොට මගේ බඩ දන්න ගත්තෙ බඩේ අමාරුවකට නම් වෙන්න බෑ. කොහොමත් දවල් කෑම ඉවරවුන ගමන් අලියා ඇවිත් භාෂිටයි බුට්ටටයි සර් කතා කලා කිව්වාම මම ඇඳට වැටුනෙ නින්ද ගියාමවත් බය නැතිවෙලා යයි කියලා හිතාගෙන.

"තාරක අපි අඳුරන මිනිස්සු තාරකගේ තාත්තවත් මම හොඳට අඳුරනවා. මට හංගන්න දෙයක් නෑ. කියමුකො ඊයෙ රෑ වුනදේ.. සිංදු කිව්වේ කීයට විතරද" "ඒ කිව්වේ"
බුට්ටා එහෙම කිව්වාම
"ඔයයි තව ඔයාගෙ යාළුවො තුන්දෙනෙකුයි බස් එකේ සිංදු කියනවා ආදිශිෂ්‍යයෙක් දැකලා තියෙනවා. නෑ කියන්න එපා.." අනේ සර් මම සින්දු කිව්වොත් මිනිස්සු සල්ලි දෙයිද...? බුට්ටා එහෙම කියලා තියෙන්නෙ මද සිනාවක් එක්කම... කොහොමවුනත් සතියක් විතර සර්ට මූණ නොදුන්නට, අපි පස්දෙනා තැන් තැන්වල ඉඳගෙන කුටුකුටු ගෑවට. භාෂියි බුට්ටයි දෙන්නම පැය දෙකක් විතර සර් ලඟ ඉඳලා වමාරන්නේ නැතුව ආපු හින්ද තාම ඒ වැඩේ කලේ කවුද කියලා සර් දන්නේ නෑ. එකතුවුන සල්ලිවලට වුනේ මොනවද කියලා මම අදටවත් දන්නෙ නෑ සමහරවිට ඒටික විසිකරන්න ඇති. නැත්නම් කැන්ටිමෙන් කන්න ඇති. මොනාවුනත් ඒක ජීවිතේ පුරාම මතක තියෙන්නේ ආයි ජීවිතේ පුරාවට ඒ වගේ අණ්ඩපාල වැඩක් කරන්න හම්බවෙන්නේ නැති හින්දා වෙන්න ඇති.අදටත් මට බස් එකක පොඩි එකෙක් සින්දු කියනකොට මම ඒ විඳපු දේ මතක් වෙනවා. අපි ඒ වැඩේ කලේ ආතල් එකට වුනත් ඒ පොඩි එකාට නම් ඒකෙ ආතල් එකකට වඩා වැඩි යමක් තියෙන්න ඕනි..

Comments

malee_msg said…
හෆ්ෆා...!!! අපරදේ ඉතිං එහෙම හම්බකරපු සල්ලි ටික කැන්ටිමෙන් කනවා වගේ ප්‍රයෝජනවත් වැඩකට යෙදෙව්වා නම් කමක් නෑ විසි නොකර
ඇත්තටම සල්ලි බලාපොරොත්තුවෙන් කරපු දෙයක් නොවෙන නිසා මම ඒ ගැන වැඩිය හිතුවෙ නෑ.
Amila Kanda said…
truck giya scene ehemath liyanda...,
umbata maara livime hakiyaavakuth thiyenava nee....,
said…
බලපන් දිගටම ඒ ජොබ් එක කලානම් දැන් සමහර විට මීට හොඳට ඉන්නත් තිබ්බා

:-D
ඇත්තටම ඒ කාලෙ ගත්තු ආතල් ආයි කවදාවත්ම ගන්න බෑ

වැඩිපුර බලපු..

වඳුරන්ගේ රට.

ඒ අනාගතය කියලා පටන්ගත්තොත් අනාගතය කොයි වගේ එකක්ද කියල අපේ හිත්වල තියෙන පින්තූරයට මේක ටිකක් සමාන වෙලා පෙනෙන්න පුළුවන්. ඒ පින්තූරය හදලා තියෙන්නේ වැඩිපුරම පොත්වලින් සහ චිත්‍රපටිවලින් කියලා කිව්වොත් වැරැද්දක් නෑ. කවුරුහරි මේක Planet of the Apes වගේ කතාවක් කියලා කිව්වොත් ඒකෙ ඇති වැරැද්දකුත් නෑ හරියකුත් නෑ.

අපි ඒ ග්‍රහලෝකයට මැඩේෂියාව කියලා කියමු. මැඩේෂියාව භූ පිහිටීම අතින් ගත්තොත් තනි මහද්වීපයකින් සමන්විත විවිධ ජනවර්ග වලින් සමන්විත වුන රටක්. එක අතකින් මැඩේෂියාව සිංගප්පූරුවට සමානයි. 

මේක අතීතය, අනාගතය, වර්තමානය යන තුන්කාලයෙන් ඕනිම කාලයක සිදුවෙන්න පුළුවන් සිදුනොවෙන්නත් පුළුවන් සිදුවීමක්. හෝමෝ නියර්ඩල්තාල්ගෙන් හෝමෝ ඉරෙක්ටස්ට පරිණාමය වුනේ වඳුරා වුනාට හෝමෝ ඉරෙක්ටස්ගෙන් හෝමෝ එක්සලන්ස් වෙන්නේ ඔය වඳුරාද කියන ගැටළුවත් එක්ක අපි කතාව පටන්ගමු. මෙන්න මේ හේතුව නිසා තමා මැඩේෂියාව තුල මැඩේෂියාවේ පූර්වජයා ලෙස ඉගැන්වෙන චිම්පන්සියාව දේවත්වයෙන් සලකන්නේ.



මැඩේෂියාව මූලිකව ද්වී ආගමික රටක්. චිම්පන්සියුස් නමින් හැඳින්වෙන මූලික ආගම නිර්මාණය වෙලා තියෙන්නේ මැඩේෂියාවන් පැවත එන්නේ චිම්පන්සින්ගෙන් කියන හරය පදනම් කරගෙන…

ගබ්සාව..

සුජ්ජා අවසාන වතාවට මට හමුවෙන විට ඌ හිටියේ පෝරු මස්තකාරූඩවය. ඉන්පසුව මට වුවමනාවක් නැතිකම හෝ වැඩවැඩිකම හෝ ඌ අතුරුදහන් වීම හෝ වෙන කිසියම් කරුණක් නිසා මට ඌ හමුවුනේ නැත. කෙසේවෙතත් මම විශ්වවිද්‍යාලයට යන කාලේ ඌ මගේ රූමා යන්න වග මට මතකය.

           සුජ්ජා සුන්දර මනුස්සයෙකි. ඒ ඌ කිසිම දෙයක් පිලිඹඳ ඕනාවට වඩා නොසිතන නිසා යැයි මම සිතමි. ඒ අවුරුදු හතර තුල සුජ්ජා මගේ හොඳම මිතුරන් කිහිප දෙනාගෙන් එකෙකු වීමට එයම හේතුවුනා යැයි මම සිතමි. ඒ කවරකටත් වඩා සුජ්ජා මට මතක හිටින්නේ වෙන හේතුවක් නිසා කිව්වොත් ඒ බොරුවක් නොවේ.

ලතා..
සුජ්ජා ලතා සමග හාද වෙනකොට විශ්වවිද්‍යාලෙට ගිහින් මාසයක්වත් නැතුව ඇති. පෞද්ගලික ආයතනයක අයි ටී උගන්නපු ලතා සුජ්ජා එක්ක යාළුවුනේ සුජ්ජාගේ තිබුන යම් ගුණයක් නිසා වෙන්න පුළුවන්. කෙසේවෙතත් හැමඑකටම හිනාවෙන්න පුළුවන් සුජ්ජාත් එක්ක යාළුවුන ලතා වාසනාවන්තයි කියලා මට නම් මේ දැනුත් හිතෙනවා. කොහොමත් මේ සම්බන්ධයට මාස හයක් විතර යද්දි සුජ්ජායි මගෙයි අතර සම්බන්ධතාවය හරිම යාන්ත්‍රික වෙලා තිබුනේ, ඒක සමහරවිට පුරුද්දට වගේ සතියකට ගිහින් ගහන ගල්බාගෙකට, හවසට කම්මැලිකම යන්න ගහපු සිගරට් එකකට සීම…

රේවත

වර්ෂය 1992 වන්නට ඇත. විශ්වවිද්‍යාලයෙන් ඉවත්වී ගුරු ජීවිතය පටන්ගත්තු අළුතම හත්දාමගුල හත් මාසයක් යන්න කලින් අහවර වුන නිසා මගේ හිත හදාගන්න කියලා මමම රාගල පඥ්ඥාසේකර විද්‍යාලයට සාමාන්‍ය පෙල ගණිතය උගන්වන්න ගියා. විරහ දුක හරි දිවිනසාගන්න හිතෙන තරම් පාළුව හරි වෙන මොකක් හරි එකක් මගේ හිතේ කොනක ඇරෙන්න වෙන කොහෙවත් නොතිබුනාට මම රාගල මාරුවට කැමැත්තෙන්ම ගියේ මට වටෙන් පිටෙන් ඉමෝෂනල් වෙන්න තියෙන හේතුවලින් පැනලා යන්න කියලා කිව්වොත් සෑහෙන්න හරි. ඊට අමතරව රාගල මීදුමත් සීතලයත් මදි පාඩුවට තිබුනා.



පඥ්ඥාසේකර විද්‍යාලය රාගල තිබුන ලොකු ඉස්කෝලයක් වුනාට පොඩි ස්කෝලයක්. ගෑනියෙක්ට වඩා සීතලට ආදරේ කරන මිනිහෙක් වුන මම ඇරෙන්න ඒ ඉස්කෝලෙට කැමැත්තෙන් ගිහින් තිබුනේ දණිස්සාගම රේවත හාමුදුරුවෝ. පෙනුමෙන් දිඹුලාගල හාමුදුරුවෝ වගේ වුනාට මට වඩා අවුරුදු පහක් විතර වැඩිමල් වුනාට රේවත හාමුදුරුවන්ගේ රැවුල පැහිලා තිබුනේ නෑ. ඉඳලා හිටලා මරන මදුරුවෙක් ඇරුනාම සිල්වත්කමිනුත් එච්චර අඩුවක් හාමුදුරුවන්ගේ තිබුනේ නෑ.

හාමුදුරුවන් රාගල ගමේ ප්‍රසිද්ද වෙලා තිබුනේ ගමේ තරුණ සමිතිය නිසා කිව්වොත් වරදක් නෑ. කැත්තේ උදැල්ලේ වැඩ පුරුදු වුනත් පසුකාලීන් සරීරයට…