Skip to main content

සාපේක්ෂිත යථාර්තය...


ප්‍රේමයෙන් තොර ජීවිතය..
දේශපාලනික නොවූ චරිතය.
සාහිත්‍ය නොකියවූ රසවින්දනය..
කුකුල්මස් නැති ඩිනර් පාටිය...
බඩ නැති සල්ලිකාරයින්...
රැවුල නැති මාක්ස්වාදීන්..
ස්පෙශල් නොකරන ඩිග්‍රිය..
ඉංග්‍රීසි නොදැන පොෂ්වීම..
හෙවත්............
පරිප්පු නැති හෝටලය...
සහ.......
සාපේක්ෂිත යථාර්තය..

Comments

CharithD said…
100% ඇත්ත තමයි.....
පළමුවෙනි කාරණා තුන හැර අනිත් ඒවා වෙනවා නම් මම කැමතියි.
ප්‍රේමයෙන් තොර ජීවිතයක් ගැන දැන් නම් මට හිතන්න අමාරුයි (අත්විඳපු, විඳින අය ඒ බව තහවුරු කරයි.) මිනිසා කියන්නේ උපතින්ම දේශපාලනික සත්ත්වයෙක් බව කවුද කියල තියෙන බව මට මතකයි. දේශපාලනයෙන් වියුකතව ජීවත් වෙන්න බෑ කාටවත්. ඒවායෙන් තමන් වියුක්තයි කියල හිතන් ඉන්න කට්ටියත් දේශපාලනයේ බලපෑමට හසු වෙනවා. සාහිත්‍යය නොකියවූ රස වින්දනයක් කොහි?. රස වින්දනය කිව්වම ඒක පිටිපස්සේ කලාත්මක බවක් තියෙනවා. කලාව කොතැනද, එතැන සාහිත්‍යය අගයක් තියෙනවා.

වැඩිපුර බලපු..

වැඩ කරන්නෙ නැති.

වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන,  කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. 

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

ප්‍රසන්න මධුර සුඛං

  තැබූ තැබූ තැන අවදිවු බර         අවි පිදූ පිදූ තැන පරවුන  මල්          පෙති        පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්‍රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු         ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි     කෙලි  දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි         ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව            ටිලි ගැලූ ගැලූ  දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං