Skip to main content

මම නැමී ඇත.....


නැගණිය...
එක බඩවැල කඩාගෙන ආපු..
ඇය වෙනුවෙන් මම නැමී ඇත...
අම්මා තාත්තා....
තාමත් මට වියදම් කරන....
ඔවුන්ට මම නැමී ඇත
‍යහළුවන්...
දුකට සැපට සිටින..
උන්ට මම නැමී ඇත
පෙම්වතිය...
තාමත් මට ආදරය කරන
ආදරය නිසා මම නැමී ඇත...
ඉතින්....
කොහෙද කෙලින් මිනිස්සු...

Comments

ගෙවල් වල අන්තර්ජාලය නැතිකම නිසා සරස්වියේ වැඩ වැඩි වුනාම නිවාඩුවට එහෙම බ්ලොග් ලිවීම වගේම බැලීමත් නවතිනවා... ඔන්න දියත් කුලේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා... තියෙන හීන සියල්ලම සපුරා ගන්න පුලුවන් හොඳම අවුරුද්දක් වේවා....
Anonymous said…
මම කැමති එකෙක් උඹ.ලියමු දැනෙන්න ආයිත්.
Anonymous said…
ආ කොහොමහරි බ්ලොග් එක ලියන්න වෙලාව හොයාගෙන වගේ
malee_msg said…
මට සුට්ටක් පැහැදිලි මදිනේ..
මලී.............. හැමෝටම තම තමන්ගේ ස්වධීනත්වය අහිමි වෙලා.... ඒ එක්කෝ බැඳීම්... හරි වෙන මොනාහරි හේතුවක් නිසා වෙන්න පුළුවන්... ඉතින් කවුරුහරි... තමන් කෙලින් කියනවානම් ඒක කොච්චර දුරට හරිද.... කියන එක හිතන්න වෙනවා නේද...
මචං රස්ති..... එලකිරි... ස්තුතිය...
malee_msg said…
ආහා..!දැන් නම් හරියටම තේරුණා.. ඇත්ත ඇත්ත.. සහතික ඇත්තටත් වඩා ඇත්ත..!
ම.ම.ගි said…
හැබැයි මම නම් හිතන්නෙ පුද්ගලයකු ඉදිරියේ නැමීම කියන්නෙ නිවට කමට හෝ අසරණ කමට සිදු කරන දෙයක්. එය කිසිවිටකත් බැඳීම කරණකොටගෙන සිඳු නොවන බව මගේ නම් අදහස. හැබැයි කවදා හරි රස්සාවක් කරන දවසකට නම් බොසා ඉස්සරහා නැමෙන්න වෙනවා!
(නිවට කමට හෝ අසරණ කමට)
නැමෙනවා කියන්නේ ඇත්තටම ටිකක් විග්රහ කරන්න අමාරු දෙයක් මෙතන මම නැමෙනව කියන එකෙන් මම අදහස් කලේ කෙලින් න්න බෑ කියන එක අපිට ඇත්තටම අපිට ඕනි විදිහට වැඩ කරන්න බෑනේ...

වැඩිපුර බලපු..

දේශද්‍රෝහියා...

මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්‍රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්‍රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

එය සිදුවිය යුතුව තිබුනි....!

එය එතරම් අසීරු යැයි එය සිදුවනතුරු මම දැනගෙන සිටියේ නැත. එය සිදුවිය යුතුව තිබුනි. නමුත් අප දෙදෙනාගෙන් එකෙකු හෝ එය භාරගන්නට සූදානම් නොවීය. අවසානයේ එය සිදුවී ඇත...! ජීවිතය නම් වූ නවකථාව තුල දෑවුරුද්දක පරිඡේදයක්  අවසාන වී ඇත. කතන්දර ගොඩක් මැද්දෙ හමුවූ දෙන්නෙක්  කතන්දර ගොඩක් මැද වෙන්වී ගොසින්ය සියල්ල අනාගතයට බාරදී අත පිහිදාගන්නට ආත්මාර්ථකාමී ආසාවක් හිතට ආවත් එය සිදුකිරීම එතරම් පහසුනම් මම එය දැනටමත් අහවර කොට හමාරය.  කතාන්දරය නිල වශයෙන්ම අවසන්ය. අවසානයේ මම පිදුම වෙනස් කරමි.... "මගේ අතේ එල්ලී මගේ කණ් ගොඩ කරපු දම්මිනීට.."  පින්තූරය අහක් කිරීමට තරම් මම මුග්ධයෙකු වී නැත.  එහෙත් දවසක එයද ඉවත් කිරීමට සිදුවනු ඇත..  ආදරය කියන සූදුවෙන් මම පැරදී ඇත.. මම ලඟ තුරුම්පු අවසන් වී තිබුනි... එය සිදුවිය යුතුව තිබුනි....!