Skip to main content

බම්බුව....



හිතුමතේ වැඩ...... තාම තරුණයොනේ...........
දෙදුන්නක් කෑලි කෑලි වලට කපලා බෙදාගෙන කන්න....
පාරේ ඇවිදගෙන යන ගමන් ඈතට ගලක් ගහන්න...
සරමක් ඇඳගෙන තරුපහකට යන්න...
සරමෙ වකුටුවෙලා බංකුවක නිදාගන්න...
අපිට බෑලු.............
අපි හිරවෙලා අපිට එලියට එන්න බෑ...
ගොඩ ඒමක් නෑ....
අසම්මතයේ සම්මතවල ජීවත් වෙන්න හිතන්නවත් බෑ....
අපිට මොනා වෙලාද....?
හිතුනොත් මම චතුර්මානයේ කුරුටුබලියක් ඇඳලා දානවා...
බම්බුව.....

Comments

said…
නියමයි !!!!
හැබැයි මොකුත් තේරුනේ නැහැ..........
malee_msg said…
කවුද හිර කලේ.. හොදට බලන්න ඔයාමයි හිර වෙලා ඇත්තේ...!
@malee
නෑ.. අපි නිදහස් වෙනවා කියන්නේ සමාජ ආශ්‍රය එපා කියලා කියන එකයි... සම්මත වලට හිර වෙලා... නිති වලට හිර වෙලා... මේ සම්මත නෑනේ කවුරුත් නැති තැනක
Beyond Frame කියන්නෙත් ඕකම වගේ
Kanch said…
මට නමි හිතෙන්නේ අපි,අපි විසින්ම විහින් හිර වෙනවා කියලයි...
ඇයි සරමක් ඇඳගෙන තරු පහකට යන්න බැරි? ලැජ්ජයි කියලා හිතෙන නිසාද...?
සරමෙි වකුටු වෙලා බංකුවක නිදා ගන්න බැරි?
මිනිස්සු මොනවා හරි කියයි කියලා හිතලද....?

යන්න මල්ලියෝ චතුර්මානයේ කුරුටු බලියක් ඇඳලා එන්න.... :D
විහින් හිර වෙලා නෙමෙයි මලී අපිට හිර වෙන්න වෙලා... බොරුව හැමතැනම... විකාර පිරිලා... අපි ජීවත් වෙන්නේ බොරු ගොඩක් මැද්දේ... නැත්නම් අපිට ඒවා මැද්දේ ජීවත් වෙන්න වෙලා එහෙම කලේ නැත්නම් මට පිස්සෙක් කියලා ගල් ගහයි... ඔන්න ඕකයි තත්වය.... අනිවා අඳිනවා ම් නියම කුරුටු බලියක් ඊට කලින් මිනිස්සු මම කියන ඕනි දෙයක් පිලිගන්න තත්වෙක මම ඉන්න ඕනි... කොටින්ම කියනවනම් මම පොරක් වෙන්න ඕනි....
amal ishantha said…
සම්මතය
බම්බුව
Free Thinker said…
ඉතින් ඒකට Secret Identity එකක් හදාගන්න වෙනවා, Super Man, Spider Man වගේ. සම්මතයේ ඉන්න ගමන් තවත් අසම්මත ජීවිතයක් රහසිගතව ගෙන යෑම, හරියට මේ මං වගේ...
Thushara said…
තෘප්තියේ නිශ්පත්තිය සම්මතය බිදීමට සමානුපාතිකයි...

වැඩිපුර බලපු..

වැඩ කරන්නෙ නැති.

වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන,  කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. 

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

ප්‍රසන්න මධුර සුඛං

  තැබූ තැබූ තැන අවදිවු බර         අවි පිදූ පිදූ තැන පරවුන  මල්          පෙති        පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්‍රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු         ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි     කෙලි  දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි         ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව            ටිලි ගැලූ ගැලූ  දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං