Skip to main content

සාපේක්ෂතාවය...


සුන්දරත්වය...
ඇතිකරන ප්‍රියමනප බව හා සතුට
ගෙම්බෙකුගෙන් අසන්න..
විශාල රවුම් ඇස් දෙකක්, විශාල පැතලි හොම්බක්,
දුඹුරු පැහැ පිටුපසක්...
ඌ කියනු ඇත...
අප්‍රිකාවේ ම්ලේඡයෙකුට නම්..
කළු පැහැ දෙතොල්, තෙල් සමක්, ගිලාබැසි දෑස් හා
පැතලි නාසයක්....
සුන්දරත්වය වනු ඇත...
යක්ෂයාගෙන් අසන්න....
අං යුවලක්, දිගු නිය හා
වල්ගයක් යැයි හේ කියනු ඇත....
දාර්ශනිකයෙක්ගෙන් එය ඇසුවහොත්...
ඔල්මොරොන්දම් වාගාඩම්බරයක් කියවනු ඇත....
ජපානයේ සුන්දර දෑ
රෝමයේ අසුන්දර වේ....
ප්‍රංශයේ සුන්දර දෑ
ජපානයේ අසංවර වේ...
මට සුන්දර දෑ
මිත්තණියට අසංවර වේ....
ඉදින්....
පුදුම නොයේද....?
සුන්දරත්වයේ සාපේක්ෂතාවය....
( වොල්තෙයාර් )

Comments

amal ishantha said…
මේ ලෝකේ හැමදෙයක්ම සාපේක්ෂයි. සුන්දරත්වය වුනත් එහෙම තමයි. ආදරයත් සාපේක්ෂයි.
malee_msg said…
අමල් කියලා තියන දේම තමයි මටත් කියන්න තියෙන්නේ... හැම දේම තීරණය වෙන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව ‍ඒ දේවල් විදින/දකින/හිතන විදිය හෝ රටාව අනූවයි‍.
ඒකනම් ඇත්ත... සුන්දරත්වය... කාගේ හරි හිතට වැදුනානම්... ප්රියමනාප නම්... එච්චරයි...
Anonymous said…
ඔව් ඔව් නැත්නම් හැම කොල්ලම එකම කෙල්ලට ට්‍රයි කරයි. දැනටත් මරා ගන්න එකේ සුන්දරත්වරටත් ISO Standard එකත් තිබුන නම් .....
දාර්ශනිකයෙක් සතු මනැසක් ඔබ සතුව ඇත.
Kanch said…
Sama sundara deyakama asundara bawak atha...e wagema sama asundara deyakama yamkisi sundarathwayak atha....
meka methanata galapenawada danne na...:D apuru bolg ekak...adai ahu une...:)
ඒකනම් ඇත්ත... Kanch අපි දකින හැම දෙයකම අපි නොදකින පැත්තක් තියෙනවා.. සුන්දරත්වයෙත් ඒ වගේ තමා...
සරත් මහත්මයා සුන්දරත්වය දකින්නේ කොහොමද..?
'සුන්දරත්වය' කියන්නෙ වෙනස් වන දෙයක්. මම සුන්දරත්වය කියන දෙයක් වෙන කෙනෙකුට සුන්දර නොවෙන්න පුලුවන්. ඒ නිසා ඕනම සුන්දර කෙනෙකුට ඕනම සුන්දර දෙයක සුන්දරත්වය විඳගන්න අවස්ථාව ඇරලා මම මට සුන්දර දෙයක් බලා ගෙන ඉන්නවා. නමුත් කාලයේ ඇවැමෙන් ඔක්කොම සුන්දර දේවල් අසුන්දර වෙනවා. ඒ යථාර්තය ගැන හිතුවම මුලු ලෝකයම සුන්දරයි, කිසිවකට බැඳීම් නැති නිසා.......................
සුන්දරයි කියලා හිතපු ගොඩක් දේවල් අසුන්දර වෙලානම් තියෙනවා. හුඟක් වෙලාවට මිනිස්සු. අඳුර ගන්න බැරි කම නිසා
ම.ම.ගි said…
හැමදෙයකම කිසියම් සුන්දරත්වයක් තියෙනවා. සමහර දේවල සුන්දරත්වය කි‍යන දේ පෙනෙන්නෙ නැහැ. වුවමනාවෙන් බලන්න ඕන. ඒක පෙනෙන්න හිතත් සුන්දර වෙන්න ඕන.
Thushara said…
සාපේක්ශතාවත් තවත් දෙයකට සාපේක්ශයි...

වැඩිපුර බලපු..

දේශද්‍රෝහියා...

මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්‍රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්‍රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

එය සිදුවිය යුතුව තිබුනි....!

එය එතරම් අසීරු යැයි එය සිදුවනතුරු මම දැනගෙන සිටියේ නැත. එය සිදුවිය යුතුව තිබුනි. නමුත් අප දෙදෙනාගෙන් එකෙකු හෝ එය භාරගන්නට සූදානම් නොවීය. අවසානයේ එය සිදුවී ඇත...! ජීවිතය නම් වූ නවකථාව තුල දෑවුරුද්දක පරිඡේදයක්  අවසාන වී ඇත. කතන්දර ගොඩක් මැද්දෙ හමුවූ දෙන්නෙක්  කතන්දර ගොඩක් මැද වෙන්වී ගොසින්ය සියල්ල අනාගතයට බාරදී අත පිහිදාගන්නට ආත්මාර්ථකාමී ආසාවක් හිතට ආවත් එය සිදුකිරීම එතරම් පහසුනම් මම එය දැනටමත් අහවර කොට හමාරය.  කතාන්දරය නිල වශයෙන්ම අවසන්ය. අවසානයේ මම පිදුම වෙනස් කරමි.... "මගේ අතේ එල්ලී මගේ කණ් ගොඩ කරපු දම්මිනීට.."  පින්තූරය අහක් කිරීමට තරම් මම මුග්ධයෙකු වී නැත.  එහෙත් දවසක එයද ඉවත් කිරීමට සිදුවනු ඇත..  ආදරය කියන සූදුවෙන් මම පැරදී ඇත.. මම ලඟ තුරුම්පු අවසන් වී තිබුනි... එය සිදුවිය යුතුව තිබුනි....!