Skip to main content

Posts

ජයසේන..

"ජයසේන .. ඔළුවත් කපලා බලමු.. " මම එහෙම කියනකොට ජයසේන හෝල්ඩරයට හයිකරලා තිබුන යකඩ කපන කියත අතට අරන් ඉවරයි. මේක මගේ මුල් වතාව වුනාට ජයසේනගේ මුල් වතාව නොවන හින්දා කිසිම දෙයක් අමුතුවෙන් කියන්න උවමනාවක් තිබුනේ නෑ. අපරාදේ මට නුවන් අයිය එක්ක කලින් දවසක එන්න තිබුනා. මම සිතුවිල්ලේ ඉන්න අතරේ ජයසේන ඔළු කට්ටෙන් බාගයක් කපලා ඉවර කරලා තිබුනා..      ***************************************************************** නුවන් අයියා මම එන්න අවුරුදු තුනකට විතර කලින් ගල්ලෑල්ලේ රජයේ රෝහලේ සේවයට අනුයුක්ත කරලා තිබුනා. කලින් දොස්තරලා දෙන්නෙක් හිටපු ඒ ඉස්පිරිතාලෙට මමත් ආවට පස්සේ දොස්තරලා ගාන තුනක් නොවුනේ රම්‍යා අක්කා මම එනවත් එක්ක රත්නපුරේට මාරුවක් හදාගත්තු නිසා. ඒත් එක්ක ඇතුලේ ක්වාටස් එකේ හිටපු අළුත් දොස්තර මහත්තයා උඩ ක්වාටස් එකට මාරුවුනා. ගල්ලෑල්ලටම තිබුන එකම ඉස්පිරිතාලේ තිබුන ඉඩමට අල්ලපු ඉඩමේ ගල්ලෑටම තිබුන එකම ඩිස්පැන්සරිය පිහිටලා තිබුනා. හවස පහමාර වෙනකම් ඉස්පිරිතාලේ නිකං බෙහෙත් දීපු දොස්තරලා දෙන්නා පහමාරෙන් පස්සෙ සල්ලිවලට බෙහෙත් දුන්නේ එතන. ඇටන්ඩන්ලා තුන්දෙනයි, නර්ස්ලා දෙන්නයි ජයසේනයි අපි...

විදාන වත්ත..

ඒ 1995 වසරයි. ප්‍රදේශය ඇඹිලිපිටිය ග්‍රාමයයි. හැම්බෝ සිටියට යාබදව නගර සභාවක් ලෙස දැන් පැවතුනද එකල හැමදාම පසලොස්වක රාත්‍රියේ අපේ ගෙදරට නරි කෑගසන හඬ ඇසුනි. ඩිංගිරි ආච්චි නවාතැන් ගෙන සිටියේද අපේ ගෙදරට කිලෝමීටර බාගයක් පමණ දුරින් පිහිටි අක්කරයක් පමණ වූ විදානවත්තේ කොනක තිබුනු වරිච්චි ගෙදරකය. ලා තඹ පැහැති බ්ලොන්ඩ් හිසකේ සමග කළු පැහැති ඩිංගිරි ආච්චිට අපි බයවූයේ අම්මලා කෑම කවන්නේ ඩිංගිරි ආච්චි මතක් කරන නිසාද නැත්නම් වෙනත් හේතුවක් නිසාද කියා තවමත් මට නිච්චයක් නැත. කෙසේ වෙතත් අපි එකල ඩිංගිරි ආච්චිට බයවීමු. ගඳපාන ගාලවලින් පිරුනු විදාන වත්තේ ඩිංගිරි ආච්චිගේ වරිච්චි ගෙදර තිබුන ඉඩ ප්‍රමාණය පමණක් එලි කර තිබුනි. පහල කුඹුරු යායත් විදානවත්තත් බෙදාවෙන්කරන ඇල්බීසියා වැටේ සාදාගත් සිදුරකින් ගඳපාන ගස්වලින් පාදාගත් ගඳපාන ගුහාවලින් ඩිංගිරි ආච්චිගේ මන්තරකාර වැඩගැන ඔත්තුබැලීම පාසල් ඇරී ගෙදර ආවාට පසු අපගේ මූලික කාලසටහනට ඇතුලත්ව තිබුන ක්‍රියාවලියකි.  විටක ඩිංගිරි ආච්චි කළුපාට මුට්ටියකට හාල් දමා ලිපේ තබයි. පසුව ලිප ලඟ ඇණ තබාගෙන මොනවදෝ ගින්දර වලට මතුරයි.  " ඹය බත්වලට මතුරන්නේ අපිව මරන්න. ඔය බත් කෑවම...

මාර්කෝ මම ඈන්..

මාර්කෝ උඹ කොහෙද?  පිත්තල බොත්තම තාමත් ලඟ තියාගෙන  මම උඹ එනකම් බලා ඉන්නවා.  ජීවිතේ අතරමැද  තාමත් උඹ වෙනුවෙන් හිඩැසක්.  මාර්කෝ කෝ උඹ.  හැමදාම රෑට වෙන පංචස්කන්ධයක තියෙන  උඹේ හිතත් එක්ක මම නිදි වදිනකොට උඹ මරීනා එනකම් බලා ඉන්නවාද?  මාර්කෝ..  දිස්නේ නැතිවෙන්න කලින් මේ පිත්තල බොත්තම අරන් පලයන්..  මම  ඈන්.. 

විසබීජ..

"hope you will come back" මම ඇය දෙස බලා නානකාමරය දෙසට ඇවිද ගියෙමි. සුදෝ සුදු සින්ක් එක තුල වතුර බිඳුවක් වත් දකින්නට නැත. මම කරාමය හැර කැඩපත දෙස බැලුවෙමි. කොලඹින් ආවාට පසු රැවුල කැපුවේ නැති නිසා රැවුල් කොට මතුවන්නට පටන් ගෙන තිබුනි. රැවුලට ඇතුලතින් මුහුණ ඇතුලත්වූ සර්වාංගය පුරා ගතවූ සතිය තුල තැන්පත්වූ විසබීජ තට්ටුවක් පෙනෙන්නට තිබුනි. මම කරාමයෙන් දියදෝතක් මුහුණට ගසා ගතිමි. විසබීජ මුසුවූ වතුර බිංදු සින්ක් එකට පතිත වේ. මම සබන් කෑල්ල අතට ගතිමි. ෴෴෴෴෴෴෴෴෴ දැනට අවුරුදු පහලොවක සිට මට යාපනයේ සංචාරය කිරීමේ ඇරියස් එකක් තිබුනි. ජාතියේ වාසනාව නිසා එය සාක්ෂාත් කරගන්නා විට පොඩී එකීට අවුරුදු හතරක් සම්පූර්ණ වී තිබුනි. නොමිලේ ලැබුන සංචාරය අවසානයේ යාපනයේ ජනයාගේ තොරතුරු තාක්ෂන දැනුම ගැන සවිස්තරාත්මක වාර්තාවක් භාරදිය යුතුව තිබුනි. විජිතා මගේ මාර්ගෝපදේශිකාව වූවාය. අවුරුදු තිස්පහක් වන්නට ඇත. ප්‍රියමනාපය. ඉදිරි දත් දෙක අතර හිදැසක් ඇත. ඇය දෙමල දනී. මම සිංහල නොදනී. ගමන ආරම්භ වූයේ වව්නියාවෙනි, එතැන් සිට මගේ ඇක්සන්ට් එක සමග ඇයගේ කැඩුන ඉංග්‍රිසිය මිශ්‍රවී හතලිහේ දශකයෙන් විසිපස්වන වියට ඇතුල් වූ මම ප්...

සැරද?

තුලාධර ගැහැණියගේ කාලවර්ණ රෙදිපට අහිමිකල.. සුද්දන්ගේ කෙලිය  සුද්දන්ට වෙන්දේසිකල..  පැතිරවූ මුසාවට  සම්මාන හිමිකල.. ත්‍රස්තයන් සමග නිදිවැද මැක්කන් යවෙස් ලූ.. අපි..  සුරා සූදුවෙන් තොර  ආශ්චර්යයක් කරා  පියනගයි..  සැරද? 

බොනී අයියා මට වඩා අඟල් දෙකක් උසය..

ඔයා ඒකාලේ බොනී අයියව අඳුරගන්න තිබුනේ. තුෂාර අයියා කතාව පටන් ගත්තේ එසේය බොනී අයියා නැති තැනක අපි බොන්නට සෙට් වුනොත් අනිවා බොනී අයියා ගැන වචනයක් හෝ කතා කිරීම සිරිතක් වී තිබුනි. සාමාන්‍යෙයන් මිනිසුන් වන අප තව එකෙකු ජීවත්ව සිටියදී වර්ණනා කිරීම හරිම කලාතුරකින් සිදුවන කරුණකි. එසේ සිදුවීමට නම් ඒ මිනිසා වටිනාකමින් වැඩි මිනිසෙකු විය යුතුය. අපේ තාත්තාට වඩා වයසින් අවුරුදු දෙකක් පමණ බාල බොනී අයියා උසින් අඩින් පහයි එකොලහක් වූ මටත් වඩා අඟල් දෙකක් විතර උස දෙකේ දෙකේ පොරකි. අවාසනාවකට බොනි අයියා මට හමුවන විට බොනී අයියා චණ්ඩිකම් නවත්වා ඇත. එක දවසක් ඔය වස්කඩුව පැත්තේ පණුවා කියලා එකෙක් හතරමං හන්දියට බොන්න සෙට්වුනා. දෙකක් දානකොට උගේ සද්දේ වැඩියි. බොනියට මල පැනලා දුන්නා ආයි පැත්ත පලාතේ ආවේ නෑ.  තුෂාර අයියා දිගටම කතා කරගෙන යයි. ඔය ඔයාලා කින්ඩි දාගෙන ඉන්නකොට ඉවසගෙන හිටියාට බොනියට මල යකා ආවේස වෙනවා. බලන්න තව අවුරුදු දහයකින් ඇවිල්ලා කතා කරන්න ගානට අඳුරගනී. ඒ බැරිවුනත් අත ඇල්ලුවොත් මිනිහා ටක් ගාලා නම කියයි. මාර ඉවක් තියෙන්නේ.  ඔව් බොනි අයියා අන්ධයෙකි. අනික් හැම අන්ධයෙකුටම වගේ අන්ධ වීම සම්බන්ධ කතාවක් ...

උක්කුං පටි බෝල බැලන්ස්.. පුක් පේපර්.. පුක් පේපර්...

“මහත්තයා අර ජිනේ මැරිලා“  හමීඩ් මුදලාලි රෙදි මනින ගමන් එහෙම කිව්වෙ මද සිනාවක් එක්කමයි “ මොනවා...! වෙන්න බෑ “  මම එහෙම කිව්වෙ සමහරවිට ජිනේ මැරෙන්නේ නැති එකෙක් කියලා මගේ ඔළුවේ කොනක තිබුන නිසා වෙන්න ඇති “ මිනිහා ඉන්න තැනක් වත් දන්නවාද? “ මම එහෙම ඇහුවේ පව් සමාකරගන්න ගිහින් මූණවත් පෙන්නලා එන්න කියලා හිතාගෙන. ඒත් මාව දන්නේ ජිනේ විතරනේ.. “ ජිනේ “ තාත්තා හැමසතියෙම විකුණන්න ගෙනියන දොර රෙදි යාර 30 ගන්න කොලඹට එනකොට මමත් පස්සෙන් එන්නේ කොලඹ බලන්න. ඒත් අනික් එවුන් කොලඹ ඇවිල්ලා ග්‍රහලෝකාගාරේ, කටුගේ බලලා යනකොට මට බලන්න වුනේ බසාර් එකේ රෙදිකඩ ටිකයි තුන්වෙනි හරස්වීදියේ එලවළු කඩ ටිකයි විතරයි..                 ජිනේ මම මුලින්ම දැක්කේ මම සාමාන්‍ය පෙල කරන කාලයේ වගේ මතකයි. අව්වට කළුවුන අඩි 6 විතර උස ජිනේව මම එදා දැක්කේ යෝධයෙක් වගේ. ජිනේගෙන් තාත්තාගේ කඩේ විකුණන්න බ්‍රෙසියර් දුසිම් දෙකක්, ලංකට් දුසිම් දෙකක් අරගෙන යන එක සිරිතක් වගේ වෙලා තිබුනේ. ලොකු ලොකු කඩවල ලොකු ලොකු නෝනලා මහත්තුරු බර ගනන් දීලා ගන්න ලොකු ලොකු බ්‍රෑන්ඩ් ජිනේ තුට්ටු දෙකට කරත්තේ තියාගෙන විකුණුවා...