Skip to main content

මාර්කෝ මම ඈන්..

මාර්කෝ උඹ කොහෙද? 
පිත්තල බොත්තම තාමත් ලඟ තියාගෙන 
මම උඹ එනකම් බලා ඉන්නවා. 
ජීවිතේ අතරමැද 
තාමත් උඹ වෙනුවෙන් හිඩැසක්. 
මාර්කෝ කෝ උඹ. 
හැමදාම රෑට
වෙන පංචස්කන්ධයක තියෙන 
උඹේ හිතත් එක්ක
මම නිදි වදිනකොට
උඹ මරීනා එනකම් බලා ඉන්නවාද? 
මාර්කෝ.. 
දිස්නේ නැතිවෙන්න කලින්
මේ පිත්තල බොත්තම අරන් පලයන්.. 

මම 
ඈන්.. 

Comments

Beetle said…
ආගන්තුකයා උඹ කොහෙද?
දූවිලි බැඳුනු මේ බ්ලොග් එක තාමත් බුක්මාර්ක් කරගෙන
මම උඹ ලියනකම් බලා ඉන්නවා.
ජීවිතේ අතරමැද
තාමත් උඹෙ ලිපි වෙනුවෙන් ඉඩක්.
ආගන්තුකයා කෝ උඹ.
හැමදාම රෑට රීඩරේ තියෙන තියෙන
අනිත් බ්ලොග් එක්ක
මම නිදි වදිනකොට
උඹ ලියන්නැතුව කන පැලෙන්න බීලා නිදාගන්නවද?
ආගන්තුකයා...
දිස්නේ නැතිවෙන්න කලින්
මේ කමෙන්ට් එකත් අරන් පලයන්..

මම
බීට්ල්..

:D
hare :-) said…
මේක කියවන එක පැත්තක තියලා මම මෙන්න මේක ඇහුවා...

http://www.youtube.com/watch?v=wqmhwXevvJU
අහ් කාලේකට පස්සේ..!
මොකද ලියන්නේ නැත්තේ යකෝව්...?

වැඩිපුර බලපු..

දේශද්‍රෝහියා...

මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්‍රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්‍රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

එය සිදුවිය යුතුව තිබුනි....!

එය එතරම් අසීරු යැයි එය සිදුවනතුරු මම දැනගෙන සිටියේ නැත. එය සිදුවිය යුතුව තිබුනි. නමුත් අප දෙදෙනාගෙන් එකෙකු හෝ එය භාරගන්නට සූදානම් නොවීය. අවසානයේ එය සිදුවී ඇත...! ජීවිතය නම් වූ නවකථාව තුල දෑවුරුද්දක පරිඡේදයක්  අවසාන වී ඇත. කතන්දර ගොඩක් මැද්දෙ හමුවූ දෙන්නෙක්  කතන්දර ගොඩක් මැද වෙන්වී ගොසින්ය සියල්ල අනාගතයට බාරදී අත පිහිදාගන්නට ආත්මාර්ථකාමී ආසාවක් හිතට ආවත් එය සිදුකිරීම එතරම් පහසුනම් මම එය දැනටමත් අහවර කොට හමාරය.  කතාන්දරය නිල වශයෙන්ම අවසන්ය. අවසානයේ මම පිදුම වෙනස් කරමි.... "මගේ අතේ එල්ලී මගේ කණ් ගොඩ කරපු දම්මිනීට.."  පින්තූරය අහක් කිරීමට තරම් මම මුග්ධයෙකු වී නැත.  එහෙත් දවසක එයද ඉවත් කිරීමට සිදුවනු ඇත..  ආදරය කියන සූදුවෙන් මම පැරදී ඇත.. මම ලඟ තුරුම්පු අවසන් වී තිබුනි... එය සිදුවිය යුතුව තිබුනි....!