Skip to main content

සැරද?

තුලාධර ගැහැණියගේ
කාලවර්ණ රෙදිපට
අහිමිකල..
සුද්දන්ගේ කෙලිය 
සුද්දන්ට වෙන්දේසිකල.. 
පැතිරවූ මුසාවට 
සම්මාන හිමිකල..
ත්‍රස්තයන් සමග නිදිවැද
මැක්කන් යවෙස් ලූ..
අපි.. 
සුරා සූදුවෙන් තොර 
ආශ්චර්යයක් කරා 
පියනගයි.. 
සැරද? 

Comments

සැරද මහ රජ?
Weni said…
සුරා සූදුව නැති කල
කඩා හැලෙනා දෙවොල
පුද පිණිස ආ යතියන්
තලා පොඩි කර දමමින්...
මුසාවෙන් ඔතා ඇති
ප්‍රජාතන්ත්‍රවාදී බුල්ටෝ
ඇලුනත් කටපුරා
රසම රසයි..
ම්හු.... සැර මදි.....!!
Sabith said…
සැර කිසිවක් සැර නැත!බලයෙන් දැනටමත් ඩෝප් වී ඇති නිසාවෙන්!!!නොදking
හූනා said…
අහ් ආශ්චර්යය....
ජනතාව බුද්ධිමත්...
දැන් අපිට චූන්....
අහ් ආශ්චර්යය....
Kalith said…
සැරද? නැත..සැර බොහොම මදිය...ඌට දැනෙන එකක්වත් නැත...