තැබූ තැබූ තැන අවදිවු බර අවි
පිදූ පිදූ තැන පරවුන මල් පෙති
පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන
ප්‍රසන්න මධුර සුඛං
බුරා බුරා නැගෙනා ඒ බොදුගිනි
වෙලා වෙලා දැවෙනා ඒ ගිනිකෙලි
දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව
වණ්ණෝ සුඛං බලං
දෙසූ දෙසූ දම්සක් වී පැමිණිලි
පිසූ පිසූ දන්සල් වී ඇවටිලි
ගැලූ ගැලූ දස සිල්දිය බොරවුන
ගිලන පච්චං ඉමං සුඛං
1 comment:
නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක්!
Post a Comment