Skip to main content

Posts

උක්කුං පටි බෝල බැලන්ස්.. පුක් පේපර්.. පුක් පේපර්...

“මහත්තයා අර ජිනේ මැරිලා“  හමීඩ් මුදලාලි රෙදි මනින ගමන් එහෙම කිව්වෙ මද සිනාවක් එක්කමයි “ මොනවා...! වෙන්න බෑ “  මම එහෙම කිව්වෙ සමහරවිට ජිනේ මැරෙන්නේ නැති එකෙක් කියලා මගේ ඔළුවේ කොනක තිබුන නිසා වෙන්න ඇති “ මිනිහා ඉන්න තැනක් වත් දන්නවාද? “ මම එහෙම ඇහුවේ පව් සමාකරගන්න ගිහින් මූණවත් පෙන්නලා එන්න කියලා හිතාගෙන. ඒත් මාව දන්නේ ජිනේ විතරනේ.. “ ජිනේ “ තාත්තා හැමසතියෙම විකුණන්න ගෙනියන දොර රෙදි යාර 30 ගන්න කොලඹට එනකොට මමත් පස්සෙන් එන්නේ කොලඹ බලන්න. ඒත් අනික් එවුන් කොලඹ ඇවිල්ලා ග්‍රහලෝකාගාරේ, කටුගේ බලලා යනකොට මට බලන්න වුනේ බසාර් එකේ රෙදිකඩ ටිකයි තුන්වෙනි හරස්වීදියේ එලවළු කඩ ටිකයි විතරයි..                 ජිනේ මම මුලින්ම දැක්කේ මම සාමාන්‍ය පෙල කරන කාලයේ වගේ මතකයි. අව්වට කළුවුන අඩි 6 විතර උස ජිනේව මම එදා දැක්කේ යෝධයෙක් වගේ. ජිනේගෙන් තාත්තාගේ කඩේ විකුණන්න බ්‍රෙසියර් දුසිම් දෙකක්, ලංකට් දුසිම් දෙකක් අරගෙන යන එක සිරිතක් වගේ වෙලා තිබුනේ. ලොකු ලොකු කඩවල ලොකු ලොකු නෝනලා මහත්තුරු බර ගනන් දීලා ගන්න ලොකු ලොකු බ්‍රෑන්ඩ් ජිනේ තුට්ටු දෙකට කරත්තේ තියාගෙන විකුණුවා...

කපුටු බෝ...

කිරි කල හතකින් නෑවෙන.  වතුර කල වලින් පෝෂනය වන. කවි වලින් ආසිරි ලබන..  ගාථා වලින් ගෞරව ලබන.. බෝහිමියන්ගේ.. රුහිර උරා ප්‍රසූත්‍ර වන. කපුටන් විසින් අනුභව කරන. බෙටි සමග එලියට විසිවන. සැදැහැවත් බෞද්ධයින්ගේ  තාප්ප උඩ මුල් අදින..  අති ශ්‍රද්ධාවෙන්.. ගලවා විසිකරන. කපුටු බෝ..

අනේ මචං වරෙන්...

අයි සී යූ එකේ  කොටු වීදුරුව අස්සෙන්... එබීගෙන ඉන්න... විසබීජ තොගේකට...  ඔක්සිජන් බට වලට මැදිවෙච්ච.... උඹේ මැර මූණ පේනකොට..  වෙනදා හිනාවෙවී  ඉන්න එවුන්... අඬන්න ගත්තා... ඒත් උඹ එනකම්  තාම උන් හිනා වෙනවා...  වරෙන්...  මේ ගල් බෝතලේ ඉවරවෙන්න කලින්... නැත්නම් අපි තනියම බොනවා..  අනේ...  මචං... උඹ නැතුව බොන්න බෑ.... වරෙන්.... එනගමන් රයිස් එකක් දාගෙන  චීස් එකකුත්..  අරන් වරෙන්....

මම සිනාසෙමින් එලියට බැස්සෙමි..

සනී.. කොස් කඩේ ප්ලේන්ටි දාන යන්තරේ.. මල්ලි කියන්නේ ඔය යකාට ඔතන තියෙන බඩු ටික එහා මෙහා වුනොත් තමා යකා නගින්නේ?  එදාට ඉතිං කනක් ඇහිලා ඉවරයි..  විල්සන් අයියා. සනී අයියා දෙස බලාගෙන එහෙම කිව්වෙ තරහකින් නම් වෙන්න බෑ..  සනී. ලංකාවේ උඩ බලාගෙන තේ දාන එකම එකා. කහට පොඩ්ඩක් වැඩියෙන් තියෙන ගාණට සීනි දාපු තේක සිගරට් එකට කියාපු ප්ලේන්ටිය. රාජා මල් ප්ලේන්ටියයි කියලා කියපු ගමන් සාමාන්‍ය ප්ලේන්ටියට වඩා වැඩිපුර සීනි හැන්දක් එක්ක දාන ප්ලේන්ටිය එක්ක ලයිටරයත් බොයිලේරුව ලඟ තියලා සනී අයියා ඊළඟ ප්ලේන්ටිය දාන්න ගන්නවා.. සනී.. වැඩි හිනාවක් කතාවක් නැති විහිළු දන්නේ නැති චරිතයක්.. ප්ලේන්ටි දාන එකා හැම එකා එක්කම කතා කරන්න ඕනි නෑනේ මල්ලි.  දවසක් ඇහුවාම සනී අයියා එහෙම කිව්වා මතකයි..  මිනිහා ඔහොම තමා හෙණ ගහන්නා වගේ උත්තර දෙන්නේ.. ගනන් ගන්න එපා.  විල්සන් සනීට බනිනවාට වැඩි කැමැත්තක් නැත. සනී.. එක්දාස් ගනන්වල සිගරට් ඒජන්සියක් කරපු සල්ලිකාරයෙක්.  එක දවසක් හොරෙන් එකෙක් සිගරට් බන්ඩල් එකක් උස්සලා මූ ඌට වෙඩි තිබ්බනේ මල්ලි. මාර පොරක්. ඒ කාලේ ඕකා හෙන මැරයා. කට්ටිය කියන්නේ පතරොම් පටිය ඉණවටේ...

ඇවිත් පලයන් එක දවසකට...

ආයෙමත් පරණ ඉරම හෙටත්  පෑව්වාට.... මකර තොරණින් කැන්දගෙන යන්න  බැරිවුනාට.... එන පාර දිගට  මල් නොපිපුනාට.... යථාර්තයට බයේ  ගුලිවෙලා හැංගුනාට... ඇවිත් පලයන්... යන්නං කියන්න.... ජීවිත කාලයම මට  උඹත් එක්ක  ජීවත් වෙන්න.....

ආරුගම්බේ වෙරල තාමත් රැළි නගනු ඈතට පෙනේ....

"මහත්තයා මේ මගේ නංගි නන්දා.." විමලෙ අංකල් අසල හිටපු කාන්තාව පෙන්වා පැවසීය.. මම ඇයට මද සිනාවක් එල්ල කලෙමි.. "මහත්තයල කනවානම් පොතුවිල් වලට යන්න මෙහේ කඩවල කෑම ටිකයි දෙන්නෙ.. මහත්තයාලට නම් මදිවෙයි.." බදුල්ලේ නැන්දාගෙ ඌරුවට සමාන ඌරුවකින් ඇය පැවසන විට මම ඇය දෙස බැලීමි.. ඇය නමින් නන්දාය. වයස අවුරුදු 38 පමණ විය හැක. ගම්පෙරලියේ නන්දාට වඩා රූමත්කමින් අඩුය.. ඇය කළුය මහතය.. ඇගේ දෙතොල් දෙකෙලවරින් බුලත් කෙල බේරී ඇති බවට ලකුණු ඇත.. "එහෙනම් මම යන්නම් අයියේ..." කුඩයත් පන් මල්ලත් අතට ගෙන අසුනින් නැගිට්ටාය.. "යන්නම් මහත්තයා..."  ආචාරශීලී සිනාවක් සමග ඇයගේ සමුගැනීම සටහන් වුනේ එලෙසිනි.. මම මද සිනාවකින් ඇයට ප්‍රති උත්තර දුනිමි... විමලෙ අංකල් ඇය ඈතට යනතුරු බලා සිටියේය.            අපේ තාවකාලික නවාතැනේ භාරකරු විමලේ අංකල්ය.. දීර්ඝකාලයක් තුල දෙමල කතාකිරීම නිසාදෝ ඔහු කතාකරන විටදී මද වෙනස්කමක් ශ්‍රවණය වේ. කතාකරන අතරතුර අසාමාන්‍ය ලෙස බෙල්ලේ ගැස්සීමක් ඇත. එය රූපවාහිනියේ කතාවල අණ්ඩපාලයින් හා මෝඩයින් ගේ ලක්ෂණයක් ලෙස උලුප්පා දක්වන බෙල්ලේ ගැස්සීමට සමානය.. ඒවාට පි...

ජේසු පිහිටයි...!

පෙර ලියමි මගේ මුදල් පසුම්බිය අයිතිකරුවා සොයාගත් පසුව මට හදිසියේ දුරකථන ඇමතුමක් ලැබුනි.. ඇමතුම දුන් පුද්ගලයා නම ගම නොපැවසූ අතර ඔහු මගේ පසුම්බිය හමුවුන බවක් පැවසීය. මම මගේ නවාතැනේ ලිපිනය ඔහුට ලබාදුනි.. පසුගිය සිකුරාදා ලියාපදිංචි තැපෑලෙන් මට ලිපියක් ලැබුන අතර එහි මුද්දර ගසා තිබුනි. එහි මගේ පසුම්බියේ වූ සියළු දෑ පැවතුන අතර පහත ලියුමද ඒතුල තිබී මට හමුවුනි. අදාල පුද්ගලයාට ගෞරවයක් ලෙස මම මෙය පලකරමි...  ලසිත සොයුර, ඔබගේ නැතිවූ සියළු දෑ මෙහි ඇත්දැයි මම නොදනිමි. නමුත් මට හමුවූ සියල්ල මෙම ලිපිය සමග ඔබවෙත එවා ඇත්තෙමි. තවද කිවයුත්තක් ඇත. ඔබ විසින් ඔබගේ අත්‍යාවශ්‍ය වටිනාදෑ කෙරෙහි මින් මතුවටත් මෙයට වඩා සැලකිලිමත් වුවහොත් එය ඔබගේ ජීවිතයට ලොකු පිටුවහලක් වනු ඇත. මමද රියදුරු රැකියාවෙන් දුකසේ ජීවිතය ගෙවන්නෙක්මි. මගේ ඇසක ආබාධයක් හේතුවෙන් එයට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී පදික වේදිකාවේ අඳුරු මුල්ලක විසිරී තිබුනු මෙහි අඩංගුදේ දැක ඒ සියල්ල මා අහුලාගත්තෙමි. මම හොඳ කිතුනු බැතිමතෙකි. වෙන අයෙකුට  මේවා ලැබුනේ  නම් කුමන තත්වයක් උදාවේදැයි සිතාගැනීමට පවා අසීරුය. ඔබ හමුවී මේවා බාරදීමට සිත්ව...