Skip to main content

අනේ මචං වරෙන්...

අයි සී යූ එකේ 
කොටු වීදුරුව අස්සෙන්...
එබීගෙන ඉන්න...
විසබීජ තොගේකට... 
ඔක්සිජන් බට වලට මැදිවෙච්ච....
උඹේ මැර මූණ පේනකොට.. 
වෙනදා හිනාවෙවී  ඉන්න එවුන්...
අඬන්න ගත්තා...

ඒත් උඹ එනකම් 
තාම උන් හිනා වෙනවා... 
වරෙන්... 
මේ ගල් බෝතලේ ඉවරවෙන්න කලින්...
නැත්නම් අපි තනියම බොනවා.. 

අනේ... 
මචං...
උඹ නැතුව බොන්න බෑ....
වරෙන්....
එනගමන් රයිස් එකක් දාගෙන 
චීස් එකකුත්.. 
අරන් වරෙන්....

Comments

එයා ඉක්මනට ඔයාල ළඟට ඒවි. බලාපොරොත්තු අත ඇරගන්න එපා.
Kasun said…
පට්ටයි මචන්. බය වෙන්න එපා ඌ ඉක්මනට ඒවි.
හසී said…
එයාට ඉක්මනින් සනීප වෙයි..
එයා එන්නෙ නෑලු නේද.....
එයාට එන්න බෑලු.....
ඔයාලා එයාට තව ටිකක් කියන්නකො...
ඒත් එන එකක් නෑ.....
ලබන සැරේවත්.....
This comment has been removed by the author.
වන්නි said…
මේක කල්පිතයක් විතරයි නේද?
Unknown said…
මේක කල්පිතයක් නෙමෙයි චිකුවා(ඇන්ජලෝ) අයියා ආයෙ එන්නෙ නෑ.
මිකී said…
ඇයි අපිව දාලා ගියේ සහෝදරයා

වැඩිපුර බලපු..

දේශද්‍රෝහියා...

මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්‍රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්‍රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

එය සිදුවිය යුතුව තිබුනි....!

එය එතරම් අසීරු යැයි එය සිදුවනතුරු මම දැනගෙන සිටියේ නැත. එය සිදුවිය යුතුව තිබුනි. නමුත් අප දෙදෙනාගෙන් එකෙකු හෝ එය භාරගන්නට සූදානම් නොවීය. අවසානයේ එය සිදුවී ඇත...! ජීවිතය නම් වූ නවකථාව තුල දෑවුරුද්දක පරිඡේදයක්  අවසාන වී ඇත. කතන්දර ගොඩක් මැද්දෙ හමුවූ දෙන්නෙක්  කතන්දර ගොඩක් මැද වෙන්වී ගොසින්ය සියල්ල අනාගතයට බාරදී අත පිහිදාගන්නට ආත්මාර්ථකාමී ආසාවක් හිතට ආවත් එය සිදුකිරීම එතරම් පහසුනම් මම එය දැනටමත් අහවර කොට හමාරය.  කතාන්දරය නිල වශයෙන්ම අවසන්ය. අවසානයේ මම පිදුම වෙනස් කරමි.... "මගේ අතේ එල්ලී මගේ කණ් ගොඩ කරපු දම්මිනීට.."  පින්තූරය අහක් කිරීමට තරම් මම මුග්ධයෙකු වී නැත.  එහෙත් දවසක එයද ඉවත් කිරීමට සිදුවනු ඇත..  ආදරය කියන සූදුවෙන් මම පැරදී ඇත.. මම ලඟ තුරුම්පු අවසන් වී තිබුනි... එය සිදුවිය යුතුව තිබුනි....!