Skip to main content

Posts

පූර්ණය

අතේ එල්ලිලා දකුණු අත දික් වෙලා... කියවලා කියවලා කණ් දෙකත් ගොඩ වෙලා... ගුටිකාලම මගේ පිට කොන්ද ඉදිමිලා... ඒ මොනා වුනත්... කුළුඳුල් පෙමට අදට අවුරුද්දයි.. මට නුඹ ආස දේ දෙන්න බැරි වෙන්න ඇති...... මට නුඹව හැම වෙලේම හිනස්සවන්න බැරිවෙන්න ඇති.... මම නිසා නුඹේ ඇස් දෙකට කඳුලු උනන්න ඇති... ඒත් උඹ තාම මගේ ලඟ... හිටපන්... මොනා නැතත් මම උඹට ආදරෙයිනෙ.... මගේ ආදරේ සුන්දරයි.. නුඹ නිසා....

අතේ මාට්ටු..

මට මතක හැටියට හරියටම වෙලාව රෑ 12 පහුවුනා විතරයි.... මුලු නේවසිකාගාරයම නිහඬයි... ඒ වුනාට තැන තැන කසු කුසුවක් සාවදානව අහගෙන හිටියොත් හොඳට අහෙන්න ඉඩක් නැතුවමත් නෙමෙයි... 21 කල්ලිය ඒ කියන්නේ 11,10 වසරවල පයිලට්ලා ටික තවත් මෙහෙයුමකට සූදානම් වෙන්නේ ඔන්න ඔය අතරේ.. කසු කුසුව අහෙන්නෙත් ඒ නිසාම වෙන්න ඇති... මූලික පරීක්ෂණ මාලාව යටතේ සික්කන්ගේ කාමරය දෙසට ඇහැ ගහගෙන ඉන්න දෙන්නෙක් යවනවා වගේම පාලකතුමාගේ ගෙදර ලඟටත් බැල්මට්ලා 2 යවන්නේ බයටම නෙමෙයි.... අරක්ෂාවටත් එක්ක... බැලමට්ලාගෙ අනුමැතිය යටතේ අපි මහා රාජකාරියට පිටත් වුනා... එදා ලස්සනට හඳ පායලා තිබුනා. පසලොස්වකට දවස් හතරක් නිසා වෙන්න ඇති... හිතුවට වඩා හඳ එලිය... ඒ හින්දාද කොහෙද හැමෝගෙම හිතේ පොඩි බයක් මෝදුවෙමින් තිබුනා... ඒත් ඉතින් අපේ අඩවියේ අවාම අපහු යන සිරිතක් නෑනෙ... ඉතින් කොහොමහරි වැඩේට බැස්සා.... හරියටම කුරුම්බා ගෙඩි 15 විතර කඩන්න ඇති... එකපාරට "කවුරුත් හෙල්ලෙන්න එපා...." අපි දුවන්න බැලුවත් හතර වටෙන්ම අපිව වටකරලා... "මචං වලහා ක...

මකබාස්...

සුදු වෑන් දුටුවිට බල්ලන් බුරන්නේ එම වෑන් වල පෙර වැරදි බල්ලා විසින් අත්දැකපු නිසාය... මකබාස්ලාට අපෙන් වැරදි සිදුවී ඇත.. ඒ මකබාස්ලාගේ පොරත්වය බිදදැමීමය... මකබාස්ලා නිසා මකබාස්ගේ නියොජනයයද හැල්ලුවී යන්නේ මකබාස් වන්න්වුන්ගේ බොරු දියාරු ගොන් පාට් නිසා විය යුතුය... යුත්ත නොවිය යුත්ත අපිද දනී... එහෙත් මෝඩ තකතීරු කමට කලයුත්තක් නොමැත.. මකබාස් තකතීරුවෙකු වන්නේ අනුන්ගේ සටහනේ අකුරු නොගැලපීම් පෙන්නාදීමෙන් ඔහුට හිනා වෙන නිසා පමණක්ම නොවේ... ඔහුගේ සටහනේද වැරදි ඇත එවා පෙන්නා දී නිකම් මකබාසයෙකු වීමට මට උවමනාවක් නැත... මෙවැනි මකාබාසයින්ට මුලින් රසවින්දනය උගන්වා පසුව බ්ලොග් ලිවීම වෙනම උගැන්විය යුතුය.. සටහනක් කියවනුයේ එහි ඇති රසවින්දනය හා එහි ඇති අදාලතාවය මතය... සිරසේ වැඩ කරනුයේ මකබාසයා විනා අප නොවේ.. මොඩයන්හට පහදා දීමෙන් ඔහු යහමගට ගැනීම වැඩකට නැතිය... එම වැඩය මා නොකරනුයේ මකබාස්ව මකා හැදීමේ උවමනාවක් මට නැති බැවිනි.. වීදුරු ගෙවල්වල සිට අනුන්හට ගල් ගසන්නා මෝඩයෙක් වන්නා සේම තමා නිරුවතින් සිට ඇඳුම් ඇඳ සිටින්නන්ටද හිනා වෙන්නා මෝඩයෙකි... මෙසේ මකබාස්ලා තවත් සිටිය හැක.. ඔවුන්ට මම මින්මතු කිසිවක් නොලියනු ඇ...

බම්බුව....

හිතුමතේ වැඩ...... තාම තරුණයොනේ........... දෙදුන්නක් කෑලි කෑලි වලට කපලා බෙදාගෙන කන්න.... පාරේ ඇවිදගෙන යන ගමන් ඈතට ගලක් ගහන්න... සරමක් ඇඳගෙන තරුපහකට යන්න... සරමෙ වකුටුවෙලා බංකුවක නිදාගන්න... අපිට බෑලු............. අපි හිරවෙලා අපිට එලියට එන්න බෑ... ගොඩ ඒමක් නෑ.... අසම්මතයේ සම්මතවල ජීවත් වෙන්න හිතන්නවත් බෑ.... අපිට මොනා වෙලාද....? හිතුනොත් මම චතුර්මානයේ කුරුටුබලියක් ඇඳලා දානවා... බම්බුව.....

එපාවීම...

දඟලන හිත් කෑල්ල... පොතේ ඇස් දෙක... මේසෙ උඩ කොල ගොඩ.. Repeat වෙනවට බයේ ගෙදරට ඕනිවට... මොන මල මගුලක්ද... මේ විභාගය ....

හැඟුමන්....

5ක් එකතු වුනා තව හතර දෙනෙක් එකතු කරගෙන... රංගික අයියගෙ සිංදුවකට හැදුවා රූප පෙලක්... ඔන්න අපේ Multimedia Project එක

මම නැමී ඇත.....

නැගණිය ... එක බඩවැල කඩාගෙන ආපු.. ඇය වෙනුවෙන් මම නැමී ඇත... අම්මා තාත්තා .... තාමත් මට වියදම් කරන.... ඔවුන්ට මම නැමී ඇත ‍යහළුවන් ... දුකට සැපට සිටින.. උන්ට මම නැමී ඇත පෙම්වතිය ... තාමත් මට ආදරය කරන ආදරය නිසා මම නැමී ඇත... ඉතින්.... කොහෙද කෙලින් මිනිස්සු ...