
නැගණිය...
එක බඩවැල කඩාගෙන ආපු..
ඇය වෙනුවෙන් මම නැමී ඇත...
අම්මා තාත්තා....
තාමත් මට වියදම් කරන....
ඔවුන්ට මම නැමී ඇත
යහළුවන්...
දුකට සැපට සිටින..
උන්ට මම නැමී ඇත
පෙම්වතිය...
තාමත් මට ආදරය කරන
ආදරය නිසා මම නැමී ඇත...
ඉතින්....
කොහෙද කෙලින් මිනිස්සු...
8 comments:
ගෙවල් වල අන්තර්ජාලය නැතිකම නිසා සරස්වියේ වැඩ වැඩි වුනාම නිවාඩුවට එහෙම බ්ලොග් ලිවීම වගේම බැලීමත් නවතිනවා... ඔන්න දියත් කුලේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා... තියෙන හීන සියල්ලම සපුරා ගන්න පුලුවන් හොඳම අවුරුද්දක් වේවා....
මම කැමති එකෙක් උඹ.ලියමු දැනෙන්න ආයිත්.
ආ කොහොමහරි බ්ලොග් එක ලියන්න වෙලාව හොයාගෙන වගේ
මට සුට්ටක් පැහැදිලි මදිනේ..
මලී.............. හැමෝටම තම තමන්ගේ ස්වධීනත්වය අහිමි වෙලා.... ඒ එක්කෝ බැඳීම්... හරි වෙන මොනාහරි හේතුවක් නිසා වෙන්න පුළුවන්... ඉතින් කවුරුහරි... තමන් කෙලින් කියනවානම් ඒක කොච්චර දුරට හරිද.... කියන එක හිතන්න වෙනවා නේද...
මචං රස්ති..... එලකිරි... ස්තුතිය...
ආහා..!දැන් නම් හරියටම තේරුණා.. ඇත්ත ඇත්ත.. සහතික ඇත්තටත් වඩා ඇත්ත..!
හැබැයි මම නම් හිතන්නෙ පුද්ගලයකු ඉදිරියේ නැමීම කියන්නෙ නිවට කමට හෝ අසරණ කමට සිදු කරන දෙයක්. එය කිසිවිටකත් බැඳීම කරණකොටගෙන සිඳු නොවන බව මගේ නම් අදහස. හැබැයි කවදා හරි රස්සාවක් කරන දවසකට නම් බොසා ඉස්සරහා නැමෙන්න වෙනවා!
(නිවට කමට හෝ අසරණ කමට)
නැමෙනවා කියන්නේ ඇත්තටම ටිකක් විග්රහ කරන්න අමාරු දෙයක් මෙතන මම නැමෙනව කියන එකෙන් මම අදහස් කලේ කෙලින් න්න බෑ කියන එක අපිට ඇත්තටම අපිට ඕනි විදිහට වැඩ කරන්න බෑනේ...
Post a Comment