
"අක්කව ඇඩ්මිට් කරලා"
දවස් ගාණක ඉඳන් දැන් වෙයි දැන් වෙයි කියලා බලාගෙන හිටියත් එක පාර ආරංචිය ඇහුවම නිකං මාවත් කරකැවෙන්න පටන් ගත්ත හින්දා මම දම්මිනීට SMS ගහ ගහ මොහොතින් මොහොත අප්ඩේට් වුනා.
"හෙට මොනා වෙයිද..?"
නොවැම්බර් දහනමවැනිදා මහ රෑ එකොලහයි හයට "බනුලි" කියලා පුංචි කෙළිපැටික්කියෙක් මේ ලෝකෙ දකින්නට පටන් අරන්. මාරයිනෙ මමත් දැන් මාම කෙනෙක්... ඒකත් නරකම නෑ...!
"ඊයෙ හොඳ නැකැත් දවසක් වෙන්න ඇති.සීසර් කරපු අයම දාහතක්.."
අයියා එහෙම කිව්වෙ තමන්ගෙ කෙළිපැටික්කි ඉපදුනු ආඩම්බරේ හිතේ තියාගෙන වෙන්න ඇති. ඉතිං ආඩම්බර නැද්ද... සෙල්ලං නෑනෙ තාත්ත කෙනෙක් වුනාම.
"එහෙනම් ඊයෙ රාජයෝගයක් තියෙන්න ඇති. තව අවුරුදු තිහකින් ලංකාවට රජවරු දාහතයි රැජිණයි"
මම පුංචි විහිළුවක් කළා.
පොඩි එකීව අතට ගන්න ආස හිතුනත් බය හිතුන හින්දා මම තොටිල්ල වහලා තිබුනු නෙට් එක අස්සෙන් ලේලි පොඩ්ඩගෙ මුහුණ දිහා බලාගෙන හිටියා. ඇඟිල්ලක් උර උර හොඳටම නිදි..
මිනිහා උපදිනකොට කොච්චර දුර්වලද? මිනිහට තමන්ගෙ දෙපයින් නැගිටින්න කොච්චර කල් යනවද? ඒත් මිනිහා කොච්චර ප්‍රබල වෙන්න දඟලනවද? පුංචි එකී දඟලන්න ගත්තම මම කල්පනා ලෝකෙන් එලියට විසිවුනා.
"දුවේ මාමා යන්න හදන්නෙ."
දම්මිනීගෙ අම්ම එහෙම කියද්දී අන්තිමට මමත් මාමෙක් වුනා නේද කියලා මට හිතුනා. යන්න කලින් ආයි කෙල්ලව වඩාගන්න හිතුනත් වැටෙයි කියලා හිතුන නිසා වඩාගත්තෙ නෑ.. ඒ වෙනුවට මම ලේලි පොඩ්ඩ ලඟට ගිහින් පුස් බැඳිලා වගේ සුදුපාට තිත් තිත් වැටිලා තිබුනු ඇබිති නහය අල්ලලා එන්න පිටත් වුනා..
කිටියා වෙල්කම් ටු සිංහල බ්ලොගින්....
සාදරයෙන් පිළිගන්නවා
වෙලාව තියෙන හැට්යට ලියමු.
එල එල කිටී. . . ලියපං ලියපං. . . අපි බලාගෙන ඉන්නවා
පුළුවන් විදිහට ලියන්න අපි ඉන්නව කියවන්න.
අම්මට සිරි!!
ඇඹලෙ අයියගෙ blog එක...
කාලයක් නොදැක ඉදලා සයිබර් වනාන්තරයක දි වත් මුන ගැහුණම පුදුම සතුටක් දැනෙන්නෙ...
ජය වෙවා හැම දේකටම...
කෙභෙළිය
http://galpotha.wordpress.com
කෙහෙලිය නේද මේ... මම හිතන්නේ අපි ලඟදීම හම්බවෙයි... බලමු ලෝකය හිතනවට වඩා පොඩියිනෙ...